අපේ කලා ශිල්පීන් එක එක කාලෙට විවිධ ප්‍රසංගවලට පිටරට යනවනෙ.
ඔන්න ඒ වගේ ප්‍රසංගයකට එක්තරා රටකට අපේ ජනප්‍රිය නිළියකට ආරාධනාවක් ලැබිලා. ඒ රටට ඇය යන පළවෙනි වතාවලු ඒ.
යන්න කලින් දන්න හඳුනන අයට කෝල් කර කර ඒ රටේ විස්තර අහනවලු. ගොඩාක් අය කියලා තියෙන්නෙ රටනම් අවුලක් නැහැ නමුත් ඒ රටේ ඉන්න සමහර ලංකාවෙ අයගෙන් තමයි බේරෙන්න ඕනෙ කියලා. පුළුවන් තරම් ඒ වගේ අයගෙන් බේරිලා ඉන්න එක තමයි වැඩේ.
ඔන්න දැන් කෙල්ල ඒ රටට ගියාලු. ගුවන් තොටුපොළින් ටැක්සියක් අරගෙන අර කියපු ලිපිනයට යන්න පිටත් වුණාලු.
ටැක්සියෙ යන ගමන්ම ලංකාවෙ ඉන්න අම්මට කෝල් එකක් දීලා ඒ රටට සේන්දු වුණා කියලා කිව්වලු. එකපාරටම ටැක්සි රියැදුරා එයාගෙන් සිංහලෙන් ඇහුවලු නෝනා ලංකාවෙද? කියලා. කෙල්ල හොඳටම බයවුණු පාර කිව්වලු අනේ නෑ නෑ කියලා.
සම්මානනීය ලේඛකයකුට ඉන්නවලු අවුරුදු 5ක විතර කටකාර මුණුබුරෙක්. ඉස්කෝලෙ පළවෙනි පන්තියෙ වුණාට හරිම පැහිච්ච කොලු ගැටයෙක්.
සීයගෙ ලියන කියන වැඩ ගැන උනන්දුවෙන විදිහට පවුලෙ හැමෝම කියන්නෙ ලොකු වුණාම එයත් හොඳ ලියන මහත්තයෙක් වෙයි කියලා.
දැනුම් තේරුම් තියෙන කාලෙක ඉඳලා සීයගෙ පොත්පත් අවුස්සන එකමයි වැඩේ.
ඔන්න මේ දවස්වල අර සීයා ටෙලිනාට්‍ය පිටපතක් ලියාගෙන යනවා. ඔන්න ඒ පිටපත ලියන වෙලාවෙ පොඩි එකා එතැනට ඇවිත් ඕනකමින් ඒ දිහා බලන් හිටියලු.
අනේ සීයේ, මගේ අකුරු කැතයි කියලා සීයයි අම්මයි මට බැන්නට බලන්නකො සීයගෙ අකුරුවල කැත. සීයගෙ මේ අකුරුවලට මෙච්චර සම්මාන ලැබුණෙ. සම්මාන දීපු අයට ඇස් පෙනීම අඩු ඇති.
පොඩි එකාගෙ පණ්ඩිත කතාවට කාටත් හිනා ගියාලු.
අපි පොඩි කාලෙ වගේ නෙවෙයි, දැන් හැදෙන ළමයි පැහිලානෙ, සම්මානනීය ලේඛකයා කිව්වලු.
අපේ තරුණ පරම්පරාවෙ සමහර අය හිතන් ඉන්නවනෙ ඉංග්‍රීසියෙන් කතා කරන එකයි සිංහල නොදන්නවා වගේ ඉන්න එකයි තමයි සමාජෙ කැපීපෙනෙන්න පුළුවන් හොඳම ක්‍රමය කියලා. ඔහොම හිතන කට්ටිය හැමතැනම, හැම ක්ෂේත්‍රයෙම ඉන්නවා. කලා ක්ෂේත්‍රයෙත් අඩු වැඩි වශයෙන් මේ වගේ අය ඉන්නවා.
ඔන්න මෑතකදී රූපගත කළ චිත්‍රපටයක නළු නිළියන් විශාල සංඛ්‍යාවක් වැඩ කළා. වැඩි වශයෙන් හිටියෙ තරුණ නළු නිළියො.
ඔන්න එක්තරා දවසක ලන්ච් බ්‍රේක් එකේදී තරුණ නවක නිළියො දෙන්නෙක් ඉංග්‍රීසියෙන් බර කතාවක්ලු. වටපිට බලනවලු මේගොල්ලො දිහා කවුරුහරි බලන් ඉන්නවද කියලා.
ඒ චිත්‍රපටයේ අහිංසක ගැමි චරිතයක් රඟපාන ප්‍රවීණ නළුවෙක් ඒ අසලම පුටුවක වාඩිවෙලා ඉන්නවලු. මේ කෙල්ලො දෙන්නගෙ ඉංග්‍රීසි කතාවට ගොඩක් දේවල් මාතෘකා වුණාලු. අන්තිමේදී ඒ අහිංසක වයස්ගත නළුවා බයිට් වුණාලු. ඉංග්‍රීසියෙන් ඒ ප්‍රවීණ නළුවගේ ගැමිකම මේ දෙන්නගෙ සමච්චලයට ලක් වුණාලු.
විනාඩි පහක් විතර කතාවට අහුම්කන් දීගෙන හිටිය අර ප්‍රවීණ නළුවා මේ කෙල්ලො දෙන්නා ළඟට ගිහින් ඉංග්‍රීසියෙන් බැණ්නලු දෙන්නගෙ කන්වල ඇඟිලි ගහගන්න.
ප්‍රවීණ අධ්‍යක්ෂකවරයෙක් පහුගිය දවස්වල අලුත් ටෙලිනාට්‍යයක වැඩ පටන් ගත්තා. ෂූටිං කරන දවස්වල මේ අධ්‍යක්ෂකවරයා ගෙයක් හදන්න හොඳ ඉඩමක් හොය හොයා හිටියලු.
මේ නිර්මාණයේ සුළු චරිතයක් රඟපාන්න ආපු තරුණයෙක්, ලාබෙට ඉඩමක් තියෙනවා කියලා අධ්‍යක්ෂකවරයාට ලොකු බලාපොරොත්තුවක් දුන්නලු.
පර්ච් එකක් ලක්ෂ 20 ක් වෙන පළාතකින් මේ ඉඩම මෙයා අරන් දෙන්න පොරොන්දුවෙලා තියෙන්නෙ පර්ච් එක ලක්ෂ 10 ගාණෙ. අධ්‍යක්ෂකවරයා මෙයාට සෙට් එකේදී විශේෂ සැලකිලි දෙන්න පටන් අරන්. මෙයාගෙ චරිතෙත් තිබුණට වඩා කැපීපෙනෙන විදිහට වෙනස් කළාලු.
අධ්‍යක්ෂකව එක්කරගෙන ගිහින් ඉඩමත් පෙන්නුවලු. ඒත් අයිතිකාරයාව මුණගස්සන වැඩේ දවසින් දවසම කල් යනවලු. හැමදාම මේ තරුණයා එක එක හේතු කිය කියා වැඩේ කල් දානවලු.
අන්තිමේදී බැලින්නම් මිනිහා කරලා තියෙන්නෙ අධ්‍යක්ෂකවරයා අන්දන එක කියලා තහවුරුවෙලා.
මළපැන්න අධ්‍යක්ෂකවරයා මේ මිනිහගෙ චරිතෙ එහෙමපිටින්ම කතාවෙන් අයින් කළාලු. අන්තිමේදී ඉඩමත් නෑ, අර මනුස්සයට චරිතෙත් නෑ.
► Text - Mithra