සැන්ෆ‍්‍රැන්සිස්කෝවල ආයෝජකයෙක් ලෙසින් කටයුතු කරන කෙනෙක් තමයි රිෂී කියන්නේ. එයාට කෝල් එකක් එනවා ශ්වේතා කියන කලින් ඔහුගේ පෙම්වතියගෙන්. ඒ දෙන්නා මෙඩිසින් ගැන එකම කොලේජ් එකක ඉගෙන ගත්තා. දෙන්නත් එක්ක විවාහ වෙන්න හිතාගෙන හිටියත් ශ්වේතාගේ තාත්තා වෙනත් කෙනෙක්ට විවාහ යෝජනාවක් ගෙනල්ලා ශ්වේතාව විවාහ කරලා දෙනවා. ඔහුගේ නම කාර්තික්. රිෂී තමන්ගේ ඥතියෙක්ගේ විවාහ උත්සවයකට සහභාගී වෙන්න ඉන්දියාවට එනවා. ඔහු ඉන්දියාවේදි බාබු ඛාන් කියලා කෙනෙක්ගෙන් කාර් එකක් හයර් එකට ගන්නවා. රිෂී තමන්ගේ සහෝදරියගේ නම ලිපිනයට කෝල් ගන්න සිම් කාර්ඩ් එකක් ගන්නවා. ඔහු නවතින්නේ මැරියට් කියන හොටෙල් එකේ. රෙස්ටුරන්ට් එකේදී රිෂීට ශ්වේතාව හම්බවෙන අතර ඇයගේ අවුරුදු පහක් වයසැති දියණිය අතුරුදන් වී ඇති බවත් ඔහු දැනගන්නවා. ශ්වේතාගේ දුවගේ නම රියා. රිෂී මේ අතුරුදන් වුණු දරුවා ගැන හොයලා බලන්න පටන් ගන්නවා. ඒ නිසා ඔහුට දාමරිකයන්ගේ පහර කෑමටත් සිදුවෙනවා.
ආ.. තව දෙයක් කියන්න අමතක වුණානේ. ඒ තමයි මේ කාර්තික්ට සහෝදරයෙක් ඉන්නවා. ඔහු මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණු කෙනෙක්. රියා අතුරුදන් වෙන දවසේ වෙස් මූණු පැළඳ ගත් දෙන්නෙක් රියාට පහර දෙන හැටි සී.සී.ටී.වී කැමරාවල පටිගත වෙලා තියෙනවා. රියා කියන්නේ ඇත්තටම කාර්තික්ගේ දුවද නැත්නම් රිෂීගේ දුවද? ඒ ගැන දැනගන්නනම් ඔබටත් ත‍්‍රාසය, භීතිය, කුතුහලය සපිරි බාගී 2 හින්දි සිනමාපටය නරඹන්නට සිදුවෙනවා. ඒත් මම දැන් ඔබට කිව්වේනම් ක්ශනම් කියන තෙළිඟු සිනමාපටයෙහි කතාවයි. ඒ ඇයි දන්නවද? බාගි 02 හින්දි සිනමාපටය හදලා තියෙන්නේ ක්ශනම් කියන තෙළිඟු සිනමාපටය ආශ‍්‍රය කරගෙනයි. මේ තියෙන නම් ගම් වෙනස් කරලා තියෙනවා. ඒත් කතාවනම් එකක් කියලා තමයි ආරංචිය. බාගි 02 හින්දි සිනමපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ අහමඩ් ඛාන්. නිෂ්පාදනය කරලා තියෙන්නේ සජිද් නදියාද්වාලා. බාගි 02 හින්දි සිනමාපටය ලියලා තියෙන්නේ නම් හුසේන් දලාල්, ජෝජෝ ඛාන් සහ අබ්බාස් හයිරපූර්වාලා සහ නීරජ් මිශ‍්‍රා කියන කට්ටිය. ඒ වගේම බාගි 02 සිනමාපටයහි කතාව අදිවි සේෂ්ගේ වන අතර සජිද් නදියාද්වාලා විසින් තව කොටස් එකතු කරලා තියෙනවා කියලා තමයි කියන්නේ.
2018 මාර්තු 30 වැනිදා ඉඳන් තිරගත වෙන බාගි 02 හින්දි සිනමාපටය විනාඩි 144ක් පුරා ප‍්‍රදර්ශනය වන අතර 2016 තිරගත වුණු තෙළිඟු සිනමාපටයක් වන ක්ශ
නම් කියන සිනමාපටය ආශ‍්‍රයෙන් තමයි මේ සිනමාපටය හදලා තියෙන්නේ. රිෂී කියලා තියෙන නම වෙනුවට බාගි සිනමාපටයහි යොදා ගන්නේ රොනී කියලයි. දැන් මේ රොනීගේ චරිතයට පණ පොවන කෙනා ගැන කියන්නයි මේ හදන්නේ. මෙන්න මේ සිනමාපට මතකයිද කියලා බලන්නකෝ. මේවයිත් හිටියේ ඔහුම තමයි.
2014 Heropanti, 2016 Baaghi, 2017 Munna Michael

1990 මාර්තු 02වැනිදා ඉන්දියාවේ මහාරෂ්ට‍්‍රාවල මුම්බයි නගරයේදී ඉපදුණු ඔහු සිනමා නළුවෙක් වෙන්නේ 2014 වසරේ ඉඳන්. ටයික්වුන්ඩූ කියන සටන් ශිල්පයෙහි කළු පටි ධාරියෙක් ද වන මොහුගේ සහෝදරියගේ නම ක‍්‍රිෂ්ණා වන අතර ඔහුගේ නම ජය හේමන්ත් ෂෙරොෆ්. තව විදියකින් කියනවා නම් හින්දි සිනමාවේ ජනප‍්‍රිය නළුවෙක් වන ජැකී ෂෙරොෆ් සහ ඔහුගේ බිරිඳ අයේශා ෂෙරොෆ්ගේ පුතා තමයි මොහු. ඔබ ඔහුව දන්නේ ටයිගර් කියන නමිනුයි. 1990 මාර්තු 02වැනිදා ඉන්දියාවේ මහාරෂ්ට‍්‍රාවල මුම්බයි නගරයේදී ඉපදුණු ඔහු සිනමා නළුවෙක් වෙන්නේ 2014 වසරේ. රොනී ගැන දැන් ඔබ දන්නවනේ. තෙළිඟු සිනමාපටයෙහි ශ්වේතාගේ නම බාගි 02 සිනමාපටයේදී නේහා වෙනවා. නේහාගේ චරිතයට පණ පොවන්නේ කවුරුන් වෙන්න පුළුවන්ද? ඔබම හිතලා බලන්නකෝ. නේහාට පණ පොවන මේ කියන සුන්දර තරුණිය ඉපදිලා තියෙන්නේ ඉන්දියාවේ උත්තර් ප‍්‍රදේශ්වල බරේලිවලදී කියලා තමයි කියන්නේ. ඇය නිළියක් වගේම මෝස්තර නිරෑපණ ශිල්පිනියක්. එයා 2015 දී තෙළිඟු සිනමාපටයක් වන ලෝෆර් කියන සිනමාපටයෙන් චරිතයකට පණ පොවලා තියෙනවා. ඊට අමතරව එම්. එස් දෝනි; ද අන්ටෝල්ඩ් ස්ටෝරි (2016) කියන සිනමාපටයේත් චරිතයකට පණ පොවලා තියෙනවා. ඊට අමතරව බේෆික‍්‍ර කියන මියුසික් වීඩියෝවටත් පෙනී ඉඳලා තියෙනවා. මෙන්න මේ සිනමා සම්මාන උළෙලවලින් Star Screen Awards, Stardust Award, International Indian Film Academy Awards, Films of India Online Awards සම්මාන පවා දිනලා තියෙන ඒ රෑමතියගේ නම දිශා පටානී.
ටයිගර් ෂ්‍රොෆ් සහ දීශා පටානිට අමතරව බාගි 02 සිනමාපටයහි චරිතවලට ප‍්‍රතීක් බබ්බර්, මනෝජ් බජ්පායී, රන්දීප් හූඩා, දීපක් දොබි‍්‍රයාල් කියන රංගන ශිල්පියොත් ඉන්නවා. මෙයට අමතරව මෝහිනී කියන අයිටම් සෝන්ග් එකට ආරාධිත ශිල්පිනියක් විදියට ජැක්ලීන් ෆර්ඩිනෑන්ඩස් එකතුවෙලා තියෙනවා. මේ සිනමාපටයට සප්ත ස්වරයන්හි සුන්දරත්වය එකතු කරලා කතාවේ රසය වැඩි කරලා තියෙන්නේ ජුලියස් පාකියම්. 2017 අගෝස්තු 09 වැනිදා මුම්බයිවලදී තිරගත කිරීම ආරම්භ කළ මේ සිනමාපටයහි පූනේ කැම්පස් එක මානාලීවලදි හිම කැට අතරත්, තායිලන්ඩ් සහ චීනයේත්, ගෝවාවලදි වගේම ලඩක්වලදිත් තිරගත කිරීම් කරලා තියෙනවා. මේ සිනමාපටයහි තියෙන සුන්දර ගීපද මාලාවන් ගින්නි දිවන්, ආර්කෝ ප‍්‍රාවෝ මුඛර්ජි, සයීද් ක්වාදරී, ජාවෙද් අඛ්තර් සහ කුමාර් විසින් රචනා කරලා තියෙන අතර ඒ පද මාලාවන් හැඩ කරන්න සප්ත ස්වරය මුසු කරලා තියෙන්නේ සංදීප් ශිරෝද්කර්, ආර්කෝ ප‍්‍රාවෝ මුඛර්ජි, ජිමිතූන්, සංදීප් ශිරෝද්කර්, ගෞරව් - රෝෂින් වන අතර මේ ගීපද මාලාවන්ට පණ දෙන්න තමන්ගේ රමණීය හඬ මුසු කරලා තියෙන්නේ නව‍්‍රජ් හාන්ස්, පලක් මුච්චල්, අතීෆ් අස්ලම්, පායල් දේව්, ජුබින් නවුටියාල්, ශ‍්‍රියා ගෝෂල්, අන්කිත් තිවාරී සහ ශෘති පතක්. ටයිගර්, ශ‍්‍රද්ධා කපූර් එක්ක බාගි සිනමාපටයේ කළ රංගනයට සමාන රංගනයක් ද බාගි 02 සිනමාපටයෙත් කරන්නේ කියලා බලන්න දැන් ඔන්න ඔබටම අවස්ථාව තියෙනවා.
► Translation — Chandana Waravitage