2018 මැයි 05 වන සෙනසුරාදා

සිඳුතෙර

 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 100

මහ වැස්ස එනු මැනව 
ඇස් පියා හිඳිමි මම 
කළුවරෙහි පියන් පත් 
හැර දැමූ මහ රැක 
නුඹේ හඬ අසන්නට 
ඇස් පියා හිඳිමි මම....


ජීවිතේ පතුලකම 
ගුලි ගැහී ඉකිගසන 
දුක්බරම සීතලක 
කඳුළු බිඳ සිපගන්න 

මහ වැස්ස එනු මැනව 
ඇස් පියා හිඳිමි මම 

අරුත් පසිඳින්න නුඹ 
කවිකාර ස්නේහයේ 
කාගෙවත් ඇස නොදුටු 
අනන්තයේ ඉමක හිඳ 

මගේමයි මේ අහස 
වැහි අරන් එන දාට 
කළුවරත් කවියක්ය 
ප්‍රේමයක් තරමටම 

I saa