ස්පයිඩර් මෑන්ලා, හල්ක්ලා, අයන් මෑන්ලා විතරක් නෙවෙයි අද තරුණ පරපුර තානොස්ලා ගැනත් හොඳට දන්නවා.
ඒත් අපේ සිනමාවේ වීරයෝ වීරවරියෝ වර්තමානයේ දකින්නට නැති නිසාද මන්දා අපේ තරුණ පරපුර අපේ නළු නිළියෝ අඳුරගන්නේ නැහැ.
මෑතකදී පැවැති උත්සවයකට අපේ සිනමාවේ ජනප්‍රිය චරිත කීපයකුත් සහභාගී වුණේ විශේෂ ආරාධිතයන් හැටියට. ඒත් උත්සව සභාව ආරම්භ වීමත් සමඟම ඒ ජනප්‍රිය තරුවලටත් තම තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්නට වාරයක් උදාවුණා.
අදාළ නළුවාගේ හෝ නිළියගේ නම කියූ සැණින් ඒ අය වෙත මෛක්‍රෆෝනය භාරදෙන්න තරුණයන් දෙදෙනෙක් යොදවා තිබුණා.
ඒත් ඛේදවාචකය කියන්නේ නම කියූ සැණින් ඒ දෙන්නා අන්ද මන්ද වෙනවා. නළුවා හෝ නිළිය අඳුරන්නේ නැති නිසා.
ඉතින් නිවේදකයා හෙමින් සීරුවේ එයා නෙවෙයි මෙයා කියලා ජාමේ බේරලා දෙනවා.
පහුගිය දවසක කොළඹදී පැවති සංගීත ප්‍රසංගයකට වැඩියෙන්ම ආරාධනා කරලා තිබුණේ කලා ලොවේ ජනප්‍රියතම චරිතවලට.
ප්‍රසංගය අතරතුර විවිධ ජනප්‍රිය ආරාධිතයන්ගෙන් කෙටි අදහස් විමසීමක් ද කෙරුණා.
එක්තරා තරුණ ජනප්‍රිය රංගන ශිල්පිණියක් ඇගේ අදහසක්ද පළ කළා. ප්‍රසංගය ගැන වගේම තරුණ නිවේදකයාගේ ඇඳුමේ අපූර්වත්වය ගැනත් ඇය විශේෂ සඳහනක් කළේ කාගෙත් ඔල්වරසන් හඬ මැද්දේ.
ඔන්න පහුවදා උදේ මේ ජනප්‍රිය නිළියගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලැබෙනවලු. අර කළින් දවසේ ප්‍රසංගයේ නිවේදකයා.
අනේ ඊයේ ඔයා මගේ ඇඳුම ගැන කළ වර්ණනාව මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. තෑන්ක් යූ. ඊයේ රෑ ගෙදර ඇවිල්ලත් ඔයාගේ ඒ වචන ටික තමයි මට දෝංකාර දුන්නේ. කොටින්ම කිව්වොත් ඒ ගැම්මට මම ඒ ඇඳුම පිටින්මයි නිදාගත්තේ.
අද බොහෝ සිනමා නිර්මාණවල පමණක් නොව සමස්තයක් හැටියට සමාජයේ හැම ක්ෂේත්‍රයකම වගේ විනය පිරිහිලා තියෙන විත්තිය අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. දශක තුනකට එහා පරපුර හා අද පරපුර හා සැසඳීමේදී ඒ වෙනස හොඳින්ම පේනවා.
අපි කලාව ගැන කතා කළොත් අධ්‍යක්ෂකවරයා සිට පහළට හැම තැනකටම බලපාන ප්‍රධාන සාධකය තමයි විනය නැතිකම. වෙලාවට වැඩක් කරන්න බැරි, ගුණාත්මක නිර්මාණයක් එළි දක්වන්නට බැරි ප්‍රධාන හේතුව ඒකයි. හැබැයි ඉතින්, ඒ අතර විනය තදින් රකින කලා ක්ෂේත්‍රයේ ශිල්පීනුත් ඉන්නවා. ඔන්න ඒ වගේ සිද්ධියක් ළඟදි දවසක වුණාලු.
ස්ථානය කොළඹ තරු පහේ හෝටලයක්. එදා තිබුණේ අලුත් චිත්‍රපටයක මුහුරත් උත්සවයක්. නැකතට වෙලාව ළං වෙලා, ඒත් ප්‍රධාන චරිතය රඟපාන තරුණ නිළියක් තාම ඇවිත් නැහැ.
අපි තව ටික වෙලාවක් බලමුද? නිෂ්පදකවරයා අධ්‍යක්ෂකගෙන් ඇහුවා.
නැකැත් වෙලාව වෙනකම් බලමු, එච්චරයි. අධ්‍යක්ෂක කිව්වලු. ඔන්න නැකතට සියලුම දේ සිද්ධ වුණා. ඒත් අර නවක නිළිය නැහැ. පැයකට පස්සේ ලොකු සොරියක් කියාගෙන අර නිළිය එතෙන්ට පාත් වුණාලු.
මේ කරන්නේ කලා නිර්මාණයක්. වෙලාවට වැඩ නොකරන අය එක්ක මට මේ වැඩේ කරන්න බැහැ. ඒ නිසා ඔයා මේ චිත්‍රපටියෙන් අයින් කළා. වෙරි සොරි. අධ්‍යක්ෂකවරයා අර නිළියට කිව්වම එයා පැය භාගයක් විතර ඉකි ගසා අඬලා එහෙමම යන්න ගියාලු.
මේ වගේ කොන්දක් තියෙන අධ්‍යක්ෂකවරු තව ඉන්නවනම් මේ ක්ෂේත්‍රය නගා සිටුවන එක අමාරු දෙයක් නෙවෙයි.
අද ඉන්න ප්‍රවීණ කලා ශිල්පියෝ තාමත් ඒ අයගේ ගුරුවරු ගැන කතා කරන්නේ පුදුමාකාර භක්තියකින්. ඒකට හේතුව තමයි ඒ ගුරුවරුන් තමන්ගේ ගෝලයන්ට කිසිම දෙයක් නොසඟවා ශාස්ත්‍රය උගන්වලා තිබීම. ඒත් වර්තමාන පරපුරේ ඇතැම් ගුරුවරු වගේම ගෝලයෝ ගැනත් කතා කරලා වැඩක් නැහැ.
අතීතයේ ගුරුවරු විශාල කැපවීම් කළේ කිසිදු ලාභ ප්‍රයෝජනයක් බලාගෙන නෙවෙයි. ඒත් අද තත්ත්වය වෙනස්.
තරුණ කලා ශිල්පියෙකුට පසුගිය දවසක පිරටකින් සම්මානයක් ලැබිලා. ඒ ගැන එක්තරා පුවත්පතක හොඳ විශේෂාංගයක් පළ කරලා තිබුණා. පත්තරේ විශේෂාංගය පළවුණු දවසේම ප්‍රවීණ කලා ශිල්පියෙක් පත්තරේ ලියපු මාධ්‍යවේදියාට කතා කරලා.
අද ඔයා ලොකුවට ලියලා තිබුණ අර සම්මාන ගත්තු ශිල්පියා මගෙන් ඉගෙන ගත්තේ. ඔහු මාධ්‍යවේදියාට කිව්වලු.
ෂා.. ඇත්තද? එහෙනම් ගුරාට අද සතුටුම දවසක් වෙන්නැති.
සතුටු වෙන්නේ මොකටද? ඔයා අපි ගැන ලියනකොට දාන්නේ පොඩි කෑලි. ඒත් මේ තරුණ ශිල්පියාට දීලා තියෙන්නේ කොච්චර ලොකු ඉඩක්ද? අපේ දේවලුත් ඉස්සරහට මේ වගේ ලොකුවට දාලා දෙන්නකෝ. අර ප්‍රවීණයා කිව්වලු.
► Text - Mithra