රජත් - ආයුබෝවන්... අදත් ඔබේ උසාවියට ඔබව ඉතාම ආදරයෙන් පිළිගන්නවා. අද ඔබේ උසාවියේ චූදිතයා රංගනයේ යෙදුණු හැම ෆිල්ම් එකම එකකට එකක් හිට් වුණා. ඒ වගේම ඇය රඟපෑ සෑම චරිතයක්ම ප්‍රේක්ෂකයන් විසින් වැළඳගත්තා. අද ඔබේ උසාවියේ චූදිතයා ඉමහත් කලබලකාරීත්වයක් ඇතිකළ උද්වේගකාරී විද්‍යා බාලන්. ඇයට එරෙහි චෝදනා ඉදිරිපත් කිරීමට අදත් මේ උසාවියේ කටයුතු ආරම්භ කිරීමට විනිසුරු ලෙසින් කටයුතු කරන අජය උපද්‍යාය විනිසුරුතුමාගේ අවසරය ලබාදීම සිදුවිය යුතුයි.
අජය - ඔබේ උසාවියේ වැඩ කටයුතු ආරම්භ කරන්න.
රජත් - 1979 ජනවාරි 01 වැනිදා ඉපදිලා තියෙන ඔබගේ නම විද්‍යා බාලන්. ෆිල්ම් ෆෙයාර් සම්මාන ඇතුළුව සම්මාන රැසක් ඔබ හිමිකරගෙන තියෙනවා. ඒ විතරක් නෙවෙයි, 2014 අවුරුද්දෙදී ඔබට ඉන්දීය රජයෙන් පද්ම ශ්‍රී සම්මානයත් හිමිවෙනවා.
සාමාන්‍යයෙන් අසාමාන්‍ය රංගනයේ යෙදෙන ඔබේ නමෙත් ඒ වගේ වෙනසක් තියෙනවා නේද?
විද්‍යා - ඔව්. බාලන් කියන්නේ ෆැමිලි නේම් එකක් නෙවෙයි. (පෙළපත් නාමයක් නෙවෙයි) ඒක පැට්‍රොනිමික් – (ගෝත‍්‍ර නාමයක්.)
රජත් - විද්‍යා බාලන්ට තියෙන පළමුවැනි චෝදනාව - ප‍්‍රතිරූපය නැති කර ගන්නවා කියන එකයි? ඔබ සෙන්ත් ඇන්තනීස් ගර්ල්ස් හයි ස්කූල් එකෙන් අධ්‍යාපනය හදාරලා සෙන්ට් ෂෙවියර්ස් කොලේජ් එකෙන් උපාධිය හදාරලා ඊට පස්සේ මුම්බායි විශ්ව විද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳව මාස්ටර් ඩිග‍්‍රි එකත් කළා. ඒත් විද්‍යා ඔබ යන යන තැනදී ඔබට විසිල් ගහන්නේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න උගත්කමින් ඉන්න නිළියක් විදියට ප්‍රේක්ෂකයන් දකින නිසා නෙවෙයි. ඔබ එහෙම හිටියා. ඒ වගේම ඔවුන් ස්මිතා පටෙල් විදියට දැක්කා. ඒත් ඔබ ඔබව සෙක්සි සිල්ක් ස්මිතා වගේ කර ගත්තා?
විද්‍යා - රජත් සර් ඩර්ටි පික්චර් ෆිල්ම් එකේ දෙබසක් තියෙනවා, සමහර අය නමක් හදාගන්නේ ඔවුන් කරන වැඩවලින්. මට මම කරන වැඩවලින් අවනම්බු විඳින්නයිවෙලා තියෙන්නේ. (හිනාවේ)
රජත් - ඩර්ටි පික්චර් ෆිල්ම් එකේ තියෙනවා ගීතයක් හනිමූන් දවසේ රාත‍්‍රියේ මමයි ඒ රාත‍්‍රිය, ඒ රාත‍්‍රියේ සිද්ධ වූ කතාවක් වේද, මමයි ඒ කතාව?
විද්‍යා - එහෙම තිබුණා. රජත් අරෝරා තමයි ඒ ගීතය ලිව්වේ. ඔහුගෙන් තමයි ඒ ගැන අහන්න ඕන... මගේ මොනවද සිල්කි වගේ තිබුණේ එහෙම ගීතයක් ලියන්න කියලා. ඒ ගීතය බැලුවානම් ඔබටත් අවබෝධයක් ලැබෙයි ඇයි ඔහු එහෙම ලියලා තියෙන්නේ කියලා. මොනවගේ සිද්ධියක්ද ඒ වෙලේ තිබුණේ කියලත්.
රජත් - තැමීලියන් කෙනෙක් වුණු ඔබේ පියා පී.ආර්. බාලන්, ඒ වගේම ගෘහණියක් වුණු ඔබේ මව සරස්වතී බාලන් වගේම ඔබගේ එකම අක්කා ප‍්‍රියා බාලන් වගේම ඔබේ ළඟම ඥාතිවරියක් වුණු ජනප‍්‍රිය නිළි ප‍්‍රියාමන්ටත් ඔබ ගැන පුවත්පත්වල යන දේවල් නිසා අපහසුතාවයට පත්වෙනවා ඇති. මොකද මේ මගේ අතේ තියෙන හැම ආර්ටිකල් එකකම තියෙන්නේ ඔබේ කාමුක රඟපෑම් ගැනයි?
විද්‍යා - ඩර්ටි පික්චර් ෆිල්ම් එකේ සිල්ක්ගේ චරිතය එහෙම එකක්. මම හොඳට චරිතය කරලා තියෙනවා. ඒකනේ ඔය වගේ ප‍්‍රතිචාර නේද? සිල්ක් එයාගේ ජීවිතයේ තීරණ එයාම අරගෙන එයාට කැමති විදියට ජීවිතය ගෙවන කෙනෙක්. එයා කාටවත් බය නැහැ. ඒ වගේම එයා කාවවත් ගණනකට ගන්නේ නැහැ. විශේෂයෙන්ම කාන්තාවන් එහෙම වෙනවානම් පිරිමි අයට ගොඩාක් ප‍්‍රශ්න ඇතිවෙනවා. එහෙම වුණාම පිරිමි ඒ වගේ අයට නොයෙකුත් නරක නම්වලින් ආමන්ත‍්‍රණය කරනවා. ඒකනේ ඒ ෆිල්ම් එකට ඩර්ටි පික්චර් කියන නම දමලා තියෙන්නෙත්.
රජත් - නමෙන්ම ෆිල්ම් එකේ තියෙන්නේ නරක දේවල් කියන එක කියවෙනවා නේද?
විද්‍යා - මෙහෙමයි මිනිස්සු බලන විදිහෙයි ප‍්‍රශ්නය තියෙන්නේ. මම කිව්වේ නැහැනේ ඒ ෆිල්ම් එක නරකයි කියලා නේද? හැමෝම බලන්නේ එක විදියට නෙවෙයිනේ. වැරදි ඇහෙන් බැලුවොත් වැරදි විතරයිනේ පේන්නේ.
රජත් - ඔබේ සටයිලිස්ට් නෙහාරිකා ඛාන් කියලා තියෙනවා ඩර්ටි පික්චර් ෆිල්ම් එක නිසා කාමුකත්වය නිරූපණය කරන ෆිල්ම්වල ඉහළින්ම නමක් තියාගෙන හිටිය ඉම්රාන් හෂ්මිවත් විද්‍යා බාලන් පරාද කළා කියලා?
විද්‍යා - ඒ ෆිල්ම් එකේ මට කරන්න තිබුණේ සෙක්සි සිල්ක් කියන ගීත ජවනිකාවලට පෙනී ඉන්න නිළියකගේ චරිතයක්. ශාන්ත දාන්ත චරිතයක් බිකිනියක් ඇඳගෙන කරොත් කොහොමද? ඒ වගේම තමයි සිල්ක් කියන්නේ ඩාන්සින් ස්ටාර් කෙනෙක්. එයා කාටවත් ඕන විදියට ජීවත්වෙන කෙනෙක් නෙවෙයි. එයා එයාට ඕන දේ කොහොම හරි කරන කෙනෙක්.
රජත් - නස්රුදින් ශාහ ඒ ෆිල්ම් එකේ කියනවා ‘‘වැදගත් විදියට ඇඳුම් ගලවන්න... වැඩිපුරම ලජ්ජ වෙන්නේ වැදගත්කම නැතිවෙනවට විතරයි කියලා?
විද්‍යා - රජත් සර් මට හිතෙනවා අපි හැමෝම වැදගත්. ඒ කතාව ගොඩාක් නිවැරදියි කියලා මම හිතනවා. මට ඒ ෆිල්ම් එකේ ගීතයක් මතක් වෙනවා. අර හම් ජෝ ආට්නේ දේතේ කියන ගීතය. ඒකේ තේරැම අපිව හොයාගෙන කාට හරි එන්න දෙනවනම් ඔවුන් අපිව සොයාගෙන එන මාවතේ සැඟවී එනවා. (හිනා)
නඩුව ඊළඟ සතියට කල්තැබේ
Translation — Chandana waravitage