නොකියා කියන රහස
නොදන්න කතන්දරේ
කියන්න එක මොහොතක්
අහන් හිඳින්නම්
අළු පාටින් වලාකුළක්
වැස්සක් ගැන කියද්දී
ආදරයෙන් අහස එක්ක
කතා කරන්නම්
තරු ඇවිදින් කතාකරන
රාත්‍රියේ දම්පාටට
මගෙ ජීවිත කතන්දරේ
මමම කියන්නම්
කාත් කවුරුවත් ළඟ නැති
සංසාරේ නවාතැනින්
අවසන් හුස්මත් අරගෙන
යන්නම යන්නම්
I Saara