2017 ජනවාරි 28 වන සෙනසුරාදා

සිදු තෙර

 2017 ජනවාරි 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 46

මේ හැන්දෑව තරමටම 
පාටයි නුඹේ ආදරය 
දම්පාට වලාකුළ කෙළවර 
අරුන්දතී 
රෑට දිලිසෙන්න හිතාගෙන 
දැන් සිහින යායක 

සීතලයි සුළඟ හිත කිති කවන 
රල නඟන සිඳු දියට 
පෙම්බරව ළංවෙච්ච 

අරුන්දතී 
නුඹ එනතෙක් 
ඔහු මා ළඟ 

රැය ගෙවී යාදෙන් 
නුඹ අහස හැර යන්න 
උදෑසන 
ජීවිතෙන් එක තිතක් 
ආයෙමත් මට දෙන්න 

රැය පුරා හඬන්නම් 
දවාලට සිනාසී 
අරුන්දතී 

ජීවිතෙන් එක තිතක් 
විතරක්ම මට දෙන්න 

| Saara

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00