2017 ජනවාරි 21 වන සෙනසුරාදා

නයනගේ මනාපෙ

 2017 ජනවාරි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 84

නයනා කුමාරි කියන්නේ පුංචි තිරයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. අපි මේ සැරේ 5 Choice විශේෂාංගයට කතා කළේ නයනට. අපි ඇහුවේ නයනාගෙන් කැමතිම අධ්‍යක්ෂවරු පස් දෙනා ගැන. නයනා කතාව පටන් ගත්තෙම, මේක නම් ඉතාම ආමාරු කටයුත්තක් මොකද අපේ රටේ මම කැමති දක්ෂ හොඳ අධ්‍යක්ෂවරු රැසක් ඉන්නවා. ඒ අතරින් තමා අමාරැවෙන් පස් දෙනෙක් ගැන කියන්න වෙන්නේ කියලා. 

 

01. විජය ධර්ම ශ්‍රී 

මෙතුමා තමා මාව පුංචි තිරයට හඳුන්වා දුන්නේ. ඔහු තුළ තියෙන මනුස්සකම සරලකම ඒ වගේම අලුත් කෙනෙක්ව මෙහෙයවද්දී ඔහු තුළ තිබ්බ ඉවසීම සහයෝගය මම ගොඩක් අගය කරනවා. ඒ විතරක් නෙවෙයි ඔහු දක්ෂ නිර්මාණ රුසක් දායාද කළ කෙනෙක්. මගේ කැමැත්ත අතර අංක එක වෙන්නේ ඔහු සතු මනුස්සකම කිව්වොත් නිවැරදියි. 


02. වසන්ත ඔබේසේකර 

ඔහු ඉතාමත් දක්ෂ ඒ වගේම නළු නිළියන්ගේ හැකියාවන් ඔහුට අවශ්‍යම විදියට ගැනීමට පුළුවන්කමක් තිබ්බ අධ්‍යක්ෂවරයෙක්. ඒ වගේම තමා ඔහු තුළ තිබ්බ නිහතමානීකම, මනුස්සකම සහ අලුත් අයට ලබා දුන්නු සහයෝගය. ඒ නිසා තමා මම එතුමාට කැමති. 

03. ප්‍රසන්න ජයකොඩි 

අධ්‍යක්ෂක කෙනෙක් විදියට මගේ ඊළඟ කැමැත්ත ප්‍රසන්න ජයකොඩිට. ඔහුත් අපිට ඉන්න අති දක්ෂ අධ්‍යක්ෂවරයෙක්. එකේ ආයේ විවාදයක් නැහැ. මමත් ඔහු එක්ක වැඩ කටයුතු කරලා තියෙනවා. ඔහු නිර්මාණයට අවශ්‍යම දේවල් විතරක් ඉතාම සියුම් විදියට රංගන ශිල්පීන් මෙහෙයවලා ගන්න හැකියාවක් තියෙන කෙනෙක්.


04. ෂර්ලි පී දෙලංකාවල 

ෂර්ලි කියන්නෙත් හරි ලස්සනට සුන්දරව නිර්මාණයට අවශ්‍ය විදියට රංගන ශිල්පීන්ව මෙහෙයවා ගන්න පුළුවන්  දක්ෂ කෙනෙක්. මට නම් ඔහු එක්ක වැඩ කරන්න ලැබුණේ චාතුර්යා නාට්‍යයේ විතරයි. සමහර අයගේ ඇස ගැටෙන්නේ නැති තැන් දෙබසෙන් කියවෙන්නේ නැති දේ ඔහු රංගන ශිල්පියාගේ හෝ ශිල්පිනියගේ අංග චලනෙන් ගන්න පවා හැකියාවක් සහ ඒවා මිනිස්සු අතරට සුන්දරව නිර්මාණයට ආදාළව රුගෙන යන්න පුළුවන්කමක් ඔහුට තියෙනවා 


05 ගාමිණී සිල්වා 

ඊළඟට මම කියන්නේ මගේ ගුරුවරයා ගැන. ඔහු වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයෙක්. ඔහු තමා මාව කලාවට යොමු කළේ. ඔහුට තියෙනවා පුදුමාකාර හැකියාවක් සහ දක්ෂකමක් මුකුත්ම දන්නේ නැති අලුත්ම අයට රංගනය ගැන හොඳ දැනුමක් ලබා දෙන්න පුළුවන්. ඒ තරමට ඔහු සතුව දැනුමක් තියෙනවා. ඒක  තමා මම ඔහු තුළින් දැක්ක දේ මොකද ගොඩක් අධ්‍යක්ෂවර් වැඩ කරන්නේ නළු නිළියන් එක්ක නමුත් ගාමිණී මහතා කියන්නේ අලුත්ම අය නළු නිළියන් කරන්නට හැකි දැනුමක් තියෙන කෙනෙක්.

‍Text – Anusha Ranasingha - Pic - FB