මහරගම අපේක්ෂා රෝහලේ නේවාසික මෙන්ම අනේවාසික අහිංසක රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා මහත් අඩුපාඩුවක්ව පැවති ‘පෙට් ස්කෑනර් යන්ත්‍රයක් මහජනතාවගේ නොමසුරු දායකත්වය යටතේ එහි ස්ථාපිත කිරීම පසුගියදා සිදුකෙරිණ.
මේ මහඟු පිංකම වෙනුවෙන් ආරම්භක අරමුදල පිහිටවූ ‘ෆයිට් කැන්සර් ටීම් හි ප්‍රධානී එම්.එස්.එච් මොහොමඩ් මහතා ඇතුළු පිරිස මෙම පරිත්‍යාගය වෙනුවෙන් සංවිධානය කළ විශේෂ පා ගමනක් කොළඹ වැල්ලවත්ත ප්‍රදේශයේ සිට මහරගම දක්වා පැවැත්විණ. ත්‍රිවිධ හමුදා සාමාජිකයන්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විවිධ පුද්ගලයන් මෙන්ම මේ පරිත්‍යාගය සඳහා දායක වූ ජනතාවද පා ගමන සඳහා එක්ව සිටියහ. අද අපේ event of the week පිටුව වෙන්වන්නේ Fight Cancer Team Walk වෙනුවෙනි.
Romesh Danushka Silva