සමහර ප්‍රයිවට් බස්වල ගමන් කරන කට්ටිය කියනවනෙ, ඉබ්බො ඊට වඩා හයියෙන් යනවා කියලා. ඔන්න නිෂ්පාදන කණ්ඩායමේ වෑන් එක මිස්වෙච්ච එක්තරා කලා ශිල්පියෙක් දර්ශන තලයට ඇවිත් තියෙන්නෙ ප්‍රයිවට් බස් එකකින්.
ඇවිල්ලා දිග හෑල්ලක් කියනවලු එයා ආපු බස් මාර්ගයේ බස්වල වේගය ගැන.
ඕවා හොඳයි වෙසක් කාලෙට. හැමදාම යන මිනිස්සු දන්නවා ඒකෙ රඟේ. මගේ යාළුවෙක් ළඟදී කිව්වා මාර කතාවක්. රැවුල කපලා බස් එකට නැග්ගම, බහිද්දී රැවුල වැවිලලු. ඒ තරම්ම කාර්යක්ෂමයි.
දැන් දැන් රියැලිටි වැඩසටහන් එදා තරම්ම මිනිස්සුන්ට සමීප නොවුණට, ව්‍යාපාරික කෝණයකින් බලන විට එය සුවිශාල කෝටි ගණනක ප්‍රතිලාභ ලබන ව්‍යාපෘති බව දන්නෝ දනිති. ප්‍රේක්ෂකයන්ට ඒ කිසිම දෙයක් අදාළ නැත. ඔවුන්ට අවශ්‍ය වන්නේ හුදු විනෝදාස්වාදය පමණි.
ඒත් ඒ මුවාවෙන් වර්තමානයේ රියැලිටි වැඩසටහන්වලට සහභාගිවන අය විශාල පීඩනයකට ලක්වී තිබෙන බව, ඒ වැඩසටහන්වලට සහභාගිවන අය මැසිවිලි නඟනවා.
අපට දාන්නෙ අරුම පුදුම කොන්දේසි. කොටින්ම කියනවනම් අපේ සාරය උරාබීමක්. සමහර චැනල් කියනවා අපට අවුරුදු දෙක තුනක් වෙන චැනල්වලට යන්නත් එපා කියලා.
ඔන්න මේ වගේ දැඩි තරගකාරිත්වයක් මැද හැදෙන රියැලිටි තමයි රටට නරඹන්න වෙලා තියෙන්නෙ.
දැන් ඉතින් අපේ නළු නිළියන්ට රඟපානවට අමතරව වෙනත් වැඩ රාජකාරි ගොඩක් තියෙනවනෙ. සින්දු කියනවා, නටනවා, විනිශ්චය කරනවා. ලංකාවෙ විතරක් නෙවෙයි, සමහර වෙලාවට පිටරටවල්වලටත් යන්න වෙනවා.
ඔන්න ඔය වගේ පිටරටක තිබුණු නර්තන ප්‍රසංගයකට අපේ රටේ ප්‍රවීණ මෙන්ම නව පරපුරේ කලා ශිල්පීන් ශිල්පිනියන් සහභාගි වුණාලු. ප්‍රවීණතම නළු නිළියන්ගෙන්නම් කිසිම කරදරයක් වුණේ නැහැලු. ඒත් සමහර අලුත් කට්ටිය මාර විදිහට වාත වුණාලු.
එක්තරා කෙනෙක් වැඩේ පටන්ගන්න කලින්ම කිව්වලු මුළු ෂෝ එකේම මුල ඉඳන් අග වෙනකම් එයාව පේන්න ඕනෙ කියලා.
දෙකට නැමෙන්නෙ නැති නර්තන අධ්‍යක්ෂකවරයා ඇහුවලු ප්‍රවීණ අයවත් දාන්නෙ නැති පුස් පාට් ඊයෙ පෙරේදා ආපු ඔයා මොකද දාන්නෙ කියලා.
ඔයාගෙ අයිටම් දෙක ඉවරවුණාට පස්සෙ ඔයාට හැමතැනම පේන්න ඉන්න ඕනනම් ගිහින් අර දොරවල් ගාව හිටගෙන ඉන්නවා, කියලා ගුරා කිව්වම මිනිහගෙ මූණ රතු වුණාලු.
මේ අලුත් කට්ටියගෙ එක එක ගොන් පාට්වලට කතා නොකර කට පියාගෙන ඉන්න එකෙන් තමයි ඒගොල්ලො තව ෆෝම් වෙන්නෙ, අධ්‍යක්ෂකවරයා කිව්වලු.
ලෝක පූජිත සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ මරණයේ උණුසුම යන්නටත් පෙර වැඩියෙන්ම කතාබහට ලක්වුණේ ඔහුගේ නිවසින් අතුරුදන් වූ සම්මානය ගැන.
බොහෝ මාධ්‍යයන් විසින් එය ලෙස්ටර්ට ඉන්දියාවෙන් ගම්පෙරළිය වෙනුවෙන් තිළිණ කළ රනමයුර සම්මානය ලෙස සඳහන් කර තිබුණා.
චිත්‍රපට සංස්ථාවත් නිල වශයෙන් අදාළ ඇමැතිවරයාට දැනුම් දී ඇත්තේ එලෙසයි. ඇමැතිවරයා පොලීසියට දන්වා ඇත්තේද එලෙසයි.
එහෙත් සැබෑ කාරණය නොදැන මෙසේ කරුණු විකෘති කිරීම, තව තවත් මිනිසුන් නොමඟ යැවීමක් බවයි තතු දත් අය කියන්නෙ.
ලෙස්ටර්ගේ ගම්පෙරළියට ලැබූ රනමයුර සම්මානය කිසිදිනෙක ලෙස්ටර්ගේ නිවසේ තිබුණේ නෑ. එය තිබුණේ චිත්‍රපටයේ නිෂ්පාදක ඇන්ටන් වික්‍රමසිංහගේ නිවසේ. 1993 දී ඇන්ටන්ගේ මියයාමෙන් අනතුරැව මෙම වටිනා සම්මානයට සිදුවූ දේ මේ වනවිටත් අබිරහසක්.
ඉතින්, ලෙස්ටර්ගේ රනමයුර සම්මානය අතුරුදන් වූයේ මීට අවුරුදු 25කට කලින් කියලවත් අදාළ බලධාරීන් දැනසිටියේ නැද්ද?
පහුගිය කාලෙ උණක් පැතිරිලා තිබුණනෙ කැස්සක් එක්ක. ඇඟපත රුදාවත් එක්ක ආපු ඒ උණ කොච්චර බෙහෙත් ගත්තත් හොඳටම හොඳවෙන්න අඩුම ගාණෙ දවස් හත අටක් යනවා. ඔන්න ඔය ලෙඩේ හැදිච්ච ප්‍රවීණ නළුවෙකුට දවස් දෙක තුනක් ෂූටිං එන්නත් බැරිවෙලා. අධ්‍යක්ෂකවරයා බොහොම අමාරුවෙන් වැඩේ ඇදගෙන ගිහින් තියෙනවා.
හතරවැනි දවසෙ අධ්‍යක්ෂකයි නිෂ්පාදකයි දෙන්නා නළුවගෙ ගෙදර ගිහින් තියෙනවා. ඔන්න දෙකට තුනට නැමීගෙන අමාරැවෙන් ඔහු ඉස්තෝප්පුවට ඇවිත් වාඩිවුණාලු.
අප්පට සිරි... ෆ්ලැට්වෙලා වගේ නේද?, කියලා අධ්‍යක්ෂක ඇහුවලු.
ෆ්ලැට්? ෆ්ලැට් නෙවෙයි ඇපාට්මන්ට් වෙලා තියෙන්නෙ... කියලා ඔහු අමාරුවෙන් කිව්වලු.
ෆ්ලැට් ගැන කියද්දී තවත් පරණ කතාවක් මතක් වුණාලු.
කොළඹ ප්‍රදේශයේ එක්තරා පැරැණි දේශපාලනඥයෙක් එයාගෙ ඡන්ද ව්‍යාපාර කරන කාලෙ පැල්පත්වාසීන් සහභාගිවුණු රැස්වීමකදී මම මේ පාර ඡන්දෙ දිනුවොත් මේ මුඩුක්කු ගෙවල් සේරම ෆ්ලැට් කරනවා, කියලා කිව්වලු.
කට්ටිය හොල්මන් වෙලා හිටියලු. කිසිම අත්පුඩියක් නෑ. පස්සෙ තමයි වැඩේ තේරිලා තියෙන්නෙ. අර පැල්පත්වාසීන් හිතලා තියෙන්නෙ ඒගොල්ලන්ගෙ ගෙවල් සමතලා (ෆ්ලැට්) කරනවා කියලා.
Text - Mithra