ලුණුයි බතුයි හරි කාලා ඉන්නම් කියන දුප්පත්කමට ආණ්ඩුව දුන්නෙ පොලිස් පොල්ලෙන්!
අධ්‍යාපන අයිතියක් වෙනුවෙන් අරගල කරපු
H.N.D.E ශිෂ්‍යාවන් බිම දාගෙන
පොලිස් ලොක්කො හිටු කියලා පහර දුන්න
පොලිස් පොල්ලෙන් නෙවෙයි
ඒකාධිපතීත්වයේ සහ දුප්පත්නම් හිඟා කාපන්
නැත්නම් මැරියන් කියන හිතිවිල්ලෙන්
උමතු වෙච්ච නරුම නපුංසක රදළ ධනවාදයක
පොලිස් පොල්ලෙන්!
ගෙවපන් යකෝ මැරුම් නොකා න්‍යායෙන්
කශේරුකාව තුදුස්වක ගැහෙනකම් බදු ගහපු
රැයක් දාවලක් නැතුව ජල්තර කරන
රටේ සම්පත් ගිලින විකුණන
දේශපාලුවන් යහ වහ කරපු රටක
සහෝ! කෝ උඹටයි මටයි අලුත් හීන
දිවුරා දිවුරා ලස්සනට බොරු කියන
දිවවල් අඩු නැති රටේ
මචංකම විහිළුවක්
තමන් තමන්ටවත් ආදරේ නැති මිනිස්සු අතරින්
ආදරයත් - පරාර්ථයත් ඉල්ලන්න එපා
අවසානෙදි ඉතුරු වෙන්නේ මහා කලකිරීමක් විතරයි
පැටවු දදා ප්‍රශ්න ගොඩගැහෙන රටේ
සමලිංගිකත්වය නීතිගත කරන්න දඟලන
දේශපාලුවන්ට උත්තර දෙන්න උඹටත් අයිතියක් තියෙනවා
ඒ මේ රටේ පුරවැසියෙක් විදිහට උඹට ඇති අයිතිය
හෘද සාක්ෂියට වෙඩි තියන්න එපා
කවදාහරි මොහොතක් එනවා වග වෙන්න
උඹ මරණය අත්විඳිය යුත්තේ
සම්මුති මරණය තුළ විතරයි
මැරි මැරී ජීවත් වෙන්න එපා යකෝ
එතකොට ජීවිතේ මෙලෝ රහක් නෑ
තිත්ත කළුවරට එක පහනක් හරි දල්වපන්
ඒ එළිය හරි සුන්දරයි
| Sanju