3.50 පාන් ගෙඩියට ආණ්ඩු පෙරළන්න තරම් සාගිනිමත් ජනතාවක් සිටින රටක් මේක
ඇස් ගෙඩි දෙකට විතරක් නෙවෙයි
විඥානයටත් හෙණ ගහලා
හැමෝගෙම නෙවෙයි
බහුතරයකගේ!
රාජ වර්ණනා වැඩක් නෑ
අතීතය ගැන ප්‍රශස්ති ගයලා වැඩක් නෑ
දුටුගැමුණු යුග ගැන
පුරාජේරු කියලා වැඩකුත් නෑ
අතීතයේ අභිමානයක් තියෙනවනම්
එය භක්තියෙන් දරාගෙන
දැන්වත් අනාගතය වෙනුවෙන්
සූදානම් වෙනවා හැරෙන්නට
ඒත් මට හිතෙන්නේ
අපි හුඟ කාලෙක ඉඳන් හැමදාමත්
එක තැන...
අපි අප්‍රමාණව හීන දකිනවා
ඒත් අපි ඒ හීනවලට අත්තටු දෙන්නෙ නෑ
අපි හුඟ දෙනෙක් කරන්නෙ
හෙට දවස වෙනුවෙන්
ඒ හීන
පරිස්සම් කරන එක විතරයි
යාවත්කාලීන වෙන හීන අපි හුඟ දෙනෙකුට නෑ
අපි දුක්ඛිත හදවත්වලින්
ළපල්ල අත්හැර
වනස්පතිය මඟහැර
කේඩෑරි ගස්වලට ආදරය කරන
පරාජිතයෝ
ජීවිතය කියන්නෙත් කටු ගහක්
හැබැයි
දල්ලකට පොහොට්ටුවකට මලකට
ඉඩක් ඕනෑ
අපරාජිත හදවතකින්
ආත්මගත හිනාවකට
Sanju