2018 මැයි 12 වන සෙනසුරාදා

වසුන්දරා මගේම හීනයක්

 2018 මැයි 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 323

ඔබ කවුද? ගායන ක්ෂේත්‍රයට මුලින්ම ආවේ කොහොමද?
මගේ නම පාලිත එස්. හළුවන. මම විවාහකයි. මට දියණියක් සිටිනවා. මම දැනට පදිංචිව සිටින්නේ කොටහේනේ. මේ ක්ෂේත්‍රයට මම පොඩි කාලයේ ඉඳන් කැමතියි.

ගායන ක්ෂේත්‍රයට එනවා කියලා අරමුණක් තිබුණද?
ගායනයට එනවා කියලා අරමුණක් මට තිබුණේ නෑ. මම ආසාවෙන් හිටියේ රංගන ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න. ඒත් මට අවස්ථාවක් ලැබුණේ නෑ. ඒ වගේම මට චිත්‍ර ඇඳීමේ හැකියාවක් තියෙනවා. 

මෙම ගීතය ඔබගේ පළමු ගීතයද? නැත්නම් තවත් නිර්මාණ තියෙනවාද?
මම නිර්මාණ කීපයක් මීට කළින් කරලා තිබුණා. නමුත් මේ ගීතය තමයි පටිගත කරපු පළමු ගීතය. 

ඔබ ගායකයෙක් කළ වසුන්දරා ගීතය ගැන කතා කරමු.
ගීතයක් කිරීමට ආසාවක් ආවට පස්සේ මගේ ගුරුවරයකුගෙන් ගී පද රචනාවක් මම ලියලා ඉල්ලුවා. ඒ ගුරුවරයා අසේල ප්‍රියනන්දන. ඔහු මගේ පාසලේ ගුරුවරයා. මමත් ගීත නිර්මාණ කිහිපයක් කරලා තිබුණා. නමුත් මට ඕන වුණේ මේ වසුන්දරා ගීතය පටිගත කරලා මගේ ගුරුවරයාට පිරිනමන්න. මේ ගීතයෙන් කියවෙන්නේ ආදරයේ විරහව ගැන.

ඔබට මේ ගීතය කිරීමට උදව් කළේ කවුද?
ඔව්.. ඇත්තටම ගොඩක් අය ඉන්නවා. තිලක් සේනාධීර සහෝදරයා තමා මේ ගීතය කිරීමට මූලික අඩිතාලම දැම්මේ. ඊට පස්සේ ඔහු හරහා මට විශාරද හේමලාල් ගීතදේව කලා ශිල්පියා මුණගැසුණා. ඔහු තමා මේ ගීතයේ තනුව, සංගීත සංයෝජනය සියල්ල කළේ. ඒ වගේම ප්‍රියන්ත එස්. වන්නිනායක මට ගොඩක් උදව් කළා. ඔවුන්ගෙන් ලැබුණු සහයෝගයෙන් තමා මේ ගීතය කිරීමට හැකි වුණේ.

මොනවද ඉදිරියට තිබෙන බලාපොරොත්තු?
මම මේ නිර්මාණය කළේ මගේ තිබුණු ආශාවටත් සහ අත්හදාබැලීමක් විදිහට. මේ ගීතයට ලැබෙන ප්‍රතිචාර අනුව තව හොඳ නිර්මාණ කිරීමට මම බලාපොරොත්තු වෙනවා.

 

► Text – Channa Kassapa 

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00