2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා

2018 ට සුබ පැතුම්!

 2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 583

 

මුල්ම සුබ පැතුම මග්‍ෙ පණට

නිලන්ති ඩයස්

2018 වසරේදී මම මුලින්ම විෂ් කරන්නේ මගේ බබාටයි. එයා තමයි දැන් අපේ පණ. ඉතින් ඒත් එක්කම මම මගේ ආදරණීය රසික රසිකාවියන්ටත් විෂ් කරනවා. 2018 වසර හැමෝගේම හිතේ තියෙන ප්‍රාර්ථනා සාර්ථක වෙන හැමෝගෙම හිතට සතුට ලැබෙන, දුක තුරන් වෙන නිරෝගීමත් වසරක් හැමෝටම උදාවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.

අම්මි තරම්  සුබ පතන්න  ව‍ෙන කෙනෙක් නෑ

දමිතා අබේරත්න

හැම අවුරුද්දෙම මම මුලින්ම විෂ් කරන්නේ මගේ අම්මට. එයා තමයි මට මගේ ලෝකේ. ඉතින් මේ අවුරුද්දෙත් මම මුලින්ම විෂ් කරන්නේ මගේ අම්මිටම තමයි. මමත් මගේ රසික රසිකාවියන්ට මගේ මුළු හදවතින්ම සුභ පතනවා. ආදර හැමෝගේම හිත්වල තියෙන යහපත් ප්‍රාර්ථනා ඒ අයුරින්ම ඉටුවෙන, හිතට දුකක් කලකිරීමක් ඇති නොවන ගෙවල්වල සාමය සතුට ඉතිරෙන සුභම සුභ 2018 අලුත් අවුරුද්දක් උදාවේවා....!

ඉස්සරලාම විෂ් කරන්න්‍ෙ රයිනිට

නිරංජනී ෂන්මුගරාජා

මේ අවුරුද්ද ලබද්දීත් (2017) මම මුලින්ම විෂ් කළේ රයිනිට (රයිනි චාරුකා ගුණතිලක) රයිනි තමයි මගේ හොඳම යාළුවා. ඉතින් 2018 අවුරුද්දෙත් මම මුලින්ම විෂ් කරන්නේත් ගොඩක් වෙලාවට එයාටම තමයි. අපි 31 වැනිදා රෑට යාළුවෝ කට්ටිය එකතු වෙනවා. ඉතින් රෑ 12.00 ලබද්දිම අපි විෂ් කරගන්නවා. ඉතින් මේ ලබන්නා වූ 2018 අවුරුද්ද මේ මගේ ආදරණීය රසික රසිකාවියන්ට හැමදාම හැම දවසක්ම හරිම සතුටින් ඉන්න ලැබේවා කියලා මම සුභ පතනවා.

එක හස්බන්ඩ් ද‍ෙක දරුවෝ

අෂිකා මතසිංහ

මම මුලින්ම සුභ පතන්නේ නම් මගේ හස්බන්ඩ්ට. ඊට පස්සේ මම මගේ දරුවන්ට සුභ පතනවා. ඉතින් මම මේ අලුත් අවුරුද්දට මගේ ආදරණීය රසික රසිකාවියන්ට සුභ පතනවා. කිසිම දුකක් කරදරයක් නැතිව හිතේ සතුටින් ජීවත් වෙන්න, පාසැල් දරුවන්ට තමන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගෙන යන්න පුළුවන් වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා 2018 වසරට මම ප්‍රාර්ථනා කරනවා. ගෙදර සාමය සතුට වැඩිවෙන සුභ අලුත් අවුරුද්දක් වේවා....!

හිනාව‍ෙලා සතුටින් ඉන්න ලැබ්වො!

නයනතාරා වික්‍රමාරච්චි

2017 අවුරුද්දෙත් මම මුලින්ම විෂ් කළේ මගේ අම්මිටයි. ඉතින් 2018 අවුරුද්දටත් මම මුලින්ම විෂ් කරන්නේ මගේ අම්මිටයි, තාත්තිටයි. මේ ලබන්නා වූ 2018 අලුත් අවුරුද්ද අනිත් සියලු අවුරුදුවලට වඩා ජීවිතයට අලුත් වටිනාකමක් එකතුවෙන, අවුරුද්ද පුරාවටම හිනාවෙලා සතුටින් ඉන්න පුළුවන් වසරක් මගේ ආදරණීය රසික රසිකාවියන්ට වගේම හැමෝටම උදාවේවා කියලා මම මගේ මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

බෙල්ල බදාගෙන විෂ් කරනවා

නිලුක්ෂි ප්‍රනාන්දු

මම මේ අවුරුද්දෙත් මුලින්ම අවුරුද්ද ලබපු ගමන් සුභ පතන්නේ මගේ චූටි දෝණිට තමයි. එයත් මග්‍ෙ බෙල්ල බදාගෙන ගිය අවුරුද්දෙත් විෂ් කළා. ඉතින්... ලෝකවාසීන් සියලුදෙනාට මේ ලබන්නා වූ 2018 වසර ලෙඩ දුක් නැති, ආපදාවලට මුහුණනොදෙන, හිතේ සතුට හැමවෙලේම තියෙන, දුක් කරදර නැති වාසනාවන්ත සුභම සුභ වසරක් වේවායි ප්‍රාර්ථනා කරනවා.

අම්මට යාළුවන්ට නෑදෑයින්ට ඔක්කා‍ෙටම සුබ පැතුම්

ලක්ෂ්මන් හේවාවිතාරණ

2018 වසරේ මම මුලින්ම විෂ් කරන්නේ මගේ ආදරණීය අම්මටයි. ඊට පස්සේ ඉතින් මම අනිත් මගේ යාළුවන්ට, නෑදෑයින්ට එහෙමත් විෂ් කරනවා. මේ 2018 අවුරුද්දේ මගේ ආදරණීය රසික රසිකාවියන්ට මගේ පැතුම වන්නේ 2017 වසරටත් වඩා වාසනාවන්ත සතුටුදායක හිතේ කරදර නැති නිරෝගිමත් වසරක් වේවායි කියලයි. ඒක තමයි මගේ මුළු හදවතින්ම මම කරන අලුත් අවුරුදු ප්‍රාර්ථනාව වන්නේ.

මුල්ම සුබ පැතුම Wifeට

රජිත හිරාන් චාමිකර

2018 අවුරුද්දේ මම මුලින්ම සුභ පතන්නේ මගේ වයිෆ්ටයි මගේ දරුවන්ටයි. ඒ වගේම මම මගේ ආදරණීය රසික රසිකාවියන්ටත් මගේ මුළු හදවතින්ම සුභ පතනවා. මගේ ආදරණීය රසික රසිකාවියන්ට 2018 අවුරුද්ද කිසිම දුකක් කලකිරීමක් නැති හැමදාමත් හිතේ සතුට තියෙන, ජීවිතේට එන අභියෝගවලට, ප්‍රශ්නවලට සාර්ථකව මුහුණදෙන ඉතා වාසනාවන්ත වසරක් වේවායි කියලා මම ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා.

► Text -Dishani / Pic- Sumudu / Internet

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00