2018 ජුලි 14 වන සෙනසුරාදා

සිඳු තෙර

 2018 ජුලි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 58

ජීවිතය වෙනුවෙන්
එකම එක පෙරවදනක්
ලියාගන්න
ශබ්ද කෝෂයක්
දෙන්න මට
ආදරයේ .....

සන්තකේටම
නුදුන්නට කම් නෑ....

පරිස්සමින් ආපහු දෙන්නම්
අයිතිකාරියටම
පිටුවක්වත්
පොඩි නොකර....

සෙරක සේ සොරා ගන්නෙ
වචනත් නෙවෙයි
අරුත් විතරමයි
මම...

වචන කුමටද මට අරුත් මිසක
රිදුණු හදවත පිරිමදින්න