මම ගෑනු ළමයින්ට ආදරෙයිද? නැද්ද? කියලා මට කියන්න තේරෙන්නේ නෑ. හැබැයි ගෑනු ළමයි එක්ක ඒ ගෙවෙන මොහොතට මම ආදරේ කළා. ඊට පස්සෙ ඒ අය ජීවිත කාලෙම මගෙන් ආදරේ ඉල්ලන් පස්සෙන් එන එකට තමයි මම අකමැති වුණේ.
මගෙ ජීවිතේ සිරා ලව් නෑ. ඉන්නව නම් ඉන්න පුළුවන් . නැත්තම් යන්න පුළුවන්
ඒ ගිම්හානයේ ගෙවිච්ච ලස්සනම දවස් ටික. විශ්වවිද්‍යාලයේ අන්තිම විභාගෙත් ලිව්වට පස්සෙ මමයි මගෙ යාළුවො ටිකයි තීරණය කළා, කඳුකරයේ නිවාඩුවකට යන්න. කොහොමත් විභාගවලින් හෙම්බත්වෙලා තියෙන හිතයි ගතයි දෙකම සැහැල්ලු කරගන්න පුළුවන් නිවාඩුවකට විතරයි.
ඒ ගෙවන සති දෙක තුන කඳුකරයේ ලස්සන ගෑනු ළමයෙක් එක්ක ගත කරන්නත් මට ඕනකම තිබුණා. ගෑනු ළමයි මම සම්බන්ධව යහපත් ප්‍රතිචාරයක් දැක්වුවෙ නැත්තේ මම සල්ලාලයෙක් කියලා ඒ අය හිතපු නිසා. මම ගෑනු ළමයින්ට ආදරෙයිද? නැද්ද? කියලා මට කියන්න තේරෙන්නේ නෑ. හැබැයි ගෑනු ළමයි එක්ක ඒ ගෙවෙන මොහොතට මම ආදරේ කළ. ඊට පස්සෙ ඒ අය ජීවිත කාලෙම මගෙන් ආදරේ ඉල්ලන් පස්සෙන් එන එකට තමයි මම අකමැති වුණේ.
ඇණ්ඩ් උඹ ඔය කරන වැඩේ හරි නෑ. අර මේරි කොච්චර හොඳ කෙල්ලෙක්ද බලපන්. ඇයි උඹ ඒකිටවත් සිරා ලව් නැත්තේ.
මගෙ ජීවිතේ සිරා ලව් නෑ. ඉන්නව නම් ඉන්න පුළුවන් . නැත්තම් යන්න පුළුවන්
මම හැමෝටම කිව්වෙ ඒ විදිහට. ඇත්තටම මට ජීවිතේ සීරියස් ආදරේ ඕන වුණේ නෑ. මට පවුල් ජීවිතයක් කියන එක අවශ්‍ය වුණේම නෑ. ඒ මගේ හැටි. කොහොම හරි අපි කඳුකරයේ නිවාඩුවට යන්න පිටත් වුණා. අපි ගියේ දුම්රියෙන්. දුම්රිය පෙට්ටි දෙක තුනක්ම අපි කලින් වෙන් කරගෙන තිබුණා. ගිටාර් ගගහ, සින්දු කිය කියා අපි පෙට්ටියෙන් පෙට්ටියට යද්දී දුම්රිය මගීනුත් අපිත් එක්ක එකතු වුණා. අන්න ඒ අතරෙ තමා මම ඒ කෙල්ලව දැක්කෙ. ඇය හිටියෙ දුම්රිය පෙට්ටියේ යුගල අසුනක කෙළවරේ. දණහිසටත් ටිකක් උඩින් ඇඳුම් අඳින කෙල්ලො අතරෙ ඇය හිටියෙ රෝස පාට දිගම දිග ගවුමක් ඇඳගෙන. සුදුත් රෝසත් මිශ්‍ර සළුවකින් ඇය ගෙල වහගෙන හිටියා. ඇත්තටම මම ඇයව දැක්කෙ කඳුකරයේ අලුතින්ම පිපුණු රෝස මලක් වගේ. මම බලාගෙනම හිටියෙ ඇය දිහා.
මොකද ඇණ්ඩ් ඔක්කොම චොයිස් වෙනස් කරන්න හිතිලා වගේ...
මගේ යාළුවො මට හිනා වුණා. මම ආශ්‍රය කරපු හැම කෙල්ලෙක්ටම වඩා ඇය වෙනස් සරල චාම් කෙල්ලෙක් නිසා මට ඕන වුණේ ඒ නිවාඩු කාලය ඈ එක්ක ගෙවන්න. මම ඇයත් එක්ක කතාවට වැටුණම තමයි මම දැනගත්තෙ ඇය අපි ඒ නිවාඩුව ගත කරන්න යන කඳුකර ගමේ ගෙදර ගොවි මහත්තයගෙ දුව කියලා. මගේ සැලසුම හිතුවටත් වඩා ඉක්මනට ක්‍රියාත්මක කරන්න පුළුවන් එක ගැන මට දැනුණෙ ලොකු සතුටක්.
ඔයා හරිම ලස්සනයි.
මම එහෙම කිව්වම ඇය හිනා වුණා. ඒ හිනාව දිගේ මට ඕන වුණේ හුඟක් දුර යන්න.
මම කැමතියි මේ නිවාඩුව ඔයා එක්ක ගත කරන්න. ඔයා මොකද හිතන්නෙ.
ඒකටත් ඇය හිනා වුණා.
ඔයාට මෙහේ ගොඩක් ලස්සන තැන් බලන්න පුළුවන්. මම ගැන හිතන්න එපා.
ඇය කිව්වෙ අන්න ඒ වගේ පණ්ඩිත කතාවක්. කෙල්ලන්ගෙ ලොකුකම් පණ්ඩිතකම් අහලා මට පුරැදු නෑ. කොයි විදිහෙන් හරි මේ ගෑනු ළමයව මේ දවස් ටිකට විතරක් මගේ ළඟින් තියාගන්නවා කියලා මම හිතාගත්තා.
අපි බහින තැන ළං වෙනකල් මම ඇයට මගේ හිතේ ඈ වෙනුවෙන් ඉපදෙන හැඟුම් මොන තරම්ද කියලා කිව්වා. ඒ හැම එකටම ඇය කළේ හිනාවෙන එක විතරයි. මට ඕන වුණේ ඉක්මනට ඈ එක්ක තනි වෙන්න. මීටත් වඩා ආඩම්බර කෙල්ලො මම ළඟ දණින් වැටිලා තියෙන නිසා මේ කෙල්ල මට හරි ලේසියි කියලා මම හිතුවා. අපේ නැවතුමට ආවට පස්සෙ හැම කෙනාම දුම්රියෙන් බැස්සත් ඈ විතරක් පෙට්ටියේ ඉඳගෙන හිටියා.
ඇයි ඔයා බහින්නේ නැද්ද?
ඔයා බහින්න. මම බහින්නම්.
එහෙම කියලා ඇගේ දෑස් දුම්රිය නැවතුම පුරාම දිව්වා. ඊළඟ මොහොතේ තරමක් මහලු අයෙක් දුම්රිය පෙට්ටියට නැග්ගා.
කරදරයක් වුණේ නෑ නේද පුතේ... කෝ මම ඔයාව ගන්නම්. අපේ ගෙදර නවතින්න එන කැම්පස් ළමයි ටිකත් මේකෙමයි ආවේ.
එහෙම කියලා ඒ පුද්ගලයා අර ලස්සන ගෑනු ළමයව හරහට ඔසවා ගත්තා. දිගම දිග රෝස ගවුම එහෙට මෙහෙට වෙද්දියි මම දැක්කෙ ඇගේ දෙපා අවසඟ විත්තිය. මම මෙච්චරවෙලා හිතෙන් කාමුක හැඟීම් පුරෝගෙන තියෙන්නේ මේ දෙපා අප්‍රාණික කෙල්ල එක්ක නේද කියලා දැනුණම මට දැනුණෙ මාත් එක්කම තරහක්. මම ගොවි මහත්තයා ළඟට ගිහින් ඔහු වඩාගත්ත ඇයව මගේ දෝතට ගත්තා.
මේ නිවාඩු කාලෙම මම ඔයාව බලාගන්නවා. මම ඇගේ කනට කෙඳිරුවා.
Text – Thanu