සාහිත්‍ය කීර්ති ඩබ්ලිව්.ඒ. සිල්වාගේ ජනප්‍රිය නවකතාවක් වූ ‘විජයබා කොල්ලය’ කෘතිය ඇසුරෙන් සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් අධ්‍යක්ෂණය කරනු ලබන ‘විජයබා කොල්ලය’ සිනමා පටයේ මුහුරත් උළෙල බම්බලපිටිය, මතුර හෝටල් ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්විණ. 2018 වසරට යෙදෙන සිංහල සිනමාවේ 71 වැනි ජන්ම දිනය සමරමින් මෙරට ජ්‍යෙෂ්ඨ කලාකරුවන් කීපදෙනෙකු එක්ව මෙහිදී කේක් ගෙඩියක් ද කැපුවේය.
විශ්වනාත් බුද්ධික කීර්තිසේන විධායක නිෂ්පාදනයෙන් ද, අචාර්ය බුද්ධි කීර්තිසේන නිෂ්පාදනයෙන් ද මේ සඳහා දායක වන අතර මෙරට ප්‍රවීණ මෙන්ම ජනප්‍රිය නළු නිළියන් රැසක් විජයබා කොල්ලයේ විවිධ චරිත වලට පණ පොවති. අද අපේ event of the week වෙන්වෙන්නේ ‘විජයබා කොල්ලය වෙනුවෙනි.
I Romesh Dhanushka Silva