2018 මැයි 12 වන සෙනසුරාදා

ඔත්තු බැලිල්ලයි මරු ආදරයයි

 2018 මැයි 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 118
 
කාලය 1971 අවුරුද්ද. මේ කාලයේ ඉන්දියාවයි පකිස්තානයයි අතර කශ්මීරය බෙදා ගන්න බැරුව හොඳටම යුද්ධය පැවතුණු කාලයක්. ඉන්දියාවට පකිස්තානයේ යුද රහස් හොයාගන්න අවශ්‍ය වෙනවා. මෙන්න මේකට ඉන්දියානු හමුදාව යොදා ගන්නේ කාශ්මීරයේ ජීවත් වෙන ලස්සන රූපශ්‍රීයෙන් අගතැන්පත් කෙල්ලෙක්ව. ඇය පකිස්තානයේ යුද හමුදා නිලධාරියෙක් වන ඉක්බාල් එක්ක විවාහ වෙනවා. මේ කෙල්ලගේ නම සෙහමත්. රට වෙනුවෙන් ඔත්තු බලන්න ගිහිල්ලා මේ කෙල්ලට මොනවා වෙයිද? ඒ ගැන දැනගන්න නම් 2018 මැයි 18 වැනිදා තිරගතවන රාසී කියන හින්දි සිනමාපටය නරඹන්නට ඔබටත් සිදුවෙනවා. රාසී සිනමාපටයේ සෙහමත් කියන කෙල්ලගේ චරිතයට පණ පොවන ඇය ගැන කියන්නයි මේ හදන්නේ. ඇය 1993 මාර්තු 15 වැනිදා ඉන්දියාවේ මුම්බායිවල ජීවත් වුණත් ඇය බ්‍රිතාන්‍ය ජාතිකයෙක් විදියටයි ඇයගේ ජීවන තොරතුරුවල දක්වලා තියෙන්නේ. නිළියක් වගේම ඇය ගායිකාවක්. 2012 ඉඳලා තමයි ඇය හින්දි සිනමාවට එක්වුණේ. ඒ වගේම තමයි ඇය ඉන්දියාවේ වැඩිම මුදලක් අයකරන නිළියක් විදිහට වාර්තා පොත්වලට ඇතුළත් වෙන ගමන් දෙවතාවක්ම ෆිල්ම් ෆෙයාර් සම්මානයෙන් පිදුම් ලබලත් තියෙනවා. මෙන්න මේ සිනමාපටවලින් ඇය ඔබ හමුවට පැමිණියා.
 
1999 - Sangharsh, 2012 - Student of the Year, 2014 - Highway, 2014 - 2 States, 2014 - Humpty Sharma Ki Dulhania, 2014 Going Home, 2014- Ugly, 2015 – Shaandaar, 2016 Kapoor and Sons, 2016 - Udta Punjab, 2016 - Ae Dil Hai Mushkil, 2016 - Dear Zindagi, 2017 - Badrinath Ki Dulhania, 2018 - Welcome to New York.
 
මේ සියල්ලටම කලින් ඇය ශාරුක් ඛාන්ගේ දියණිය ලෙසිනුත් කුඩා කාලයේ රඟපෑමේ නිරතවෙලා තියෙනවා. හින්දි සිනමාවේ ජනප‍්‍රිය සිනමාවේදියෙක් වන මහේෂ් භාත් සහ නිළියක් වෙන සෝනි රස්දාන් තමයි ආලියා භාත්ගේ මව්පියන්. ඔව්. ආලියා භාත් තමයි සෙහමත්ගේ චරිතයට පණ පොවන්නේ.
 
 
මේඝ්නා ගුල්සාර් අධ්‍යක්ෂණය කරලා තියෙන රාසී හින්දී සිනමාපටය නිෂ්පාදනය කරලා තියෙන්නේ කීප දෙනෙක්. විනීත් ජේන්, කරන් ජොහාර්, අපූර්ව මෙහතා සහ හිරූ යාශ් ජිහාර් තමයි ඒ කට්ටිය. රාසී හින්දී සිනමපටය තිර රචනය භවානී අයියර් සහ මේඝ්නා ගුල්සාර් විසින් රචනා කරලා තියෙන අතර හරින්දර් සික්කා කියන ලේඛකයගේ කෝලින් සෙහමත් කියන නවකතාව ඇසුරු කරගෙන තමයි මේ සිනමාපටයෙහි තිර රචනය සිදු කරලා තියෙන්නේ. මේ සිනමාපටයෙහි සෙහමත්ගේ චරිතයට පණ පොවන්නේ ආලියා භාත් කියලා කිව්වට ඇය විවාහවෙන ඉක්බාල්ගේ චරිතයට පණ පොවන්නේ කවුද කියලා ඔබට තවමත් කිව්වේ නැහැ. 1988 මැයි 16 වැනිදා උපන් ඔහු 2009 ඉඳන් සිනමා නළුවෙක් විදියට කටයුතු කරනවා. ඔහුගේ පියා හින්දි සිනමාවම දන්න කියන සටන් අධ්‍යක්ෂවරයෙක් වන ශ්‍යාම් කෞශා. මෙන්න මේ කියන සිනමාපටයන්හි සිටිය නළුවා ඔබට මතකද කියලා බලන්නකෝ.
2012 - Luv Shuv Tey Chicken Khurana, 2015 - Bombay Velvet, 2015 – Masaan Deepak, 2016 – Zubaan.
 
මතක් වුණේ නැතුවට කමක් නැහැ. කොයිතරම් දේවල් නම් අපිට මතක තියාගන්න තියෙනවද නේද? රාසී සිනමාපටයෙහි ඉක්බාල්ගේ චරිතයට පණ පොවන්නේ විකී කෞශාල්. විකීට අමතරව මේ සිනමාපටයෙහි රජිත් කපූර්, ශිෂීර් ශර්මා, ජයදීප් අහ්ලාවත්, අෂ්වත් භාත්, අමෘතා ඛන්විල්කර් සහ සෝනි රස්දාන් ඒ කියන්නේ ආලියා භාත්ගේ මවත් මේ සිනමාපටයෙහි චරිතයන් සඳහා පණ පොවනවා. රාසී සිනමාපටය සප්ත ස්වරයන්ගෙන් හැඩ කරලා තියෙන්නේ ශන්කර් - ඒශාන් - ලෝයි කියන සංගීත ශිල්පීන් තුන් කට්ටුවයි. රාසී සිනමාපටයෙහි ගී පද රචනා කරලා තියෙන්නේ ගුල්සාර්. මේ සිනමාපටයෙහි තියෙන රමණීය ගේය පදයන්ට පණ දෙන්න තමන්ගේ සුන්දර කටහඬ මුසු කරලා තියෙන්නේ අර්ජිත් සිං, හර්ෂදීප් කෞර්, විභා සරෆ්, ශන්කර් මහදේවන් සහ සුනිධි චවුහාන්. මේ සිනමාපටයෙහි තිරගත වෙන දිනය ආලියා වගේම කරන් ජොහාරැත් තමන්ගේ ට්විටර් ගිණුමෙන් දන්වලා තිබුණා. ඒ වගේම මේ සිනමපටයේ රූගතකිරීම් මුළුමනින්ම වගේ සිද්ධ වෙලා තියෙන්නේ ඉන්දියාවේ බවයි සඳහන් වෙන්නේ. රාසී කියන වචනයේ තේරුම ගැනත් ඔබ දැනගන්න කැමත්තෙන් ඇතිනේ. රාසී කියලා කියන්නේ ඒත්තු ගැන්වීම, කැමති කරවා ගැනීම, පෙළඹවීම යන තේරුම් යැයි සඳහන් කරන ගමන් අදට සමුගන්නම් ලබන සතියෙත් අලුත්ම හින්දි සිනමාපටයක තතු විත්ති ඔබට කියන්නට එන බලාපොරොත්තුවෙන්.
 
 
කාලය 1971 අවුරුද්ද. මේ කාලයේ ඉන්දියාවයි පකිස්තානයයි අතර කශ්මීරය බෙදා ගන්න බැරුව හොඳටම යුද්ධය පැවතුණු කාලයක්. ඉන්දියාවට පකිස්තානයේ යුද රහස් හොයාගන්න අවශ්‍ය වෙනවා. මෙන්න මේකට ඉන්දියානු හමුදාව යොදා ගන්නේ කාශ්මීරයේ ජීවත් වෙන ලස්සන රෑපශ්‍රීයෙන් අගතැන්පත් කෙල්ලෙක්ව. ඇය පකිස්තානයේ යුද හමුදා නිලධාරියෙක් වන ඉක්බාල් එක්ක විවාහ වෙනවා. මේ කෙල්ලගේ නම සෙහමත්. රට වෙනුවෙන් ඔත්තු බලන්න ගිහිල්ලා මේ කෙල්ලට මොනවා වෙයිද? ඒ ගැන දැනගන්න නම් 2018 මැයි 18 වැනිදා තිරගතවන රාසී කියන හින්දි සිනමාපටය නරඹන්නට ඔබටත් සිදුවෙනවා. රාසී සිනමාපටයේ සෙහමත් කියන කෙල්ලගේ චරිතයට පණ පොවන ඇය ගැන කියන්නයි මේ හදන්නේ. ඇය 1993 මාර්තු 15 වැනිදා ඉන්දියාවේ මුම්බායිවල ජීවත් වුණත් ඇය බ්‍රිතාන්‍ය ජාතිකයෙක් විදියටයි ඇයගේ ජීවන තොරතුරුවල දක්වලා තියෙන්නේ. නිළියක් වගේම ඇය ගායිකාවක්. 2012 ඉඳලා තමයි ඇය හින්දි සිනමාවට එක්වුණේ. ඒ වගේම තමයි ඇය ඉන්දියාවේ වැඩිම මුදලක් අයකරන නිළියක් විදිහට වාර්තා පොත්වලට ඇතුළත් වෙන ගමන් දෙවතාවක්ම ෆිල්ම් ෆෙයාර් සම්මානයෙන් පිදුම් ලබලත් තියෙනවා. මෙන්න මේ සිනමාපටවලින් ඇය ඔබ හමුවට පැමිණියා.
 
► Translation — Chandana Waravitage
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00