2018 ජනවාරි 06 වන සෙනසුරාදා

එයා සෝයා...... මෙයා ටයිගර්..... ඉතින් ඊට පස්සේ

 2018 ජනවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 115

අවිනාෂ් සිං රාතෝර් හෙවත් ටයිගර් කියන්නේ තමන් ජීවත් වෙන පළාතේ හැම යුවතියක්ම තමන්ගේ හස්බන්ඩ් කරගන්න සිහින දකින ජාතියේ තරුණයෙක්. අම්මලා තමන්ගේ දුවව එයාට කරකාරේ බන්දලා දෙන්න සිහින දැක්කත් තාත්තලා නම් හිතන්නේ එයා වැඩකට නැති නෝන්ජල් මනුස්සයෙක් කියලයි. මොකද හිටිගමන් අවිනාෂ් එකපාරටම අතුරුදන් වෙනවා. ආපහු කාලෙකින් තමයි එයා ගෙදරට එන්නේ. ඒකට හේතුවක් තියෙනවා. ටයිගර් ඉන්දියාවේ රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් නිල නොලත් රාජකාරියක් කරන ගොඩාක් දක්ෂ නිලධාරියෙක්. ඒහින්දා හිටිගමන් ටයිගර්ට රාජකාරී කටයුතුවලට එක එක රටවල්වලට යන්න වෙනවා. අන්න එහෙම ගිය වෙලාවක තමයි මේ තනිකඩ කඩවසම් අතිදක්ෂ තරුණයගේ හිතට කරන්ට් එකක් වදින්නේ. 

හිතට කොහොමද කරන්ට් එක වදින්නේ කියලා ඔයාලා දැන් කල්පනා කරනවා ඇති. ඇත්තටම මම කියන්න හැදුවේ එයා දකිනවා ලස්සන තරුණියක්. එයා සුරදූතියක් විදියටයි ටයිගර්ට පේන්නේ. දෙන්නා ආදරය කරන්න පටන් ගන්නවා. ඒ සුරූපී කෙල්ලගේ නම සෝයා. සෝයා පාකිස්තානයේ රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් තියෙන ඒජන්සියක සේවය කරන තරුණියක්. මේ දෙන්නගේ ආදරයට රටවල් දෙකින්ම වරුද්ධ වෙන්වා. රටවල් දෙකේ එයාලා දෙන්නා වැඩ කළා. ඒජන්සි දෙකෙන්ම සෝයාවයි ටයිගර්වයි මරන්න හදනවා. ඒ හින්දා මේ දෙන්නා එක එක රටවල්වලට පැනලා යනවා. ඒත් ඒ දෙන්නා පස්සෙන් ඉන්දියාවෙයි පකිස්තානෙයි එයාලා වැඩ කළ රහස් ඒජන්සිවල නිලධාරීන් එයාලා දෙන්නව මරන්න එනවා. ඒත් ටයිගර් සෝයාත් එක්ක විවාහ වෙනවා. 

ඔයාලා රහ කර කර කියෙව්වේ එක්තා ටයිගර් කියන මෙන්න මේ අලුතෙන් රිලීස් වුණු ටයිගර් සිංදා හේ කියන ෆිල්ම් එකේ මුල් කොටස ගැනයි. මේ දවස්වල අලෙවි වාර්තා තියමින් ටයිගර් සිංදා හේ සිනමාපටය තිරගත වෙනවා. මේ ලස්සන සිනමාපටයේ කතාව තිරරචනය අධ්‍යක්ෂණය අලි අබ්බාස් සෆර්ග්‍ෙ. ඒ වගේම මේ සිනමාපටය යාෂ් රාජ් ෆිල්ම් වෙනුවෙන් නිෂ්පාදනය කරලා තියෙන්නේ ආදිත්‍ය චොප්රා. ඒ වගෙම තව පොඩ්ඩෙන් අතපසුවීමක් වෙනවා. මේ සිනමාපටය අලි එක්ක තිරරචනය කරන්න නීලේෂ් මිශ්‍රාත් එකතුවෙලා තියෙනවා. 2017 දෙසැම්බර් 22 වැනිදා තිරගත වුණු මේ සිනමපටයේ ගීත සප්ත ස්වරයෙන් හැඩකරලා තියෙන්නේ විශාල් සහ ෂේකර් කියන අතිදක්ෂ සංගීතවේදී දෙන්නා.

ඉන්දියානු රුපියල් කෝටි 150ක් වියදම කරලා හදලා තියෙන මේ සිනමාපටය දවස් කිහිපයක් ඇතුළත ඉන්දියානු රුපියල් කෝටි 92ක් උපායාගෙන අලෙවි වාර්තාවල ඉහළින්ම ටයිගර් සිංදා හේ කියන නම සටහන් කරන්නට සමත් වෙලා තියෙනවා. ඒකට විශේෂ හේතුවක් තියෙනවා. ඒ තමයි මේ සිනමාපටයේ ප්‍රධාන නළුවා කවුරු කියලද හිතන්නේ මෙයත් ඛාන් කෙනෙක්. හින්දි සිනමාවේ ඔටුනු නොපළන් රජු ලෙසයි සිනමා කර්මාන්තයට සම්බන්ධ අය මොහුව හඳුන්වන්නේ. 1965 දෙසැම්බර් 27 වැනිදා ඉන්දියාවේ මධ්‍ය ප‍්‍රදේශවල ඉන්ඩෝරේවලදී ඉපදුණු මේ කඩවසම් නළුවා දැන් නම් ඉන්නේ ඉන්දියාවේ මහරාෂ්ට‍්‍ර ප‍්‍රාන්තයට අයත් මුම්බායීවලයි. නළුවෙක්, නිෂ්පාදකයෙක්, ගායකයෙක් සහ වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් ද වන ඔහු ජීවිතේ පළවෙනි වතාවට ෆිල්ම් ෆෙයාර් සම්මනයක් හිමිකර ගන්නේ 2016 වසරෙදියි. 1988 වසරේදී තමයි ඔහු හින්දි සිනාමවට පය තියන්නේ. 

මෙන්න මේ සිනමාපට මතකයිද බලන්න. මම මෙ කියන්න හදනකෙනා මේ සිනමාපටවල නම් ටික කියෙව්වම ඔයාට අමතක වෙන්නම් බැහැ.

Biwi Ho To Aisi (1988), Maine Pyar Kiya (1989), 1990 Hum Aapke Hain Koun, Karan Arjun (1995), comedy Biwi No.1 (1999), Hum Saath-Saath Hain (1999), Kuch Kuch Hota Hai (1998), (2002) Hum Tumhare Hain Sanam, Tere Naam (2003), Mujhse Shaadi Karogi (2004), No Entry (2005), Dabangg (2010), Bodyguard (2011), Ek Tha Tiger (2012), Kick (2014), Prem Ratan Dhan Payo (2015), Bajrangi Bhaijaan (2015), Sultan (2016).

ඒ ඔහු තම දක්ෂතාවයන් අපේ මතකපොතට එකතු වුණු සිනමාපට කිහිපයක් විතරයි. තවත් අටුවාටිකා ටිප්පනි මොනවටද? මෙන්න මේ කියන කෙනා ගැන තමයි මම මෙච්චර වෙලා කිව්වේ.
සලීම් ඛාන් සහ සුෂිලා චරක්ට දාව උපන් අබ්දුල් රෂීද් සලීම් සල්මාන් ඛාන් තමයි මේ සිනමාපටයේ ටයිගර්. ඒවගෙම කියන්නම ඕන සිනමාවට ඔහුගේ සහෝදරයන් වන අබ්බාස් ඛාන් වගේම සොහෙල් ඛනුත් සම්බන්ධයි. ඒවගේම ඔහුට සහෝදරියන් දෙන්නෙකුත් ඉන්නවා. ටයිගර් ගැන ඔයාල දන්න හින්දා ටයිගර්ගේ ප්‍රේමවන්තිය ගැන නොකියාම බැහැනේ. ඒත් ටයිගර් ජීවිතේදී මේ සිනමාපටයේ ප්‍රේමවන්තු  ‍ගේ   වුණත් 1983 ජූලි 16 වැනිදා හොංකොංවලදී ඉපදිලා තියෙන ඇය ලන්ඩනයේ පදිංචිකාරියක්. 2003 ඉඳන් හින්දි සිනාමාවට සම්බන්ධ වුණු ඇය නිළියක් වගේම නිරූපණ ශිල්පිනියක්. මෙන්න මේ සිනමාපටවල හිටිය සුරූපී කෙල්ලව මතකයිද කියලා බලන්න.

Maine Pyaar Kyun Kiya? (2005), Namastey London (2007), New York (2009), Ajab Prem Ki Ghazab Kahani (2009), Raajneeti (2010), Zindagi Na Milegi Dobara (2011), Mere Brother Ki Dulhan (2011), Ek Tha Tiger (2012),  Dhoom 3 (2013).

කත‍්‍රිනා තුර්කිට්ටේ නමින් ඉපදුණත් ඇය හින්දි සිනමාවට ඇය පා තබන්නේ කත‍්‍රිනා කයිෆ් නමින්. අයිෆා ෆිල්ම් ෆෙයාර් සම්මාන ඇතුළු සිනමා රාශියක් හිමිකරගෙන ඉන්න කත‍්‍රිනා සැබෑ ජීවිතේ දී ජනප‍්‍රිය හින්දි සිනමා නළුවෙක් වන රන්බීර් කපූර්ගේ ප්‍රේමවන්තිය බව ප‍්‍රසිද්ධ රහසක්නේ. මේ රහස රහසක් නොවන්නේ කත‍්‍රිනාගේ රූගත කිරීම් තිබුණු (ටයිගර් සින්දා හේ සිනමාපටයේ) අබුඩාබී, ඔස් ට්‍රේලියා ග‍්‍රීසිය, මොරොක්කෝ, තැන්වලට තමන්ගේ රූගත කිරීම් අතරතුර රන්බීර් එන හින්දයි. 
2015 ඉඳන් තමයි මේ දෙන්නගේ අදර කතාව පටන් ගන්නේ. ඒවගේම කියන්න ඕනේ මේ සිනමා පටයේ රූගත කිරීම් අතරතුර කත‍්‍රිනා මේකප් පවා නොකොට තම දර්ශන රූගත කරලා තියෙනවා. ඒවගෙම මේ සිනමාපටයේ ෆිර්දාස් හෙවත් තෝබාන් ලෙසින් පරේශ්රාවල්, ඇතුළු තවත් ජනප‍්‍රිය නළු නිළියන් කිහිපපොළක්ම රංගනයෙන් දායකවෙලා තියෙනවා. මේ සිනමාපටයේ එන රසවත් ගීතවල රහ වැඩි කරන්න තමන්ගේ කන්කළු හඬ මුසු කරලා තියෙන්නේ මෙන්න මේ කට්ටියයි. විශාල් දඩ්ලානි, නේහා භාසින්, අතීෆ් අස්ලාම්, සික්වින්දර් සිං, ශ‍්‍රියා ඝෝෂාල්, ජයෝති නූරන් කියන ගායක ගායිකාවන් ගැයූ රසවත් ගීත මේ සිනමාපටය බලන ගමන් රස විඳින්නත් ඔයාට පුළුවන්. අපේ රටෙත් මේ සිනමාපටය තිරගත වෙන හින්දා ඔයාටත් පුළුවන් බලන්න. 

මේ සිනමාපටයට මුලින්ම ඉන්දියාවේ ශිවසේනා කියන දේශපාලන පක්ෂය පකිස්තානයට මේ සිනමාපටයෙන් සහයෝගය දෙනවා කියා විරෝධතාවයක් දැක්වුවද සිනමාපටය නැරඹීමෙන් අනතුරුව ඔවුන්ගේ යහපත් ප‍්‍රතිචාරයක් ලැබුණා. ඒවගේම මේ සිනමාපටය ගැන ඉන්දියාවේ සිනමා විචාරකයින් කියාඇත්තේ මේ සිනමාපටය ද එක්තා ටයිගර් මෙන්ම සාර්ථක වන බවත් අලි විසින් යාෂ් රාජ් සිනමා නිෂ්පාදන ආයතනය හා එක්ව සුවිසල් වියදමක් කොට සාර්ථක සිනමාපටයක් නිපදවා ඇති බවත්. 

► Translation — Chandana waravitage

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00