2018 මාර්තු 10 වන සෙනසුරාදා

අඹ යාළුවොයි - බාරු යාළුවා‍ෙයි

 2018 මාර්තු 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 186

ටිටූ සහ සෝනු කියන්නේ අඹ යාළුවෝ දෙන්නෙක්. මේ දෙන්නා මිත‍්‍රත්වය පටන් ගන්නේ නර්සරි යන කාලේ ඉඳලයි. ඒත් ටිටූ ස්මාර්ට් කෙනෙක් නෙවෙයි. මුහුකුරා යනකොට ටිටූටත් ප්‍රේම සම්බන්ධතා එකක් නෙවෙයි කීපයක්ම ඇති වෙනවා. ඒත් ප‍්‍රශ්නේ කියන්නේ ටික දවසක් යද්දී ටිටුගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා ටිටූව ගොනාට අන්දවනවා. හැම වෙලාවෙම ඒ දේවල්වලින් ටිටූව බේරගන්න හිටියේ සෝනු විතරයි. සෝනු විසින් ටිටූගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා ඔහුව අන්දවන බව ඔප්පු කරලා පෙන්නලා ඔහුට ප්‍රේම සම්බන්ධතාවයක් වෙනුවට යෝජිත විවාහයක් කර ගැනිමට සෝනු ටිටූව පොළඹවනවා. අන්න ඒ විදිහට තමයි ස්වීටි යෝජිත විවාහයක් විදියට ටිටූගේ ජීවිතයට එන්නේ. ස්වීටි වගකීමෙන් හැමෝම එක්ක ජීවත් වුණත් සෝනුටනම් තවමත් හිතෙන්නේ එයා හරි ගෑනු ළමයා නෙවෙයි කියලයි. කතාවේ ඉතුරැ ටික දැන ගන්නනම් ඔබට 2018 පෙබරවාරි 23 වැනිදා තිරගත වුණු සෝනු කේ ටිටූ කී ස්වීටි කියන අලුත්ම හින්දි සිනමාපටය නරඹන්නට සිදුවෙනවා. අලෙවි වාර්තා තබමින් තිරගත වන සෝනු කේ ටිටු කී ස්වීටි හින්දි සිනමාපටය විනාඩි 138 ක කතා කාලයකින් සමන්විත වෙනවා. මේ සිනමාපටය අධ්‍යක්ණනය කරලා තියෙන්නේ ලව් රන්ජන් වන අතර නිෂ්පාදනය කරලා තියෙන්නේ මෙන්න මේ කට්ටිය එක්ක එකතුවෙලයි. භාෂන් කුමාර්, ක‍්‍රිෂ්න කුමාර්, ලව් රන්ජන් සහ අන්කූර් ගාර්ග් තමයි ඒ කට්ටිය. මේ සිනමාපටයෙහි කතාව ලව් රන්ජන්ගේ වන අතර තිරපිටපත ලියලා තියෙන්නේ රාහුල් මොඩි සහ ලව් රන්ජන්.

මේ සිනමාපටයෙහි සෝනුගේ චරිතයට පණ පොවන්නේ කවුද කියලා දැනගන්න ඔබ කැමැත්තෙන් ඇතියි කියලා හිතනවා. ඔහු නමින් කාර්තික් ආර්යන්. ඔහුගේ නමනම් ඔබට අලුත් වගේ නේද? ඔව්. මේ සිනමාපටයෙහි ඉන්න හැමෝම වගේ අලුත් අය. ඒත් ඔවුන් අලුත් අය කියලනම් සිනමාපටය නැරඹුවාම ඔබට හිතෙන එකක් නැහැ. මේ සිනමාපටයෙහි ටිටූගේ චරිතයට පණ පොවන්නේ 1969 මැයි 20 වැනිදා ඉන්දියාවේ උත්තර් ප‍්‍රදේශ්වල වාරානාසිවල ඉපදුණු කෙනෙක්. ඔහු රචකයෙක්. නමින් ඔහු සනී සිං. මොහු දැනට ජීවත් වෙන්නෙනම් ලන්ඩන්වල කියලා තමයි ආරංචිය. 

ස්වීටිගේ චරිතයට පණ පොවන්නේ 1985 මැයි 17 වැනිදා උපත ලබා ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍රාවල මුම්බයිවල ජීවත් වන කෙනෙක්. ඇය වෘත්තියෙන් නිළියක්. මෙන්න මේ සිනමාපටවල විවිධ චරිතවලට පණ පොවලා තියෙනවා.
Love Sex Aur Dhokha (2010), Pyar Ka Punchnama (2011), Akaash Vani (2013), Pyaar Ka Punchnama 2 (2015)

ඊට අමතරව මේ සිනමාපටයෙහි ඝසිට් විදියට ආලෝක නාත්, පිහූ විදියට ඉෂිතා රාජ්, සහ දීපිකා, අයේශා රාස්, විරෙන්ද්‍ර සක්සේනා, පවන් චොප්රා, රාජේෂ් ජායිස් සහ සෝනු කොවුර කියන රංගන ශිල්පීනුත් විවිධ චරිතවලට පණ පොවලා තියෙනවා. මේ සිනමාපටයෙහි ගීපදමාලවන් යෝ යෝ හනි සිං, කුමාර්, සැක් නයිට්, ගුරෙව් රන්දාවා සහ ස්වාප්නිල් තිවාරි විසින් රචනා කරලා තියෙන අතර ඒ ගී පද මාලාවන්වල සුන්දරත්වය වැඩි කරන්නට ඒවාට සප්ත ස්වර යොදලා පණ පිහිටවලා තියෙන්නේ යෝයෝ හනි සිං, අමාල් මලික්, සැක් නයිට්, රෝචල් කොහ්ලිව්, සහ සෞරබ් - වෛභාව් විසිනුයි. මේ ගීතවලට තමන්ගේ දිව්‍යමය හඬ මුසුකරලා තියෙන්නේ යෝ යෝ හනි සිං, සිමර් කොවුර්, ඉෂේර්ස්, අර්ජිත් සිං, ප‍්‍රාක‍්‍රිති කක්කර්, අමාල් මලික්, නේහා කක්කර්, නව‍්‍රජ් හාන්ස්, සැක් නයිට්, ජස්මින් වාලියා, ගුරු රන්දාවා, රජත් නාග්පල්, මන්නත් නූර්, නීති මෝහන් සහ මිකා සිංයි. වැඩිය දැක පුරුදු මුහුණු නොවුණත් ගොඩාක් ලස්සන හාස්‍ය රසයෙන් පිරිපුන් සිනමාපටයක් බව ඔබටත් සෝනු කේ ටිටූ කී ස්වීටි සිනමාපටය නැරඹුවාට පස්සේ හිතේවි.


Translation — Chandana waravitage