මේ ඉන්දියාවේ මුම්බායි නගරයේ සිද්ධ වෙන සිදුවීම් තුනක්. ධනවත් ව්‍යාපාරිකයෙක් ඉන්නවා. එයා අඩුපාඩුවක් නැති පහසුකම් තියෙන නිවසක් හොයනවා. ඒත් හැම නිවසක්ම මිල අධික වුණාට පහසුකම්නම් ගොඩාක් නැහැ. ඔහුගේ කතාව එහෙම වෙද්දි හිතලා බලන්න එකම නගරයක කොයිතරම් දෙනෙක් ජීවත් වෙනවද? ඒත් ඒ හැමෝගෙම කතා එක සමාන නැහැනේ. අන්න ඒ හින්දා මම ඔයාට තව මෙන්න මෙහෙම කතාවක් කියන්නම්. බීමතින් ඉන්න සැමියෙක් ඉන්න කාන්තාවක ජීවත් වෙන්න මොන වගේ අරගල කරන්න සිද්ධ වෙයිද? බීමතින් ඉන්න සැමියගෙන් සිද්ධ වෙන අයහපත් සිද්ධිවලට මුහුණ දීලා ජීවිතය ජීවත් කරවන්න කොයි තරම් අරගලයක් කරන්න ඕනද?
ඒ දෙන්නගෙම කතා අතරතුර මේ නගරෙම හින්දු ආගම අදහන තරුණියක් මුස්ලිම් ආගම අදහන තරුණයෙක්ට ආදරය කරනවා. මේ දෙන්නට තමන්ගේ ආදරය ජය ගන්න පුළුවන් වෙයිද බැරි වෙයිද? මේක කතා තුනක් වුණාට මේ කතා තුනම සිද්ධ වෙන්නේ එකම නගරයක. එකම හින්දි සිනමාපටයකයි. ඒ සිනමාපටයහි නම 03 ස්ටෝරීස්. ඔව් ඔන්න අලුත්ම අත්දැකීමක් අරගෙන හින්දි සිනමාලෝලි ඔබ, අප වෙනුවෙන් අලුත්ම සිනමාපටයක් හින්දි සිනමාවෙහි තිරගත වෙනවා. 03 ස්ටෝරීස් හින්දා සිනමාපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ අර්ජුන් මුඛර්ජී. ඒ වගේම මේ සිනමාපටය නිෂ්පාදනය කරලා තියෙන්නේ ඔබ අපි දන්න නළුවෙක්, අධ්‍යක්ෂකවරයෙක්, රචකයෙක්, ගායකයෙක් වන ෆර්හාන් අඛ්තර් සහ රිටේෂ් සිද්වානි සහ ප‍්‍රියා ස්ක‍්‍රීධරන්. 03 ස්ටෝරීස් හින්දි සිනමාපටය 2018 මාර්තු 09 වැනිදා ඉඳලා තිරගතවෙන අතර විනාඩි 100ක ධාවන කාලයකින් යුක්තයි.
03 ස්ටෝරීස් හින්දි සිනමාපටයහි ලීලාගේ චරිතයට පණ පොවන්නේ ඔබ ආදරය කරන කෙනෙක්. ඇයගේ නම කියන්න කළින් මෙන්න මේ සිනමාපට බලලා තියෙනවනම් ඔබටම මේ කියන්න හදන්නේ කවුද කියලා මතක් වෙයි.
2008 Oye Lucky! Lucky Oye!, 2010 - Benny and Babloo, 2012 Gangs of Wasseypur - Part 1, Part 2/2013 Fukrey, Goliyon Ki Rasleela, Ram-Leela, 2014 – Tamanchey, 2015-Masaan, 2016 - Chalk n Duster, 2017-Jia Aur Jia Jia.
මතක් වුණාද? නැත්නම් මෙන්න මේ ටික ඔබ දැනටමත් දන්නවනම් මේ කියන්නේ කවුරු ගැනද කියලා ඔබට මතක් වෙයි. 1986 දෙසැම්බර 18 වැනිදා ඉන්දියාවේ පන්ජාබයේ අම්රිත්සර්වල ඉපදිලා තියෙන මැය දැනට ජීවත් වෙන්නේ නම් ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍රා ප‍්‍රාන්තයට අයත් මුම්බායි නගරයෙයි. අඩි පහයි පහක් උස මේ සුරූපිනිය 2008 ඉඳන් සිනමා නිළියක් ලෙසින් විවිධ චරිතවලට පණ පොවනවා. ලීලාගේ චරිතයට පණ පොවන්නේ රිචා චඩ්ඩා.
ශන්කර් වර්මාගේ චරිතයට පණ පොවන්නේ මෙන්න මේ සිනමාපටවල විවිධ චරිතවලට පණ පෙව්ව කෙනාමයි. මේ චිත්‍රපටවලින් 03 ඉඩියට්ස් සිනමාපටයේ ඔහු කළ චරිතය හින්දා ඔහුව ගොඩාක් හින්දි සිනමාලෝලින් විසින් හඳුනාගත්තා.
1999 Godmother, 2001 Lajja Prakash, 2001 – Style Bantu, 2003 Kahan Ho Tum, 2005 - Shaadi No.1, 2006 - Rang De Basanti, 2006 – Golmaal, 2007 - Life in a... Metro, 2007 – Raqeeb, 2008 - Sorry Bhai!, Siddharth Mathur, 2009-3 Idiots, 2010 - Toh Baat Pakki!, 2012 - Ferrari Ki Sawaari, 2012 - 3 Bachelors, 2015 - Hate Story 3, 2016 - 1920 London, 2016 - Waj
ah Tum Ho.
1979 අප්‍රේල් 28 වැනිදා උපත ලැබු ඔහු දැනට ජීවත් වෙන්නේ ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍රා ප‍්‍රාන්තයෙහි මුම්බයි නගරයේ' ඔහු නළුවෙක් සහ පුංචි තිරයෙහි වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් ද වන අතර ප්‍රෙර්නා චොප්රා සමඟින් විවාහ වෙලා ඉන්න දරුවන් තිදෙනකුගේ පියෙක්. ඔහුගේ මාමා තමයි ප්‍රේම් චොප්රා. ශංකර් වර්මගේ චරිතයට පණ පොවන්නේ ශර්මන් ජෝශි.
ඊළඟට ඔබට කියන්න හදන්නේ 03 ස්ටෝරීස් සිනමාපටයහි විලාස් නයික්ගේ චරිතයට පණ පොවන කෙනා ගැනයි. 2006 ඉඳන් ඔහු කලා කටයුතුවලට සම්බන්ධ වෙලා ඉන්නවා. ඔහු නළුවෙක්. ඒ වගේම නිරූපණ ශිල්පියෙක්. ශ්වේතා රෝහිරා සමඟින් 2014 දී විවාහ වුණු ඔහු 2015දී ඇයගෙන් දික්කසාද වුණා. ඔහු නමින් පුල්කිත් සම්රාට්. මෙන්න මේ සිනමාපටවලත් ඔහු චරිතවලට පණ පොවලා තියෙනවා.
2012 Bittoo Boss, 2013 – Fukrey, 2014 - Jai Ho, 2015 - Dolly Ki Doli , 2016 – Sanam Re, 2017-Fukrey Returns, 2018 - Veerey Ki Wedding
වර්ෂා ආත්‍රේගේ චරිතයට මසුමේෂ් මකීජාත්, ෆ්ලෝරා මෙන්ඩොන්කගේ චරිතයට රේණුකා ශහනේත්, මලිනි මාතුර්ගේ චරිතයට අයීෂා අහ්මඩ් සහ සුහේල් අන්සාරිගේ චරිතයට අන්කිත් රාතිත්, ඩොමිනික්ගේ චරිතයට ලක්ෂ් සිං විසිනුත් පණ පොවනවා.
03 ස්ටෝරීස් සිනමාපටයහි තිර රචනය අල්තියා ඩෙල්මාස් කෞශල් විසින් සිදුකරලා තියෙන තර සිනමාපටය සංගීතවත් කරලා තියෙන්නේ ක්ලින්ටන් සෙරෙජෝ. මේ සිනමාපටයහි ගීපද මාලාවන් පුනීත් ක‍්‍රිෂ්ණා, අම්ජාඩ් නදීම්, අලෞකික් රාහි, ක්ලින්ටන් සෙරෙජෝ සහ පුෂාන් මුඛර්ජි විසින් සිදු කර තියෙන අතර ඒ සුන්දර වචනවලට පණ දෙන්න තමන්ගේ හඬින් පණ දීලා තියෙන්නේ අර්ජිත් සිං, ජොනිටා ගාන්ධි, සුමේධා කර්ම්, අහේ, බියන්කා ගෝමස් සහ මෝහිත් චවුහාන්.
► Translation — Chandana Waravitage