2018 මාර්තු 03 වන සෙනසුරාදා

සියල්ල දත් සංජේ දත්ලා

 2018 මාර්තු 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 101

දන්න දෙයකුත් නැතිවුණාට සියල්ලම දන්නා විදිහට මහ උජාරුවෙන් කයිවාරු ගහන අයට සාමාන්‍යයෙන් කතාවට කියනවනෙ සියල්ල දත් සංජේ දත්ලා කියලා.
ඔන්න පහුගිය දවසක කලා ක්ෂේත්‍රයට සම්බන්ධ උත්සවයකදිත් ඒ වගේ මනුස්සයෙක් ඉඳලා තියෙනවා. ටිකක් රත්වුණාම ඒ අයගෙ කතාවත් වැඩිවෙනවනෙ.

දැන් එයාගෙ පරණ කතා හා පරණ කලාකාරයො එක්ක තිබිලා තියෙන සම්බන්ධකම් ගැන වටේ ඉන්න කට්ටියට කියාගෙන කියාගෙන යනවලු.
එකපාරටම කියනවලු ඔයාලට මතකද අහවල් ප්‍රවීණ නළුවා. දැන් ජීවතුන් අතර නැතිවුණාට එයාගෙ දුව තමයි අර අහවල් චැනල් එකේ ජනප්‍රිය නිවේදිකාව,
ඒ කියපු අහවල් නළුවගෙ මිණිබිරීත් ඒ ළඟම හිටියලු. එයාට මේ කතාව ඇහිලා මල පැන්නලු.

අනේ අංකල් නොදන්න දේවල් දොඩවලා නිකම් සවුත්තු වෙන්න එපා හරිද? අර අහවල් නළුවගෙ මිණිබිරී තමයි මම. ඔය චැනල් එකේ ඔය කියන නිවේදිකාව අපේ පවුලට සම්බන්ධ කෙනෙක් නෙවෙයි. දන්නෙ නැත්නම් දන්නෙ නැති විදිහට ඉන්න අංකල්, කියලා ඇය හැමෝටම ඇහෙන්න කිව්වලු.

 

හැට පැන්නත් කුකුළා කරේ

විදෙස් ඩී.වී.ඩී චිත්‍රපටවල සිංහල දෙබස් කවලා අලෙවි කරන එක දැන් අලුත්ම ප්‍රවණතාවයක් වෙලානෙ. මේවට කිසිම ප්‍රමිතියකුත් නැහැ. හිතෙන හිතෙන විදිහට කට්ටිය වැඩේට බැහැලා.

මැදි වයසත් පහුකරපු ප්‍රවීණ කලා ශිල්පියෙකුත් වැඩේට බැහැලා ඉන්නවා. දෙබස් කවන්න ගන්නෙත් අලුත්ම කට්ටිය. එතකොට ලොකු ගණන් ගෙවන්න වෙන්නෙත් නැහැනෙ. එයා තමයි කට්ටියව පුහුණු කරලා ස්ටූඩියෝ එකක වැඩේ කරන්නෙ.
ළඟදි මේ වැඩේට ඇහැට කනට පේන කෙල්ලෙක් සම්බන්ධ වෙලා. මෙයා ඉතින් මේ කෙල්ලට මාර විදිහට උපදෙස් දෙනවලු කවදහරි ලංකාවෙ හොඳම ඩබිං ආටිස්ට් කරන්න.
එහෙන් මෙහෙන් අමුතු ටෝක් දාලත් බලනවලු කෙල්ලට. ඊටපස්සෙ කෙල්ලගෙන් අහනවා එයා වැරදි දෙයක් කිව්වද කියලා.

මොන පිස්සුද අයියා, එහෙම අවුලක් නැහැ. ඒ වුණාට වලත්තකමට ආවොත් නම් වැඩේ වරදියි... කියලා කෙල්ල ඇඟට නොදැනී කිව්වලු.
ඒ කෙල්ල වැඩ කරපු අවසාන ඩී.වී.ඩී චිත්‍රපටයත් ඒකලු.

 

මාසයක් හෙව්වත් දෙන්නෙක් නෑලු......

අලුතින් හදන අලුත් සිංහල චිත්‍රපටවලට ප්‍රධාන නළු නිළියන් හොයාගැනීම අද නිෂ්පාදක අධ්‍යක්ෂකවරුන්ට විශාල ප්‍රශ්නයක් වෙලා තියෙන බවයි. ආරංචිය.

මෙයට ප්‍රධාන වශයෙන් බලපාන කාරණය තමයි හොඳ චිත්‍රපට හදන බොහෝ නිර්මාණවේදීන් ටෙලිනාට්‍ය රංගන ශිල්පීන් ශිල්පිනියන් යොදාගැනීමට අකමැති වීම.

ටෙලිනාට්‍ය නළු නිළියො හදපු මෑත කාලෙ චිත්‍රපට බොහොමයක් අසාර්ථක වෙලා තියෙනවා. මිනිස්සුන්ට ඒ අයව හැමදාම උදේ රෑ නොමිලේම රූපවාහිනී තිරයේ බලන්න ලැබෙන කොට, ඒ අය සල්ලි දීලා සිනමා ශාලාවලට එයිද ඒ මුහුණම බලන්න. සිනමා ක්ෂේත්‍රයට මෙය විශාල අර්බුදයක් වෙලා. මගේ අලුත් චිත්‍රපටයට ප්‍රධාන නළු නිළි යුවලක් මම දැන් මාස ගාණක ඉඳන් හොයනවා,
එක් සිනමාවේදියෙක් මෑතකදි කියලා තියෙනවා

 

► Text - Mithra

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00