2018 වසරේ ප්‍රදර්ශනයවීමට නියමිත චිත්‍රපට අතර මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ “බිම්බා දේවී හෙවත් යශෝධරා* සිනමාපටය සුවිශේෂී වන්නේය. බෞද්ධ සාහිත්‍යයක සිද්ධාර්ථ - යශෝධරා පූජනීය ප්‍රේම වෘතාන්තය වන මෙම චිත්‍රපටය නිෂ්පාදනය වන මෙම චිත්‍රපටය නිෂ්පාදනය කළේ එච්.ඩී. ප්‍රේමසිරිය. 2018 වෙසක් උළෙල නිමිත්තෙන් අප්‍රේල් මස 26 වැනිදා සිට දිවයින පුරා ඊ.ඒ.පී. මණ්ඩලයේ සිනමාහල්වල “බිම්බාදේවී හෙවත් යශෝධරා* තිරගතවීමට නියමිතය.
ප්‍රවීණ සිනමාවේදී බෙනට් රත්නායකගේ “නෙලා* චිත්‍රපටය නුදුරේදී සී.ඊ.එල් මණ්ඩලයේ සිනමාහල්වල ප්‍රදර්ශනය වීමට නියමිතය.
තුමිඳු දොඩන්තැන්න, උදාරි පේරේරා, සේමිණි ඉද්දමල්ගොඩ, උදාර රත්නායක ඇතුළු ජනප්‍රිය නළු නිළියන් රැසක් “නෙලා* චිත්‍රපටයට රංගනයෙන් දායක වෙති. පසුගිය වසර දෙක තුන තුළ වැඩිම චිත්‍රපට ගණනාවක් නිෂ්පාදනය කළ ආචාර්ය අරෝෂ ප්‍රනාන්දුගේ චිත්‍රපට 7ක් මේ වසරේ තිරගත වීමට නියමිතව තිබේ.
අනුරුද්ධ ජයසිංහ අධ්‍යක්ෂණය කළ “එක දවසක අපි* ඉන් මුලින්ම ප්‍රදර්ශනය වනු ඇත. පුබුදු චතුරංග සහ නයනතාරා වික්‍රමආරච්චි මෙහි ප්‍රධාන චරිත රඟපාති.
අප අතරින් හදිසියේ වියෝවූ ප්‍රවීණ රංගන ශිල්පී විජය නන්දසිරි ප්‍රධාන චරිතය රඟපාන ලකී ඩයස් අධ්‍යක්ෂණය කළ “බ්‍රේකිං නිව්ස්* චිත්‍රපටය ද ආචාර්ය අරෝෂගෙ සාඩම්බර නිෂ්පාදනයකි.
ඔහුගේ අනෙක් චිත්‍රපට පහ අතර උපාලි ගම්ලත් අධ්‍යක්ෂණය කළ “ගුරු ගීතය*, නලින් මාපිටිය අධ්‍යක්ෂණය කළ “තානාපතිලාගේ ගෙදර*, කීර්ති බණ්ඩාරගේ “හෙලෝ මිස්ටර් මම ඩිරෙක්ටර්*, රවී චන්ද්‍රසිරිගේ “රක්ෂා* සහ අර්ජුන කමලනාත්ගේ “ආශාවේ මායා* වේ.
සුනිල් අරුණ වීරසිරි ප්‍රවීණ නිෂ්පාදකවරයාගේ මුල්ම සිනමා අධ්‍යක්ෂණය “හිතුවක්කාරී* ද මෙම වසරේ තිරගත වීමට නියමිතය. ශ්‍රියාණි අමරසේන, ලකී ඩයස්, ජගත් චමිල, ශේෂාද්‍රී, රොඩ්නි වර්ණකුල, දුලීකා මාරපන, ඇන්ටන් ජූඩ්, සුජානි මේනකා, අංජුලා රාජපක්ෂ ඇතුළු නළු නිළියන් රැසක් “හිතුවක්කාරී* චිත්‍රපටයට රංගනයෙන් දායක වෙති.
නීටා ප්‍රනාන්දු නිෂ්පාදනය කළ “ස්වර*, අර්ජුන කමලනාත් අධ්‍යක්ෂණය කළ “කුසල්*, මලිත් හෑගොඩගේ “දැකලා පුරුදු කෙනෙක්*, විශ්ව බාලසූරියගේ “සෙවණැලි* චිත්‍රපටයද 2018 වසරේදී ප්‍රදර්ශනයට සූදානම්ය.
මෑතකදී නව දිල්ලි සිනමා උළෙලේදී හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍රවූ ආචාර්ය සෝමරත්න දිසානායකගේ “අන්ඩපෑන්ට් තීෆ්* (ජංගි හොරා) චිත්‍රපටය ද මේ වසරේදී තිරගත වීමට නියමිතය. උදයකාන්ත වර්ණසූරියගේ චිත්‍රපට ද්විත්වයක් “වස්සානේ සඳ* හා “මධුර චාරිකා* - 2018 වසරේදී ප්‍රේක්ෂක හමුවට එන තවත් චිත්‍රපට දෙකක් රෝයි ද සිල්වා හා සුමනා අමරසිංහ ඉදිරිපත් කරන “සිහින ලොවක් සොයා* හා “ටොම් පචයෝ* චිත්‍රපට ද්විත්වය ද 2018 වසරේ දී ප්‍රදර්ශනයට සූදානම්ය.
සුසිල් ප්‍රේමරත්නගේ “වැලි පවුරු*, සරත් ධර්මසිරිගේ “සූවිසි විවරණ*, දේවින් ද කෝන්ගහගේ “භවාන්තරණ*, සුනෙත් මාලිංගගේ “නිදහසේ පියා*, නාලක විතානගේ “සරුංගල්, නිර්මාල් රාජපක්ෂ “යෝධයින්ගේ අඩවිය, සුමිත්‍රා රාහුබද්ධගේ “කන්දක් සේමා ධම්මික අතපත්තුගේ “ටවුමේ ඉස්කෝලේ, සංජීව පුෂ්පකුමාරගේ “ඉගිලෙන මාලුවෝ*, ප්‍රගීත් රත්නායකගේ “ආදරෙයි මං, ප්‍රසන්න විතානගේ, අශෝක හඳගම හා විමුක්ති ජයසුන්දර අධ්‍යක්ෂණය කළ “3 දෙනෙක්* මෙම වසරේදී අප හමුවට එන අනෙකුත් චිත්‍රපට අතර වේ.
► Text – Ramesh Uvais/ Pic – Internet