2018 ජනවාරි 06 වන සෙනසුරාදා

සිඳු තෙර

 2018 ජනවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 92

ජනේරුව ඇවිත් දොරකඩ 
අඬගසයි හීන යායට 
ආදරේ පාට ඇස් අග 
සුබ උදෑසනක් අරගෙන 
සිනාසෙන සොඳුරු උදයක...

කඳුළු බර වැඩියි දැන් මට 
අසෙනි වැහි තරම් වැගිරෙන 
ජීවිතේ සීතලට මෙතරම් 
කඳුළු කුමකට ද හිතවත 
සිනා කොඳ කැකුළු මඟහැර...

මුදාහැර මෙදුක් පිරිපත 
හඬන්නට හිතයි දැන් මට 
හිස තබා ආදරෙන් උරහිස 
ආදරේ තරම් ඉසුරක් 
නෑ ලොවේ තවත් සුන්දර 

I Saara