කලාවට සම්බන්ධ ශිල්පියෙකුට පසුගිය දවසක ගෙදර පොඩි පොඩි කරදර තිබුණලු.
නෝනට ඩෙංගුවලට සමාන උණක් හැදිලා බොහොම අමාරැවෙන් ගොඩදාගෙන තියෙන්නෙ.
ඔන්න ඕකත් එක්කම වගේ නෝනට තදබල හිසේ කැක්කුමක් තිබුණලු දවස් දෙක තුනක්ම. ඉවසන්න බැරිම තැන කොළඹ පෞද්ගලික රෝහලට අරගෙන ගියාම ප්‍රෙෂර් නැහැල්ලු. ඒත් තදබල හිසේ කැක්කුමට හේතුව හොයන්න ඔළුවෙ MRI ස්කෑන් එකක් ගන්න කියලා.
MRI අංශයට ගිහින් නෝනගේ වැඩේ කරන්න ඉන්නකොට මෙයාට ඇහෙනවලු නර්ස් නෝනා කෙනෙක් දොස්තර මහත්තයෙකුට කෝල් එකක් දෙනවා.
ඩොක්ටර් ලෙඩා නම් තාම මෙතන ඉන්නවා. ඩොක්ටර්ට එයාගෙ බ්‍රේන් එක ෆැක්ස් කරන්නද කියලා අර නර්ස් අහනවලු.
මේ ශිල්පියා ඒ වෙලාවෙ ළඟ හිටපු රෝහල් සේවකයකුගෙන් ඇහුවලු අර නර්ස්ට මොළේ අමාරුවක් තියෙනවාද කියලා මොකද බ්‍රේන් එක ෆැක්ස් කරන්න අහපු නිසා.
අනේ නැහැ මහත්තයෝ අපි ඉතින් මේ සෙක්ෂන් එකේදි එහෙමයි කතා කරන්නේ. අර නර්ස් අහන්නෙ ලෙඩාගෙ බ්‍රේන් MRI රිපෝට් එක ෆැක්ස් කරන්නද කියලයි දොස්තරගෙන්.
පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථා සිනමාහලේදී අලුත්ම චිත්‍රපටයක මාධ්‍ය දර්ශනයක් පැවැත්වුණා.
චිත්‍රපටයේ කතා තේමාව හා එහි අපූර්ව නිර්මාණ කුසලතාවය මුළු ප්‍රේක්ෂකගාරායේම දැඩි අවධානය දිනා ගැනීමට සමත් වුණා.
චිත්‍රපටය අවසාන අදිරියට පැමිණියේ දැඩි නිශ්ශබ්දතාවයට මධ්‍යයේ.
ඒත් ඒ නිහඬ බව බිඳිමින් මැද පෙළේ සිටි එක් පුද්ගලයෙක් අත්පුඩි ගසන්නට පටන් ගත්තෙ චිත්‍රපටය අවසන් වීමටත් පෙර. ඒත් එක්කම ඔහු හෙමින් සීරුවේ අසුනින් නැගිටලා ශාලාවෙන් පිටවෙලා ගියා.
විනාඩි කිහිපයකින් චිත්‍රපටය නිමාව දුටුවෙ පසුබිමින් ඇසුණු ගාථාවක හඬත් සමඟය.
පැමිණ සිටි බොහෝ අය කිව්වෙ ගාථාවට අත්පුඩි ගහන්න බැරි නිසා අර පුද්ගලයා කලින්ම අත්පුඩි ගහලා යන්න ඇති කියලයි.
එක්තරා ජනප්‍රිය කලා ශිල්පියෙක් ජීවත් වෙන්නෙ කොළඹ කවුරුත් දන්නා මහල් නිවාසයක.
කෑම බීම ගැන කොච්චර පරිස්සම් වුණත් ෂූටිං තියෙන දවස්වල ඉතිං කන්න වෙන්නෙ ලැබෙන දේවල්නෙ. තෝරලා බේරලා කන්න ගියොත් හාමතේ ඉන්න වෙන්නෙ.
ඔන්න පසුගිය දවසක එයාගෙ වාර්ෂික සෞඛ්‍ය පරීක්ෂණ ටික කරන්න ගියාම තමයි දැනගෙන තියෙන්නෙ එයාගෙ කොලස්ට්‍රෝල් ප්‍රමාණය වැඩිවෙලා කියලා.
පුළුවන් තරම් ඇවිදින්න කියලා දොස්තර කියලා තියෙන නිසා පොඩි එකාව දැන් මොන්ටිසෝරි ගෙනියන්නෙත් පයින්.
ඉස්සර ඒ කිලෝමීටර් භාගෙ දුරත් ගියේ කාරෙකේ. ඒත් ජනප්‍රිය වුණාමත් මාර වැඩ වෙනවනෙ.
මෙයා පොඩි එකා අතින් අල්ලගෙන උදේට පයින් යනකොට කාර්, ත්‍රීවිල් එහෙම නවත්තලා මෙයාට නගින්න කියනවලු. මොකෝ අද කාරෙක කැඩිලද? හැමෝම අහන ප්‍රශ්නයක්ලු ඒක.
මේ ළඟදි කොළඹ ප්‍රධාන පෙළේ ශ්‍රවණාගාරයක සුපිරි සංගීත ප්‍රසංගයක් තියෙනවා කියලා රේඩියෝවලින්, ටීවී වලින්, පත්තරවලින් මිනිස්සු දැනුම්වත් කරලා තිබුණා.
ඔන්න දැන් ප්‍රචාරණය සඳහා අතහිත දුන්නු හැමෝටම සංවිධායකවරු කතා කර කර අහනවලු ප්‍රසංගය බලන්න අනිවාර්යයෙන්ම ආරාධනා පත් එවන නිසා දිනයයි වෙලාවයි කල් ඇතුව වෙන් කරගන්න කියලා.
මාධ්‍යයට සම්බන්ධ ආයතනයක් මේකෙ ප්‍රධාන සංවිධාන කටයුතු කරපු නිසා හැමෝම, ඒ කිව්වෙ මාධ්‍ය මිත්‍රයෝ සතුටින් හිටියා. දවසක් වෙන් කළා, වෙලාවත් කියලා.
ඒත් ප්‍රසංගය පවත්වන්නට නියමිත දවසට කලින් දවසෙ ඒ සංවිධායක මඩුල්ල පත් කරපු නියෝජිතවරියක් කතා කරලා කියනවලු අර මාධ්‍ය හිතවතුන්ට ප්‍රසංගය පවත්වන ශ්‍රවණාගාරයට ඇවිත් එතනින් ශ්‍රවණාගාරයට ඇවිත් එතනින් එයාට කෝල් කරලා ආරාධනාපතක් ලබාගන්න කියලා. දැන් ඉතිං ප්‍රචාරණ වැඩ ඉවර නිසා මාධ්‍යවේදීන් ඒ ගොල්ලන්ගෙ මැජික් එක බලන්න ආවත් එකයි නැතත් එකයි.
වැඩේ තියෙන්නෙ ඊළඟ අවුරැද්දෙත් මේ මැජික් එක තියෙනවයි කිව්වම කට්ටිය අතීතය අමතක කරලා වැඩේට බහියි.
පසුගිය නිවාඩු කාලෙ නුවරඑළියෙ පැත්තෙ ඇඟිල්ලක් ගහන්න ඉඩක් තිබුණෙ නැහැල්ලු.
පොඩි හෝටල් පවා ලොකු ගණන්වලට ගියාලු. හරියට කෑම කන්න තැනක් හොයාගන්නත් අමාරැවෙලා.
ඔන්න ඒ දවස්වල ෂූටිං නැති නිසාත් කලාකරුවෝ රුසක් ඔවුන්ගේ පවුල්වල අයත් එක්ක නුවරඑළියේ සිහිල විඳින්න ගිහින් තියෙනවා.
ඒත් ඒතරම්ම සෙනඟ වැඩි නිසා බොහෝ ශිල්පීන්ට එකිනෙකා නුවරඑළියේදී හම්බවෙලත් නැහැ. FB එකෙන් තමයි බොහෝ අය දැනගෙන තියෙන්නේ යාලුවෝ එහෙ ආපු විත්තිය.
ඔන්න හදිසියේ ඒ වගේ ආරංචියක් දැනගත්තු ගමන් කලා ශිල්පිනියක් එයාගෙ හොඳම මිතුරියට කතා කළාලු.
හානේ මම දැනුයි දැනගත්තෙ ඕගොල්ලොත් නුවරඑළියෙ ඇවිත් කියලා ඇය යාළුවට කතා කරලා කිව්වලු.
අනේ ඔව් ඒ වුණාට අපිට හොඳ තැනක් ලැබුණෙ නැති නිසා දැන් අපි කොළඹට පිටත් වෙනවා* යාළුවා කිව්වා.
අපි නම් ඉන් එකක ඉන්නෙ..
හා ඇත්තද අපි නම් යන් එකක යන්නෙ...
බැලින්නම් අරයා ඉන් කියලා තියෙන්නේ කුඩා ප්‍රමාණයේ සංචාරක හෝටලයකට. යාළුවා යන් කියලා තියෙන්නේ සම්යන් වාහන වර්ගයට.
ප්‍රවීණ මාධ්‍යවේදීන් දෙදෙනෙක් අතර මෑතකදී සිදුවුණු කතාබහක් අතරතුර අපූරු කතාවක් කනවැකුණා.
දෙදෙනාම කලාවට සම්බන්ධ නිසා කලා ලොවේ රසමුසු තොරතුරැ ගොඩකුත් හුවමාරු කරගත්තා.
අපි කලා ශිල්පීන් ශිල්පිනියන් ගැන මොන තරම් ලිව්වත් පොඩ්ඩ එහාට මෙහාට වෙච්ච ගමන් ඒගොල්ලො අපිත් එක්ක ගේම ඉල්ලගෙන එනවනෙ. ඒත් ඉතිං මාධ්‍යට කලා ශිල්පීන්ගේ සහයෝගයන් අවශ්‍ය වෙනවා වගේම කලා ශිල්පීන්ටත් මාධ්‍ය අත්‍යවශ්‍ය වෙනවා. තරහ මරහ ඇතිකරගෙ මේ ගමන යන්න බැහැ*. එක්කෙනෙක් එහෙම කියද්දී ඔහුගේ හිතවතා තමයි අර අපූරැ කතාව කිව්වෙ.
මම දවසක් එක්තරා නිළියක් ගැන විස්තරයක් ලියලා පළ කළා. ඔන්න ඒ පාර ඒ නිළිය මට කෝල් එකක් දීලා බැණගෙන බැණගෙන යනවා
ඇයි එයා ගැන වරදක්ද ලිව්වේ?
නෑ... නෑ... එයාගෙ නමේ වාසගම වැරදියිලු. එයා දැන් අර වාසගම තියෙන කෙනාගෙන් වෙන්වෙලා. තව දෙන්නෙක් බැඳලත් ඉවරයි. මම කිව්වා ඕගොල්ලෝ බඳින බඳින පාරට අපිට ඒවා මතක තියාගෙන වාසගම් වෙනස් කරන්න අපිට පිස්සු නැහැ කියලා.
♦ මිත්‍ර