ලෝකයේ සුන්දරත්වය වැඩිවෙන්න ලොකුම හේතුවක් තමයි විවිධත්වය. අප අවට තියෙන ගහකොළ මල් පළතුරු සතාසීපාවා වගේම මිනිස්සුත් විවිධාකාරයි. ආසියානුවන්, යුරෝපීයයන්, අප්රිකානුවන් වගේ ඒ ඒ මහාද්වීප අනුව මිනිස්සු විවිධයි. හමේ පාට, ශරීරයේ උස මහත, ඇස්වල මහත, පාට, කොණ්ඩෙ පාට වගේ ගොඩක් දේවල්වලින් මිනිස්සු වෙනස් වෙනවා. ඉතින් මේ විවිධත්වය තමන්ගේ පෞද්ගලික ජීවිතේට එකතු කරගත්තු හොලිවුඩ් තරු කිහිපයක් ගැන අපි සොයා බැලුවා.
මැඩෝනා කියන්නේ බටහිර ලෝකයේ ඉන්න සුපිරිම ගායිකාවක්. බිල්බෝඩ් දර්ශකයේ උඩින්ම හිටි තරුවක් වෙච්චි ඈට ඩෙවිඩ් නමින් පුතෙකුත් මර්සි නමින් දියණියකුත් ඉන්නවා. නමුත් මේ දෙදෙනාම මැඩෝනාගේ කුසින් බිහිවුණු දරුවන් නෙමෙයි. ඈ 2006දී ඩේවිඩ්වත් 2009දී මර්සිවත් ලබාගත්තේ මලාවි කියන අප්රිකානු රටෙන්. ඇත්තටම මැඩෝනා හින්දා මලාවි රටටත් ලොකු ප්රසිද්ධියක් ලැබුණා. ඒත් පස්සෙ පස්සෙ මලාවි රටේ මිනිස්සු මැඩෝනාට බණින්නත් පටන් ගත්තා.
අනූව දශකයේ බටහිර රිදී තිරය කළඹවපු නිළියක් තමයි මෙග් රයන් කියන්නෙ. ඇයට ජැක් නමින් තමන්ගේම පුතෙක් හිටියත් ඈ 2006 අවුරැද්දෙදි චීනයෙන් ලබාගන්නා ඩේසි තමන්ගෙ දියණිය විදිහට හදාවඩා ගන්න පටන්ගත්තා.
බ්රැඩ් පිට් සහ ඇන්ජලීනා කියන්නේ තවදුරටත් විවාහක ජෝඩුවක් නොවන බව හැබෑව. ඒත් මේ දෙන්නා විවාහ වෙලා හිටපු කාලේදි ලෝකෙ වටෙන්ම දරුවන් හදාගන්න ගත්තු එකට ලොකු ප්රසිද්ධියක් ඉසිලුවා. එයාලට ෂිලෝ, නොක්ස්, විවේන් කියලා තමන්ගේම දරුවන් තුන්දෙනෙක් හිටියත් 2001දී ඔවුන් කාම්බෝජයෙන් පිරිමි දරුවෙක් හදාගන්න ගත්තා. ඔහුගේ නම මැඩොක්ස්. ඉන්පස්සේ 2005දී දියණිය වන සාරා මාලි ඔවුන් ගෙන්වාගත්තේ ඉතියෝපියාවෙන්. අන්තිමට පැක්ස් නම් වූ තමන්ගේ බාල පුතාව ඔවුන් 2007දී හදාගන්න ගත්තේ වියට්නාමයෙනුයි. ඔවුන් විවාහ වුණේ මේ දරුවන් ලැබුණාට පසුවයි. ඒ නිසා ඔවුන්ගේ විවාහ ඡායාරූපයටත් ළමයි එක්වුණා.
අතිශය ජනප්රියත්වයට පත්වුණු චිත්රපට ගණනාවකින්ම ලෝකය පුරා තමන්ගේම රසික කැළක් බිහිකරගත්තු රංගන ශිල්පිනියක් තමයි චාලීස් තෙරෝන්. ඈ අවිවාහකයි. නමුත් දරු දෙදෙනෙකුගේ මවක්. ඈට අවසාන වරට තිබුණු පෙම් සබඳතාවත් බිඳ වැටුණයින් පස්සේ ඈ මවක වීමේ තම සිහිනය තනිවම ඉෂ්ඨ කරගන්න සැලසුම් කළාලු. ඒකෙ ප්රතිඵලය තමයි ජැක්සන් නම් ඇගේ පුතා සහ ඕගස්ට් නම් දියණිය. මේ දෙදෙනාම කළු ජාතික දරුවන්. ඔවුන්ව අමෙරිකාවෙන්ම ලබාගත් බව තමයි දැනගන්න තියෙන්නෙ.
මේ දෙදෙනාත් හොලිවුඩයේ හිටි කාගේත් ආදරය දිනාගත් යුවලක්. ඔවුන්ගේ දරු දෙදෙනාත් හදාගන්න ගත්තු ළමයි දෙදෙනෙක්. කොනර් සහ ඉසබෙලා යන මේ පුතා සහ දුව යන දෙදෙනාම කෘස්- කිඩ්මන් විවාහය දෙදරා යෑමෙන් පසුව පියා, ටොම් කෘස් සමඟ ජීවත් වෙනවා.
► Text — Rehan