චානුක... රංගනය අලුත් වුණාට නිරූපණ ක්ෂේත්‍රය ඔබට ටිකක් හුරුපුරුදුයි නේද...?
ඔව්.... ඇත්තෙන්ම රංගනයනම් මට අලුත් තමයි. මිතූ ටෙලිනාට්‍යයෙන් තමයි මම රංගනයට එකතු වෙන්නෙ. මම මුලින්ම කලාවට යොමුවුණේ නිරූපණ ක්ෂේත්‍රය හරහායි. මීට අවුරුදු හතරකට විතර උඩදී තමයි මම මුලින්ම නිරූපණ ක්ෂේත්‍රයට එකතු වුණේ.
ඔබ මොන පාසලටද ගියේ...?
මම ගියේ කොළඹ ආනන්ද විදුහලටයි. පුංචි කාලේ මගේ තිබුණු ලොකුම ආසාව ව්‍යාපාරිකයෙක් වෙන්න. මගේ තාත්තා හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්. තාත්තා හමුදාවේ නිලධාරියෙක් වුණාට මගේ හිතේ තිබුණේ ව්‍යාපාරිකයෙක් වීම. ඒ වෙනුවෙන් මම ඉගෙන ගත්තා. ඒ ක්ෂේත්‍රයෙන්ම මට උපාධියකුත් තියෙනවා. පාසල් අධ්‍යාපනයට පස්සෙ මම ඔස්ට්‍රේලියාවට ගියා. එහේ ගිහින් මම වසර එකහමාරක් ඉගෙන ගත්තා. තාත්තගේ වියෝවත් එක්කම මට ආයෙත් ලංකාවට එන්න සිද්ධවුණා.
ආයෙමත් විදෙස්ගතවෙන්න හිතුණේ නැද්ද...?
නෑ. කාලයත් එක්කම මම නිරෑපණ ක්ෂේත්‍රයට යොමුවුණා. ඒ නිසාම ආයෙත් විදෙස්ගතවෙන්න මගේ හිත දුන්නෙ නෑ. නිරූපණ ක්ෂේත්‍රයේ ඉඳිද්දී මම කලාවට ගොඩක් ආස කළා. ඔය කාලෙදී මම රැකියාවකුත් කළා. ඒ නිසා ඔස්ට්‍රේලියාවේ නොගොස් නිරෑපණ ශිල්පියෙක් විදිහට ලංකාවේ නතර වුණා.
කොහොමද මිතූ නාට්‍යයට සම්බන්ධ වුණේ...?
ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනියක් වුණු නදීශා ඉලංගකෝන් මහත්මියව මම කාලයක් තිස්සෙ දන්නවා. නදීශා අක්කා තමයි මම ගැන ශාන්ත සොයිසා මහතාට කියලා තිබුණේ. නදීශා අක්කගේ සැලෝන් එකේ මගේ ෂූට් එකක් පත්තරේක තියෙනවා දැකලා තමයි ශාන්ත සර් මම ගැන අහලා තිබුණේ. ඉතින්... ඊටපස්සෙ තමයි මිතූ ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණේ.
කොහොමද ඒ අවස්ථාව... ලේසි වුණාද...?
අම්මෝ ඒක ලොකු අභියෝගයක් වුණා. මිතූ ටෙලිනාට්‍යයේ ප්‍රවීණ අය බොහොමයක් රඟපෑවා. මේක මගේ පළවෙනි අත්දැකීම. රූපවාහිනී වෙළෙඳ දැන්වීම් එහෙම මම මීට පෙර කරලා තිබුණා. හැබැයි රංගනයට මම එක්වුණු පළවෙනි අවස්ථාව තමයි මේ. මගේ අම්මා විදිහට රඟපාන්නෙ නයනා කුමාරි මහත්මිය. නයනා අක්කා කියන්නෙ ඉතා ප්‍රවීණ කලාකාරියක්. හැබැයි ආධුනික මට නයනා අක්කගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. හැමදෙයක්ම මට කියලා දෙනවා. ඇත්තටම මිතූ අධ්‍යක්ෂක ශාන්ත සර්ගේ ඉඳන් මුළු කණ්ඩායමෙන්ම මට ලොකු සහයෝගයක් ලැබෙනවා. මගේ ජීවිතේ මට ලැබුණු ලොකුම අභියෝගය තමයි මිතු ටෙලිනාට්‍යය. හැබැයි මම මට පුළුවන් උපරිමයෙන් ඒකට දායක වෙනවා. අපි එක පවුලක් වගේ හැමෝම එක්ක හරිම සතුටින් වැඩ කරනවා. ආධුනිකයෙක් විදිහට ඒ හැමෝගෙන්ම බොහෝ දේවල් මට ඉගෙන ගන්න තියෙනවා. මගේ වැරැද්දක් වුණත් කමක් නෑ... වැරදුණාට කමක් නෑ අපි ආයේ කරමු... කියලා මාව ඒ හැමෝම දිරිමත් කරනවා.
ඔබගේ මුල්ම රංගනයේදී මුල්ම පෙම්වතිය විදිහට රඟපාන්නෙ ශලනි. කොහොමද ශලනිගෙන් ලැබෙන සහයෝගය...?
ඇත්තටම ශලනිටත් වෙලාවකට මාව වදයක් වෙන්න ඇති. මුල් දවස්වල මගේ සමහර කොටස් එකදිගට වැරදුණා. මුලදීම මම ශලනිටත් මම අලුත්... ඔයාටත් මාව වදයක් වේවි කියලා කිව්වා. ඒ වෙලාවෙත් ශලනි කිව්වේ නැහැ ඔයා හොඳට කරනවා. කාටත් ඔහොම වැරදෙනවා. අපි වැඩ කරමු කියලා. ඇත්තටම ශලනිගෙනුත් මට ලොකු සපෝට් එකක් ලැබෙනවා. වෙලාවකට මටත් හිතෙන්නෙ නෑ මම මේ ක්ෂේත්‍රයට ආධුනිකයි කියලා. ඒ තරමටම මේ කණ්ඩායම හරිම සුහදශීලියි.
කොහොමද දැන් චානුකට ලැබෙන ප්‍රතිචාර...?
ගොඩක් හොඳයි. මාව දැනගෙන හිටපු නිරූපණ ක්ෂේත්‍රයේ අය පවා මට ගොඩක් විෂ් කළා. පාරෙදී දැක්කත් සමහරු මම ළඟට ඇවිත් ඔයා නේද මිතූ නාට්‍යයේ රඟපාන්නෙ කියලා අහනවා. හැබැයි මට තව රංගනය පිළිබඳ බොහෝ දේවල් ඉගෙන ගන්න තියෙනවා. රූපවාහිනිය බලද්දී තව මෙතන මට මීට වඩා හොඳට රඟපාන්න තිබුණනෙ කියලා හිතෙන තැන් තියෙනවා. නාට්‍ය පටන් ගන්නෙම ටවල් එකක් විතරක් ඇඳගෙන සපත්තු සන්ග්ලාස් දාගෙන පාරේ යන දර්ශනයකින්නෙ. ඉතින්... ඒ කොටස් රූපගත කරද්දී වුණත් පාරේ ඉන්න මිනිස්සු, බස් එකේ යන එන අය බලාගෙන හිටියා. සමහරැ මේක ටෙලිනාට්‍යයක් ෂූට් කරනවා කියලා දන්නෙ නැතිකම නිසා හරි පුදුමයෙන් පවා බලාගෙන හිටියා. ඇත්තටම අද වෙද්දී මගේ චරිතයට මට ලැබෙන ප්‍රතිචාර ගැන සතුටුයි. හැබැයි රංගනය ගැන තව බොහෝ දේවල් මට ඉගෙන ගන්න තියෙනවා. කාලයත් එක්ක මහන්සිවෙලා කොහොමහරි මම ඒ දේ ඉගෙන ගන්නවා.
කොහොමද පවුලෙන් ලැබෙන සහයෝගය...?
මගේ මව්පියන් නැතිවෙලා. මට ඉන්නෙ මගේ ආච්චියි අක්කයි විතරයි. ඒ අය විදෙස්ගතවෙලයි ඉන්නෙ. මමත් විදෙස්ගතවෙලයි හිටියෙ. තාත්තගේ වියෝවත් එක්කම එයාගේ ව්‍යාපාර කටයුතු නිසා මට ලංකාවට එන්න සිද්ධවුණා. ඇත්තටම මගේ ලොකුම බලාපොරොත්තුව වුණෙත් ආයෙ විදෙස්ගතවෙන්නයි. ඒ අතරතුරේ මේ අවස්ථාව ලැබුණු නිසා මේ අවස්ථාව අරගෙන මගේ ජීවිතේ වෙනස් කරනවා කියලා මම හිතාගත්තා.
මිතූ නාට්‍යයේ මියුරු පෙම්වතෙක්.. චානක සැබෑ ජීවිතේදීත් පෙම්වතෙක්ද...?
ඇත්තටම මමනම් පෙම්වතෙක් නෙමේ. මට කාලයත් එක්ක ඉස්සරහට යන්න ඕනෙ. ඒ නිසා දැනට මම පෙම්වතෙක් නෙමේ.
Text -Dishani / Pic – Sumudu