2017 ජනවාරි 28 වන සෙනසුරාදා

බාගෙට අැඳුම් අැන්දේ සිල්ක් නිසා

 2017 ජනවාරි 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 158

රජත් - විද්‍යා ඔබ ඒ වගේ ෆිල්ම් එකක රඟපෑම නිසා ඔබ වසර ගාණක් තිස්සේ හදාගෙන තිබුණු ප‍්‍රතිරූපය නැති කර ගත්තා නේද?
විද්‍යා - (හිනා) රජත් සර් මෙතන ඉන්න අය අත්පොළසන් දෙන විදිය දැක්කමත් ඔබට එහෙම හිතෙනවද? ඒකෙන් පේන්නේ එහෙම දෙයක්වෙලා නැහැ කියලා නේද?

තමන්ට ලැබෙන  ඕනම චරිතයකට අපි යුක්තියක් ඉටු කරන්නයි ඕන. අපි අපිට ලැබෙන චරිතයට සාධරණයක් නොකළොත් මේ වගේ ප‍්‍රතිචාර අපිට ලැබෙයිද?
රජත් - ඩර්ටි පික්චර් ෆිල්ම් එකේ සිල්ක් ස්මිතගේ චරිතය සෙක්සි රෝල් එකක් කියලා ඔබ දැන දැනම කළා?

මම මගේ පළවැනි ෆිල්ම් එක 1995 දී කළේ. ඒකේ නම හම් පාංච්. 2003 දී බෙංගාලි ෆිල්ම් එකක් වුණු භාලෝ තේකො කළා. 2005 දී පරිනීතා. 2006 දී ලගා රහෝ මුන්නා භායී, 2007 දී රොමැන්ටික් කොමඩි ෆිල්ම් එකක් වුණු හෙයි බේබී, 2008 දී කිස්මත් කනෙක්ශන්, 2009 දී පා ෆිල්ම් එකේ අමිතාබ් භච්චන්ගේ මව විදියට‍, ලයිය, ඉෂ්කියා, නෝ වන් කිල් ජෙසිකා, 2011 දී තමයි ඩර්ටි පික්චර් කළේ. ඊට පස්සේ 2012 දී කහානී. 2016 දෙසැම්බර් තිරගත වුණු කහානී 2 ෆිල්ම් එකෙත් රඟපෑවා. මේ හැම ෆිල්ම් එකකින්ම මම එකකට එකක් වෙනස් චරිත කළේ. හැම ෆිල්ම් එකේදිම මම අලුත් දෙයක් සහ හොඳ දෙයක් කරන්න උත්සාහ කළා. මට ඩර්ටි පික්චර් එක කරද්දී කිසිම බයක් තිබුණේ නැහැ. ඒ ෆිල්ම් එක නිසා වෙනස්ම චරිතයක් සහ රඟපෑමක් හැමෝටම දකින්න පුළුවන් වුණා.

රජත් - ඔව්, ගොඩාක් අඩුවෙන් ඇඳගෙන හිටිය ඇඳුම්වලින්?
ඒකත් අලුත් දෙයක්නේ. මම ඒ විදියට රඟපාන්න බැහැ කිව්වනම් මට ඒ චරිතය කරන්න ලැබෙන්නේ නැහැ. අපි චරිතයක් කරද්දී අපිටත් යම් කැපකිරීමක් කරන්න වෙනවානේ රජත් සර්.

රජත් - ඔබ කියන්නේ ස්මිතා ඔයා වෙනුවෙන් මේ විද්‍යා අපහාස විඳ දරා ගත්තා කියලද?
මම කියන්නේ පරණ ගීත ඔක්කොම අමතක කරලා ඌ ලල්ලා කියන ගීතය හැමතැනම කියන්න.

රජත් - ඔබට ඩර්ටි පික්චර් එකේ දමලා තියෙන්නේ සිල්ක් ස්මිතා කියන නම. දකුණු ඉන්දීය සිනමාවේ රෙදි වර්ගවල නම් දාලා ගොඩාක් ෆිල්ම් හැදුණා. නයිලෝන් නාලිනී, කොටන් කමලා වගේ ඒවා හැදුණා?
විද්‍යා - ඔව්. පොලියස්ටර් පද්මිනි, රෙයොන් රේවතී කියලත් තිබුණා.

රජත් - දැන් ඩර්ටි විද්‍යා?
විද්‍යා හිනාවේ. ඒ ෆිල්ම් එක ආව කාලේ විද්‍යා බාලන් කියලා නෙවෙයි හැමෝම මට කතා කළේ බුම්බාට් බාලන් කියලයි.

රජත් - ඔබට හිතෙන්නේ නැද්ද ඒ ෆිල්ම් එකේ සමහර දේවල් උකහා දක්වනවා වැඩියි කියලා?
විද්‍යා - ඒ ෆිල්ම් එකේ සිල්ක් හිතන්නේ ඔබ සෙක්ස්වලට කැමතිනම් මම ඒකට එකඟයි. හැමෝම එයාට කැමතියි. ඒත් හැමෝම ඉස්සරහ මට ඇයි අපහාස කරන්නේ. ඔබ හොරෙන් හොරෙන් මම දිහාම බලාගෙන ඒ විදියටයි එයා හිතන්නේ. මම එයාගේ සිතුම් පැතුම් මගේ සිරුරෙන් පෙන්නන්න උත්සාහ කළා. ඒකේ කිසිම වැරැද්දක් නැහැ.

රජත් - ඔබ ඒක කිව්වේ ඔබ ඒ චරිතය කරද්දී ගොඩාක් විනෝද වුණා වගෙයි?
විද්‍යා - ඔව්. ගොඩාක් විනෝද වුණා. ගොඩාක් විනෝද වුණා. මට ඒකට කැමතියි කියලා කියන්න පුළුවන් කොල්ලන්ට කොහොමත් විනෝදයක් දැනෙන්න ඇති. ඒ වගේම කෙල්ලන්ට ඊටත් වඩා ලොකු විනෝදයක් දැනෙන්න ඇති. මොකද තේරුම් ගන්න ලැබෙයි කාන්තාවක් තමන්ට ගරුකර ගන්නවානම් ලෝකයා කුමන ඇහැකින් ඔබ දිහා බැලුවත් වැඩක් වෙන්නේ නැහැ කියන එක.

රජත් - විද්‍යා ඔබ ඔබගේ ප‍්‍රතිරෑපය විනාශ කරගන්න වැඩේ කරලා ඉවරයිනේ. මට දැනගන්න ලැබුණා ඔබත් එක්ක ඒ ෆිල්ම් එකේ නළුවෝ ගොඩාක් රංගනයේ යෙදුණනේ. නස්රැදීන් ශාහ ඉන්නවා, ඉම්රාන් හෂ්මි ඉන්නවා. එයාලගෙත් ප‍්‍රතිරූපයත් විනාශවෙලා ගියා නේද?
විද්‍යා - මම ඒකට එකඟයි.

රජත් - විද්‍යාට තිබෙන ඊළඟ චෝදනාව තමන් එක්ක රංගනයේ යෙදුණු නළුවන්ගෙත් ප‍්‍රතිරූපය විනාශ කළා කියන එකයි. විද්‍යා කියමනක් තියෙනවා අහලා තියෙනවද? ප‍්‍රියාදරිය මම ගිලෙනවානම් ඔයත් එක්කම ගිලෙනවා කියලා?
විද්‍යා - මමත් ඒකමයි කියන්න හිටියේ. ඔබතුමා මම කියන්න හැදුව දේ කිව්වා. (හිනා) මම තනියම ගිලෙන්නෙ ඇයි? තුන් දෙනෙක්ම එක්ක ගිලෙන්න පුළුවන්කමක් තියෙද්දී. ඩර්ටි පික්චර් ෆිල්ම් එකේ සිල්ක්ට පෙම්වතුන් තුන් දෙනෙක්ම ඉන්නවනේ.

රජත් - නස්රුදීන් ශාහ කියන්නේ ඉතාම ගෞරවපූර්ව ප‍්‍රතාපවත් ශ්‍රේෂ්ඨ රංගන ශිල්පියෙක්. පළවැනි වතාවට ඉන්දියාවේ සෙන්සර් බෝඩ් එකෙන් ඔහු රඟපෑ කොටසක් කපලා ඉවත් කරනවා. මොනවද එච්ච‍රටම කළේ?
විද්‍යා - ඔබ කාන්තාවන් ගැන නරක දේවල් කියනවානම්, ඔබටත් ඒකම සිද්ධ වෙයි.

ඒ ෆිල්ම් එකේදී කාන්තාවන් ගැන ඔහු ඉතාම අවිනීත විදියට තමයි හිතන්නේ එතුමාගේ චරිතය. මම වගේ පොඩි කෙනෙක් වුණත් කියන්න යන්නේ ලොකු කතාවක්. එතුමා ඒ චරිතය හරියටම කළා. එතුමත් එක්ක වැඩ කරද්දී ගොඩාක් විනෝදයක් ලැබුණා. එක වෙලාවකදී මට හිතුණා නස්රුදින් මහතා ඇත්තටම මෙහෙමද කියලා.

රජත් - ඔහුගේ දෙබස්වලට සෙන්සර් බෝඩ් එකට සැරින් සැරේ බීප් දාන්න සිද්ධ වුණා?
විද්‍යා - මටත් එහෙම වුණා කියලා දැනගන්න ලැබුණා.

Translation — Chandana waravitage