මරණය හුඟාක් සුන්දර වග ජීවිතේට දැනුණු දවසක් තිබුණා!
ඒ මළවුන්ගේ අවුරුදුදා කියවපු දවසේ
අවසාන අර්ථයෙන් ගත්තම ලොව ඇත්තේ යාම්-ඊම් පමණි
කොහේ ඉඳන් හරි අපි ආවා
ආයෙත් කොහේට හරි අපි යනවා
සියල්ල එතෙක් පමණයි!
ඒත් මිනිසුන් නොහිතන දේත් එයමයි
සංසාරය කියන්නෙ අනන්ත මහ පාරක්
ඇවිදිද්දි වැරදෙන්න පුළුවන්
නැවතුම් මඟ හැරෙන්න පුළුවන්
අයිති නැති නවතුම්වල නවතින්න හිතෙන්නත් පුළුවන්
ඒත් නොඇවිද කොහොමද?
කවදාකහරි පාරෙ කෙළවරක් දකිනකම්
අවිදින්නම වෙනවා
ඔයා කියවලා තියෙනවද
THE BLACK TULIP
කළු දළ මල
ජේන් අයර්
එමා බොවාරි
මිනිස්සුන්ගේ බලාපොරොත්තු, කඳුළු
ආත්මීය සංවේදනා, කාටවත් නොපෙනෙන්න හිත් ගැහෙන හැටි
නිදහස ඉල්ලගෙන ඉරණමේ අත්තටු ඉගිල්ලෙන්න හදන හැටි
පිරිමින්ගේ ඒකාධිපති කුහක ආත්මර්ථකාමිත්වයෙන්
ගැහැනු අසරණ විදිහට බැට කන හැටි
එමා බොවාරි හිතට රිදෙන්නම ඇන ඇන
එයාගෙ ජීවිතේ ගැන ඔයාට කියනවා
මේ ලෝකය කියවන්න පුළුවන් එක විදිහක් තමා පොත්
අපි කාගෙවත් ජීවිත අපි හිතන තරම් සුන්දර නෑ
අපි කාටවත් අපි හොයන ජීවිතේ එහෙම පිටින්ම හමුවෙන්නෙත් නෑ
ඒත් හමුනොවුණත් අත්හරින්නත් බෑ
ආදරයෙන් එක පිටුවක් හරි
ලියලා ඉවර කරන්න පුළුවන්නම්
ජීවිතේ
සංතෝෂයෙන් විඳගන්න
දවස් බොහෝමයක් හමුවේවි!
♦ Sanju