පෞද්ගලික රූපවාහිනී නාලිකාවක ගී ගැයීමේ රියැලිටි තරගයකට සහභාගි වී, අවසන් දසදෙනා අතරට පැමිණි එක්තරා තරුණ කලා ශිල්පියෙක් පසුගියදා කොළඹ ජනාකීර්ණ වීදියක රීලෝඩ් කඩේකට ගොඩවුණාලු. වෙලාව සවස 8ට කිට්ටුව තිබුණ නිසාත් එදා නිවාඩු දවසක් නිසාත් ඒ වීදියේ වැඩි සෙනඟක් හිටියෙ නෑ.
ඒත් ඒ රීලෝඩ් කඩේ අසල කට්ටියක් පදමට රත් වී සෙට්වෙලා සින්දු කියනවලු.
මචං අර... අර පොර නේද? එහි සිටි එක්කෙනෙක් මේ තරැණ ගායකයා හඳුනා ගත්තලු.
ආ මල්ලී එන්නකො අපිත් එක්ක සෙට්වෙලා සින්දුවක් දෙකක් කියන්න, එක් අයෙක් කිව්වලු.
අනේ අයියේ මම හදිස්සියකට රීලෝඩ් එකක් දාගන්න ආවේ. වෙන වෙලාවක එන්නම්කො, කොල්ලා කිව්වෙ එතනින් ෂේප්වෙලා යන අදහසින්.
අනේ යන්න මල්ලි යන්න... අපි ඔයාට SMS ගහලා අපේ සල්ලි නැති කරගත්තා. දැන් ඔයා අපිට කොකා පෙන්නනවනෙ. ආපහු එන්නකො අපිත් ඔයාට සලකන්නම්, කියලා හොඳටම රත්වෙච්ච කෙනෙක් කොල්ලට කිව්වලු.
සංගීත ක්ෂේත්රයට සම්බන්ධ අපේ කලා ශිල්පියෙකු පසුගියදා ලොකු අකරතැබ්බයකට මුහුණ දීලා තියෙනවා.
වියළි දේශගුණය නිසා දැන් සෑම තැනම කැස්සක් පැතිරිලා යනවනෙ. ඔන්න මේ සංගීත ශිල්පියාට වියළි කැස්සක් හැදිලා කතා කරගන්නවත් බැහැලු. රෑට නින්ද යන්නත් නැහැල්ලු. ඔහු දුරකථනයෙන් ප්‍රතිචාර දක්වන්නේත් තෝර බේරාගත් අයට විතරයි. ඒත් කතා කරන ස්වරය වෙනදා වගේ නෙවෙයි. කතා කරන්නේ හරිම හෙමින්, මුදු මොෙළාක් හඬකින්.
“මොකද්ද් බං වෙලා තියෙන්නෙ? ඇයි ටෙලිෆෝන් එකෙනුත් මෙහෙම කතා කරන්නෙ, හරියට පොඩි බබෙක් වගේ... ඔහුගේ යාළුවෙක් ඇහුවලු.
“වැඩිය කතා කරන්න බෑ කැස්ස ඇවිස්සෙනවා. කැස්ස පටන් ගත්තොත් කඳුළු පනිනකං විනාඩි පහක් වගේ කහින්න වෙනවා. එනිසා මම පහළ “ස“ ස්වරයෙන් විතරයි කා එක්කත් කතා කරන්නෙ. එතනින් ඉහළට ගියොත් ඉතිං මටමයි විඳවන්න වෙන්නෙ. ඔහු කිව්වලු.
පහුගිය දවසක අලුත් ටෙලිනාට්‍යයක මුහුරත් උළෙලක් නුගේගොඩ පැත්තෙ ශාලාවක පැවැත්වුණා.
ටෙලිනාට්‍යයට සම්බන්ධ නළු නිළියන්, කාර්මික ශිල්පීන් වගේම එක්තරා දේශපාලනඥයකු ද මෙම උත්සවයට ආරාධනා ලැබ සිටියා.
උත්සව සභාවේ වැඩ කටයුතු සිදුවෙමින් යන අතරතුර අර දේශපාලන චරිතයටද සභාව අමතන ලෙස ආරාධනාවක් ලැබුණා.
කලා ලෝකයේ ජනප්‍රිය, ප්‍රවීණ ශිල්පීන්ගෙන් අවසරයි, ඔහු කතාවට මුලපිරුවා.
මම අද කතා කරන්නෙ මොනවා ගැනද? ඇත්තටම කියනවනම් ටෙලිනාට්‍ය ගැනවත්, කලාව ගැනවත් කතා කරන්න මට එතරම් දැනුමක් නැහැ. ඒ වුණාට මම කියන්න සතුටුයි, මම මේ රටේ සංස්කෘතික කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමැතිවරයා,* ඔහු කිව්වලු.
ජාතික පුවත්පත් කලා අංශයට සම්බන්ධ ඡායාරූප ශිල්පියෙක් දැන් එන්න එන්න චිත්‍රපටවලට හොඳටෝම අබ්බැහි වෙලා. චිත්‍රපටයක මංගල දර්ශයක්, මාධ්‍ය දර්ශනයක්, මුහුරත් උත්සවයක් කොතැනද එතැන මේ ඡායාරෑප ශිල්පියා ඉන්නවා.
සමහර චිත්‍රපට දෙතුන් පාර බලනවා. හොඳ නම් ගෙදර කට්ටියත් එක්කගෙන ගිහිං ෆිල්ම් එක බලනවා. අපරාදෙ කියන්න බැහැ මෙයා හොඳ ස්වාමි පුරුෂයෙක්, හොඳ පියෙක්. ගෙදර ඉන්නෙ ඉරිදා දවසට විතරයි. එදාට මොහු බිරියත් එක්ක එකතුවෙලා ගෙදර වැඩ, වත්තෙ පිටියෙ වැඩවලට එහෙම උදව් වෙනවා.
හැබැයි ඉතිං චිත්‍රපටවලට කොච්චර ඇබ්බැහි වෙලා තියෙනවද කියනවනම්, ගෙදර වැඩපළ කරද්දිත් වයිෆ්ගෙන් අහනවලු තාම ඉන්ටවල් එක දුන්නෙ නෑ නේද කියලා.
විවිධ හේතූන් නිසා ඕනෑම කෙනකුගේ කුසලතාවන් හැමදාම එක විදිහට පවතින්නෙ නැහැනෙ. අද වේදිකාවේ රඟපාන සුපිරිම නළුවා වුණත් හෙට රඟපාන්නෙ වෙනස් විදිහට.
ඔන්න මෑතක රූගත කළ ටෙලිනාට්‍යයක සැලකිය යුතු චරිතයක් රඟපාන ප්‍රවීණ නිළියක් සම්බන්ධ කතාවකුයි මේ.
ඇයට මේ ටෙලිනාට්‍ය පුරාවට දෙබස් මතක තබාගැනීමේ ගැටලුවක් තිබුණා. ඒත් ඇගේ දරුවන් ලෙස රඟපාන තරුණ නළු නිළි පිරිස ඇයට හැම සහයෝගයක්ම දෙනවා.
කාර්මික අංශයේ වැඩ කරන මල්ලි කෙනෙක් මේ ප්‍රවීණ නිළියට අපූරැ යෝජනාවක් කළා.
අක්කගෙ මොනව හරි අපල කාලයක් වෙන්න ඇති මේ ගෙවිලා යන්නෙ. හැබැයි ඕකට හරියන ප්‍රතිකර්මයක් කියන්නද?*
මොකක්ද මල්ලි?
ඔය ග්‍රහ අපල දුරැවෙලා යන්නත් එක්ක අර ටවුමෙ කඩෙන් අපි හැමෝටම උණු උණු එළවළු රොටී අරන් දෙන්නකො...
නෑ නෑ එපා..., කැමරා සහායක කිව්වලු.
රොටී අරන් දෙන්න එපා අක්කෙ. අපලෙ හරියට දුරැවෙන්නනම් අපිට පිට්සා අරන් දෙන්න. වැඩේ කිරි ගහට ඇන්නා වගේ සිද්ධවෙයි, ඔහු කිව්වා.
ළඟදී පවත්වපු මාධ්‍ය සාකච්ඡාවකට සරිගම චිත්‍රපටයට සම්බන්ධ ප්‍රධාන ශිල්පීන් ශිල්පිනියන් ඇවිත් හිටියා. පූජාත් ඇවිත් හිටියා, නිෂ්පාදිකා රේණුකා බාලසූරිය තම සැමියා ආචාර්ය සෝමරත්න දිසානායක ගැන පරණ කතාවක් කිව්වෙ හැමෝම පුදුම කරවමින්.
“කුස පබා චිත්‍රපටයේ පබාවතීගේ චරිතයට හරියටම හරියන්නෙ පූජා කියලා මම එදා යෝජනා කළාම ඒත් ඒ චිත්‍රපටයේ විධායක නිෂ්පාදක ලෙස සෝමෙ ඒ අදහසට තදින්ම විරැද්ධ වුණා. ලංකාවෙ වෙන නිළියො නැද්ද? ඇයි පූජවම ගන්න හදන්නෙ කියලා එදා ඔහු ඇහුවා. ඒත් පූජා එක්ක සෝමෙ වගේම අධ්‍යක්ෂක මහාචාර්ය සුනිල් ආරියරත්න හා ජැක්සන් ඇන්තනී කළ කතා බස්වලින් පස්සේ ඒ චරිතයට පූජාවම තෝරාගත්තා. රේණුකා කිව්වා.
ඒකට පිළිතුරු දෙමින් සෝමරත්න දිසානායක මෙහෙම කිව්වා.
“ඔව් එදා මම එහෙම කිව්වා තමයි. ඒත් අද මම බොහොම ආඩම්බරයෙන් කියන්නෙ පූජා අපේම කෙල්ලක් කියලා. පූජා ඉපදුෙණ් කොළඹ, අම්මා සිංහල බෞද්ධ කාන්තාවක්. පූජා මුලින්ම ගියේ බම්බලපිටියෙ ටයිනි ටොට්ස් පෙර පාසලට. පූජා දැන් ඉන්නෙ ලංකාවෙ. එයා බැන්දෙ ලංකාවෙ කොල්ලෙක්. එයා කතා කරන්නෙ සිංහල හා දෙමළ ලංකාවෙ භාෂා. ඉතිං පූජා ලාංකික කෙල්ලක් වෙන්න වෙන මොනවද ඕනෙ. පූජා දැන් අපේ.
Text – Mithra