ඇස් පියාගන්න එක මොහොතක්
උණුසුම් ඔය පපුතුරේ
නිදා වැටෙන තරු අතරින්
කියන්න ඔබ දැන් එනවද
වචන නැතුව කතා කරන
ඔය ලොකු ඇස් පාමුල මම
ජීවිතයේ ගිමන් හරිමි
කියන්න ඔබ දැන් එනවද
ජීවිතයේ කටු තුඩු මත
පොහොට්ටුවක් හෙට පිපේවි
හීනවලට තටු අරගෙන
කියන්න ඔබ දැන් එනවද
සඳ අහසට නෑවිත් අද
මහ කළුවර කෝල කරන
අනන්තයේ සුයාමයට
කියන්න ඔබ දැන් එනවද
saa