2018 පෙබරවාරි 24 වන සෙනසුරාදා

ලන්ඩන් කෙල්ලක් පට්ට පැණියෙක්

 2018 පෙබරවාරි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 106

මේ සුන්දර රමණීය නගරයක්. මේ රමණීය නගරයෙහි තියෙන උසැති බිල්ඩින් අහස අල්ලන්න තරම් උසයි. මේ නගරයට යන්න ගොඩාක් දෙනෙක් සිහින මවනවා. ආරළු බූරළු නැතුව කියනවනම් මේ ලන්ඩන් නගරයයි. පොඩ්ඩක් හිතලා බලන්න ලන්ඩන්වල නිරූපණ ශිල්පිනියක් වෙන්න ලැබුණොතින් කොහොම වෙයිද? ඒත් මේ නගරෙට යන කෙල්ලෙක් කොල්ලෙක් එක්ක යාළු වෙනවා. ඒ තමන්ගේ ජීවිතය කියලා හිතාගෙන. ඒත් මේ කඩවසම් කොල්ලා කරන්නේ අනේ අර කෙල්ලගේ සිහින ඉටු කරලා දෙන්න වගේ හදලා එයාට පිටුපාලා යන එක. හිතලා බලන්න. 

හදවත ගලවලා දෙන්න කියලා කොල්ලා කිව්වත් එහෙම කරන්න හදන කෙල්ලෙක්ව රැවටීමකට ලක්වෙලා ඒ කෙල්ලගේ ආත්මය විතරක් නෙවෙයි සිරැරත් ඒ කොල්ලා තමන්ගේ වගේ පරිහරණය කරලා යන්න ගියොතින් කෙල්ල මොනවා කරයිද? අනිත් කාරණේ තමයි මේ කෙල්ල සුපර් මොඩල් කෙනෙක්නම් එයා පත් වෙන අපහසුතා ගැන හිතලා බලන්න. එයාට අවශ්‍ය වුණේ අවංක ආදරයනම්, හැම දෙයක්ම තිබුණත් තමන්ගේ සිහින තමන්ට අහිමි වුණෝතින් ඔබ නම් ඔබ මොකක්ද කරන්නේ කියන එක හිතන ගමන් ටාශා කරන දේ ගැන  දැන ගන්න කැමතියිද?

ඒ ගැන දැන ගන්නනම් ඔබට 2018 මාර්තු 09 වැනිදා වෙනකම් බලා සිටින්නට වෙනවා. ඔව් අද අපි ඔබට කියන්නේ හේට් ස්ටෝරි 04 ගැනයි. ලන්ඩන් නගරයේ රූගත කිරීම් කරලා තියෙන හේට් ස්ටෝරි 04 හින්දි සිනමාපටයට කෝටි 15 ක් වියදම් කරලා තියෙනවා. මේ සිනමාපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ විශාල් පාන්ඩය විසින්. මේ සුන්දර සිනමාපටය හදන්න මුදල් යොදවලා තියෙන්නේ විවේක් භටන්ගර්. ඒ කියන්නේ සත්‍ය කතාවක් පදනම් කරගෙන තමයි මේ සිනමාපටය හදලා තියෙන්නේ. මේ සිනමාපටයෙහි කතාව ලස්සන කරන්න ලස්සන දෙබස් ලියලා තියෙන්නේ මිලාප් සවේරි විසින්.

ටාශාගේ චරිතයට පණ පොවන සුන්දර රූ සපුවකට හිමිකම් කියන ඇය ගැන තමයි දැන් කියන්න හදන්නේ. 1994 පෙබරවාරී 25 වැනිදා ඇය ඉපදිලා තියෙන්නේ ඉන්දියාවේ උත්තර්ඛණ්ඩ් ප‍්‍රාන්තයේ හරිද්වාරාවලයි. ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍රා ප‍්‍රාන්තයෙහි මුම්බායිවල තමයි ඇය දැනට ජීවත් වෙන්නේ. ඒ වගේම තමයි මේ කියන සුන්දර කෙල්ල විවිධ නිරූපණ තරග ඉසව් නියෝජනය කරලා ජයග‍්‍රහණ රාශියක්ම ලබලා තියෙන කෙනෙක්. මෙන්න  මේ සිනමාපටවලත් ඇය චරිත සඳහා පණ පොවලා තියෙනවා.
Singh Saab the Great (2013), Sanam Re (2016), Great Grand Masti (2016) Kaabil (2017)

මේ සිනමාපටවල චරිතවලට පණ පොවලා තියෙනවා වගේම ඌර්වශී හින්දි ගීත ඇල්බම් සඳහාත් විවිධ චරිතවලට පණ පොවලා තියෙනවා. ඌර්වශී රවුටෙලා තමයි හේට් ස්ටෝරි - 04 සිනමාපටයෙහි ටාශා කියන සුපර් මොඩ්ල්ගේ චරිතයට පණ පොවන්නේ. ඊළඟට ඔබට කියන්න හදන්නේ රජ්වීර් ඛුරානා ගැනයි. රජ්වීර් ඛුරානාගේ චරිතයට පණ පොවලා තියෙන නළුවා ඉපදිලා තියෙන්නේ 1986 ජුනි 09 වැනිදා ඉන්දියාවේ නවදිල්ලියේ. දිල්ලි යුනිවර්සිටි එකෙන් වැඩි දුර අධ්‍යාපනය ලබලා තියෙන මොහු නළුවෙක් වගේම නිරූපණ ශිල්පියෙක් විදියටත් කටයුතු කරනවා. ඒ වගේම ඔහු වැඩ සටහන් ඉදිරිපත් කරන්නෙක්. රජ්වීර් ඛුරානාගේ චරිතයට පණ පොවන්නේ කරන් වහි. ඒ වගේම මේ හේට් ස්ටෝරි සිනමාපටයෙහි වික‍්‍රම් කුරානා කියන චරිතයට පණ පොවන්නේ ගුල්ෂන් ග්‍රෝවර්. ඔබ අපි දන්නා ජනප‍්‍රිය දක්ෂ හින්දි සිනමාවේ දුෂ්ට චරිතවලට පණ දෙන ඉහළින්ම ඒ සඳහා නම කියවෙන පුදගලයින්ගෙන් එක් කෙනෙක්නේ ගුල්ෂන් ග්‍රෝවර්. ඔහු මේ සිනමාපටයෙහි රඟපාන චරිතය ගන දනගන්න නම් ඔබට මාර්තු 09 වෙනිදා වෙනකම් බලන් ඉන්න වෙනවා. 

හේට් ස්ටෝරි - 04 සිනමා පටයෙහි විවිධ චරිත සඳහා විවාන් භටෙන්, ඉහානා ධිලෝන් සහ රීටා සිද්දිකිත් රඟපානවා. විවාන් භටේනා ආර්යන් ඛුරානගේ චරිතයට තමයි පණ පොවන්නේ. 
හේට් ස්ටෝරි සිනමාපටය සප්ත ස්වරයෙන් හැඩ කරන්න මේ මේ කට්ටිය දායකත්වය ලබා දීලා තියෙනවා. මිතූන්, ආර්කෝ පාර්වෝ මුඛර්ජී, ටනිෂ් බග්චි, ටෝනි කක්කර් සහ බෝමන්. මේ කට්ටිය තමයි හේට් ස්ටෝරි සංගීතවත් කරලා තියෙන්නේ.
මේ සිනමාපටයෙහි ගීය පද මනෝජ් මුන්ටශීර්, කුමාර් සහ රශ්මි විරාග් කියන අයගේ අතින් තමයි ලියැවිලා තියෙන්නේ. ඒ වගේම ඒ ගීය පදවලට පණ දෙන්න තමන්ගේ සුන්දර හඬින් ඒවා රසවත් කරලා තියෙන්නේ නේහා කක්කර්, හිමේෂ් රෙශාමියා, ජුබින් නවුටියල්, නීති මෝහන්, අමි‍්‍රතා සිං, ටෝනි කක්කර් සහ අර්මාන් මලික්. සුන්දර නිර්මාණයක් වුණත් පවුලේ කට්ටියට එකට වාඩි වෙලා බලන්නනම් පුළුවන් වෙයිද කියලා ඔබට සිනමාපටය බලලම තමයි තීරණය කරන්න වෙන්නේ.


► Translation — Chandana waravitage

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00