2018 මාර්තු 24 වන සෙනසුරාදා

බදු වැස්සක් සල්ලි ගංවතුරක්

 2018 මාර්තු 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 103

2018 මාර්තු 16 වැනිදා තමයි දවස. රේඩ් කරන්න ඔයාගේ නිවසටම රේඩ් නිලධාරින් ආවොතින් ඔබ මොනවද කරන්නේ? එහෙම නැත්නම් රේඩ් නිලධාරින් වගේ ඇවිල්ලා මංකොල්ලකාරයෝ කට්ටියක් ඔයාගේ ගෙදර තියෙන ඔක්කොම මංකොල්ල කාලා පැනලා ගියොතින් මොනවද කරන්නේ? ඉන්කම් ටැක්ස් ගෙවන්නේ නැතුව ඉන්නවනම් ඔන්න ඇත්තටම බය වෙන්න ඕන. මොකද ඔයාගේ ගෙදරට හෝ ව්‍යාපාරායතනයට ඔන්න අනිවාර් යෙන්ම ඉන්කම් ටැක්ස් නිලධාරීන් රේඩ් කරන්න එයි. ඒත් මේ කියන්න හදන සත්‍ය සිදුවීමනම් වෙලා තියෙන්නේ 1980 ඉන්දියාවේ උත්තර් ප‍්‍රදේශ්වලයි. මේ සත්‍ය කතාව ඇසුරෙන් හින්දි සිනමාපටයක් හදන්නේ මීට පෙර සත්‍ය කතාවක් ඇසුරෙන් නෝ වන් කිල්ඩ් ජෙසිකා හින්දි සිනමාපටය අධ්‍යක්ෂනය කළ රාජ් කුමාර් ගුප්තා. 2018 මාර්තු 16 වැනිදා සිට තිරගත වන රේඩ් හින්දි සිනමාපටය නිෂ්පාදනය කරන්න කීපදෙනෙක්ම මුදල් යොදවලා තියෙනවා. ඒ කට්ටිය තමයි අභිෂේක් පතක්, කුමාර් මන්ගත් පතක්, භූෂන් කුමාර් සහ ක‍්‍රිෂන් කුමාර්. මේ සිනමාපටයෙහි තිර රචනය කරලා තියෙන්නේ අමිල් මල්ලික් සහ සිනමාපටයෙහි අධ්‍යක්ෂකවරයා වන රාජ් කුමාර් ගුප්තා සහ රිටේෂ් ශහ් විසිනුයි. මේ සිනමාපටයෙහි ප‍්‍රධාන ඉන්කම් ටැක්ස් නිලධාරියා විදියට පෙනී ඉන්නේ අමායි පට්නායක්. අමායි පට්නායක්ට පණ පොවන්නේ ඔබ අපි දන්න කෙනෙක්. මේ කෙනාට පෞද්ගලික ගුවන් යානයක් පවා තියෙනවා. මෙන්න මේ සිනමාපටවලත් ප‍්‍රධාන නළුවා වුණේ ඔහු.

Jigar (1992), Dilwale (1994), Suhaag (1994), Naajayaz (1995), Diljale (1996) Ishq (1997), (1999) Hum Dil De Chuke Sanam, Raincoat (2004), Gangajal (2004), Yuva (2004), Apaharan (2005), Omkara (2006), Golmaal:  (2006), Golmaal Returns (2008), Once Upon a Time in Mumbaai (2010), Golmaal 3 (2010), Raajneeti (2010), Singham (2011), Bol Bachchan (2012), Son of Sardaar (2012), Singham Returns (2014), Drishyam (2015) Golmaal Again (2017).

1969 අපේ‍්‍රල් 02 වැනිදා ඉන්දියාවේ නව දිල්ලිවල ඉපදුණු මොහු අද වනවිට ජීවත් වෙන්නේ ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍රා ප‍්‍රාන්තයෙහි මුම්බයි නගරයේයි. පද්ම ශ්‍රී සම්මානය සහ සිනමා සම්මාන රාශියකින් පිදුම් ලද මොහු  අධ්‍යාපනය ලබලා තියෙන්නේ මිතිබායි කොලේජ් එකෙන්. වෘත්තියෙන් මොහු නළුවෙක්. ඒ වගේම නිෂ්පාදකයෙක් සහ අධ්‍යක්ෂකවරයෙක්. මොහුගේ නම රාජු චාචා. සිනමාපට 100ක පමණ විවිධ චරිතවලට පණ පොවලා තියෙන මොහු සුරූපිනියක් සහ සිනමා නිළියක් වන කාජල්ගේ සැමියා අජේ දෙව්ගන්. ඔවුන් දෙදෙනාට වීරු දේව්ගන් සහ වීනා දේව්ගන් නමින් දරුවන් දෙදෙනෙක්ද සිටිනවා. ඉතින් අජය දේව්ගන් තමයි රේඩ් සිනමාපටයෙහි අමායි පට්නායක්ගේ චරිතයට පණ පොවන්නේ.

ඊළඟට කියන්න හදන්නේ නීටා පට්නායක් ගැනයි. මේ චරිතයට පණ පොවන්නේ 1987 නොවැම්බර් 01 වැනිදා ඉන්දියාවේ මුම්බයිවල මහිම් කියන ප‍්‍රදේශයේ උපත ලද කෙනෙක්. එයා මේ වෙද්දි ජීවත් වෙන්නේ මුම්බයිවල වන අතර එයා නිළියක් වගේම මෝස්තර නිරූපිකාවක් ද වෙනවා. ඒත් එයා පෘතුගීසි ජාතිකයෙක් කියලා තමයි කියන්නේ. මේ  ඇයගේ 25 වැනි සිනමාපටයයයි. ඇය ෆිල්ම් ෆෙයාර් සම්මාන ඇතුළු සිනමා සම්මාන රාශියකුත් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. 2006 සිට නිළියක් ලෙසින් සිනාමාවට එකතු වුණු ඇය දකුණු ඉන්දීය සිනමාපටවල සහ තෙළිඟු සිනමාපටවලත් චරිතවලට පණ පොවලා තියෙනවා. මෙන්න මේ සිනමා පටවල ඇය විවිධ චරිතවලට පණ පොවලා තියෙනවා.
Pokiri (2006), Jalsa (2008), Kick (2009), Julayi (2012), *2012) Barfi!, 

Phata Poster Nikhla Hero (2013), Main Tera Hero (2014), Happy Ending (2014), Rustom 2016) Baadshaho (2017)
දැන් ඔබ කවුරු ගැනද කියන්නේ කියලා දන්නවා ඇති නේද? රේඩ් සිනමාපටයහි නීටා පට්නායකම්ගේ චරිතයට පණ පොවන්නේ ඉලෙයාන ඩි කෲස් තමයි. මතකයින් එයා මුලින්ම සිනමාවට ආවේ අනුරාග් බාසු අධ්‍යකෂණය කළ රන්බීර් කපූර් සහ ප‍්‍රියංකා චොප්රා රංගනයෙන් දායක වුණු බර්ෆී සිනමාපටයෙන් කියන එක. ඊළඟට මම ඔබට කියන්නේ රාමේෂ්වර් හෙවත් රාජාජී සිං කියන චරිතය ගැනයි. මේ චරිතයට පණ පොවන්නේ 1963 මාර්තු 05 වැනිදා ඉන්දියාවේ උතතර් ප‍්‍රදේශ්හි ගෝරක්පූර්වල ඉපදී දැනට ඉන්දියාවේ නව දිල්ලිවල ජීවත් වෙන නළුවෙක්, අධ්‍යක්ෂකවරයෙක් සහ තිර රචකයෙක්. 1984 සිට සිනමාවට සම්බන්ධ වී සිටින ඔහු සෞරභ් ශුක්ලායි. ඔහු තමයි රේඩ් සිනමපටයහි රාජාජි සිංගේ චරිතයට පණ පොවන්නේ. මෙන්න මේ සිනමාපටවලත් සෞරභ් තමන්ගේ දක්ෂතා පෙන්නලා තියෙනවා.

Satya (1998), Barfi! (2012), Jolly LLB (2013), Kick (2014), PK (2014).
රේඩ් සිනමාපටයහි සූරජ් සිංගේ චරිතයට සානන්ද් වර්මාත්, සතිෂ් මිශ‍්‍රාගේ චරිතයට අමිත් බිමෙ‍්‍රාට් සහ ගයත‍්‍රි අයියර්, මෙකේෂ් සිං කියන කිහිප දෙනා ඇතුළු නළු නිළියන් විශාල සංඛ්‍යාවක් රඟපානවා. මේ සිනමාපටය ලක්නව්, රයිබරේලි ඇතුළු ප‍්‍රදේශ කිහිපයකම තිර ගත කරලා තියෙන බව තමයි පැවසෙන්නේ. රේඩ් සිනමාපටය සංගීතවත් කරල තියෙන්නේ අමිත් ත‍්‍රිවේදි සහ තනිෂ්ක් බාග්චී විසිනුයි. ඉන්දියානු රුපියල් කෝටි 40ක් වියදම් කරලා හදලා තියෙන රේඩ් සිනමාපටයහි ගී පද මාලාවන් නුස‍්‍රත් ෆතෙ අලි ඛාන්, මනෝජ් මුන්ටෂීර්, අමිත් ත‍්‍රිවේදි  සහ ඉන්ද්‍රනීල් විසින් රචනා කරලා තියෙන අතර ඒ පද මාලාවන්ට පණ දෙන්න තමන්ගේ කන්කළු හඬ මුසු කරලා තියෙන්නේ රහත් ෆතේ අලි ඛාන්, සුඛ්වින්දර් සිං සහ පපොන් කියන කට්ටියයි. ඒත් 2013 පෙබරවාරි 08 වැනිදා ආක්ෂය කුමාර් ඇතුළු නළු නිළියන්ගේ රංගනයෙන් ස්පෙෂල් 26 නමින් තිරගත වුණු සිනමාපටයත් රේඩ් සිනමාපටයහි කතා සාරාංශයට සමාන බව ඉන්දියානු මාධ්‍ය වර්තකොට තිබුණා.

► Translation — Chandana Waravitage

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00