2018 ජුලි 14 වන සෙනසුරාදා

කෙල්ලක් තරුවක් කරන්න ගහපු ගැටයක්!

 2018 ජුලි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 151
 
ලස්සන කෙල්ලෙක් ඉන්නවා. ඇය ගායනා තරගවලට නිරන්තරයෙන් සහභාගී වුණත් එකම තරගයකින්වත් ජයග‍්‍රහණයක් අත කරගන්න ඇයට පුළුවන් වෙන්නේ නැහැ. තමන්ගේ දුව ඒ හේතුව හින්දා දුක් විඳිද්දී තාත්තා කෙනෙක්ට බලාගෙන ඉන්න බැහැනේ. එහෙම බලාගෙන ඉඳලා බැරිම තැන මේ ගායිකාවක් වෙන්න හීන දකින ලස්සන කෙල්ලගේ තාත්තා තීරණයක් ගන්නවා. ඒ මොනවගේ තීරණයක් කියලද ඔයාලා හිතන්නේ? රටේ ඉන්න ජනප‍්‍රිය අංක එකේ ගායකයා උස්සන්න තමයි ඒ හාදයා තීරණය කරන්නේ. ඒ ගායකයාගේ කිඩ්නැප් වීමත් එක්ක ඔහුගේ වටිනාකම වගේම ජනප‍්‍රියත්වයත් තව තවත් ඉහළ යනවා. ඒත් ඒ අංක එකේ තරුව කිඩ්නැප් කළේ කවුද සහ ඇයි කියන එක ගැන ඒ ගායකයගේ කළමනාකාරවරයා දැනගන්නවා. ඔහු ඒ අංක එකේ ගායන ශිල්පියාට හොරෙන් ඒ ගායිකාවක් වෙන්න සිහින දකින ලස්සන කෙල්ල තරුවක් කිරීමට රහස් ගිවිසුමකට එනවා. 
 
කතාවේ ඉතුරු ටික දැනගන්නනම් තව ටික දවසක් බලාගෙන ඉන්න වෙනවා. මොකද මම මේ ඔබට කිව්වේ 2018 අගෝස්තු 03 වැනිදා ටී සීරිස්, රාකේශ්  ඕම් ප‍්‍රකාෂ් මෙහරා පික්චර්ස් සහ අනිල් කපූර් ෆිල්ම්ස් ඇන්ඩ් කමියුනිකේශන් නෙට්වර්ක් කියන ආයතන තුන විසින් හින්දි සිනමාවට දායද කරන සංගීතය ගැන කියැවෙන ගීතයක් වගේ විනෝදාත්මක සිනමාපටයක් වන ෆැනී ඛාන් කිය්න හින්දී සිනමාපටයේ කතාව ගැනයි. අතුල් මන්ජේකාර් අධ්‍යක්ෂණය කරලා තියෙන ෆැනී ඛාන් හින්දී සිනමාපටය නිෂ්පාදනය කරන්නේ භූෂන් කුය්මාර්, ක‍්‍රිශන් කුමාර්, අනිල් කපූර්, පී. එස්. භාරතී, රජීව් තන්ඩන්, කුස්සුම් අරෝරා, රාකේශ්  ඕම්ප‍්‍රකාෂ් මෙහරා, නිශාන් පිට්ටි සහ විරේන්ද්‍ර අරෝරා කියන කිහිප දෙනාගේ එකමුතුවෙන්. හුසේන් දලල් විසින් හිර රචනය සහ දෙබස් රචනා කරලා තියෙන ෆැනී ඛාන් හින්දි සිනමාපටය සප්ත ස්වරයෙන් රස කවලා තියෙන්නේ අමිත් ත‍්‍රිවේදී විසිනුයි.
 
 
ඒ වගේම ෆැනී ඛාන් හින්දි සිනමාපටය 2000 අප්‍රේල් 12 වැනිදා බෙල්ජියමේ ඩච්, ස්පාඤ්ඤ සහ ඉංග‍්‍රීසී කියන භාෂාවන්ගෙන් ඩොමිනික් දෙරුද්දෙරේ කියන අධ්‍යක්ෂවරයා විසින් අධ්‍යක්ෂණය කරන ලද ඔහුම නිෂ්පාදනය කරලා තියෙන එව්රිබොඩීස් ෆේමස් කියන බෙල්ජියම් සිනමාපටය ඇසුරෙන් තමයි ෆැනී ඛාන් හින්දී සිනමාපටය හදලා තියෙන්නේ. මේ එව්රිබොඩීස් ෆේමස් කියන බෙල්ජියම් සිනමාපටය 73 වැනි ඇකඩමි අවෝර්ඩ්වලට නොමිනේට් වුණු සිනමාපටයක් වන අතර ඒ සිනමාපටයේ චරිතවලට පණ පොවලා තියෙන්නේ ජෝස් ඩි. පාව්, ඉවා වැන් දෙර් ගුච්ට් ඇතුළු නළු නිළියන් පිරිසක් ෆැනී ඛාන් හින්දී සිනමාපටයේ චරිතයන්ට පණ පොවන්නේ කවුද කියලා අපි ඔබට කියන්නයි දැන් මේ හදන්නේ. ඒ ගැන දැනගන්නත් ඔබ කැමැත්තෙන්නේ ඉන්නවා ඇති නේද? 
 
ෆැනී ඛාන් කියන චරිතයට පණ පොවලා තියෙන කෙනා ගැන තමයි ඉස් ඉස්සෙල්ලම කියන්න හදන්නේ. ඔහු වෙලාවකට දුෂ්ටයෙක්, තව වෙලාවකට අහිංසක තමන්ගේ අම්මට ආදරය කරන පුතෙක්, තව වෙලාවකට විකට චරිත නිරූපණය කරන නළුවෙක්. මෙන්න මේ සිනමාපට ඒකට සාක්ෂි දරනවා. බලන්න ඔබට මේ කියන්න හදන ජනප‍්‍රිය රංගන ශිල්පියා කවුද කියලා මේ හින්දී සිනමාපටයන් ගැන කිව්වම මතකයට නැගෙනවද කියලා.
 
Mashaal (1984). Tezaab (1988) Beta (1992). Meri Jung (1985), Karma (1986), Janbaaz (1986), Aap Ke Saath (1986), Mr. India (1987), Ghar Ho To Aisa (1990), Awaargi (1990), Benaam Badsha (1991), Virasat (1997), Taal (1999), Pukar (2000), No Entry (2005) Dil Dhadakne Do (2015)1956 
 
දෙසැම්බර් 24 වැනිදා ඉන්දියාවේ බොම්බේ ප‍්‍රාන්තයේ බොම්බේවලදී ඉපදුණු ඔහු නළුවෙක් වගේම නිෂ්පාදකවරයෙක්. 1977 දී හින්දි සිනමාවට සම්බන්ධ වුණු ඔහු හින්දි සිනමාවේ නිෂ්පාදකවරයෙක් වන සුරින්දර් කපූර්ගේ පුතා සුනිතා කපූර්ගේ ස්වාමිපුරුෂයා වන අතර ජනප‍්‍රිය නිළි සෝනම් කපූර්, රියා කපූර් සහ හර්ෂ්වර්ධන් කපූර්ගේ පියා අන්නූ කපූර් හෙවත් අනිල් කපූර්. ඔහු තමයි ෆැනී ඛාන්ගේ චරිතයට පණ පොවන්නේ. ෆැනී ඛාන්ගේ චරිතයට අනිල් පණ පොවද්දී ඔහුගේ දියණිය බේබී සිංගේ චරිතයට පණ පොවන්නේ කවුද කියලා දැනගන්නත් ඔබ කමැත්තෙන් ඇතිනේ. ඇය රූ රැජිනියක් ලෙසින් කිරුළු පැළඳුව කෙනෙක්. මෙන්න මේ සිනමාපටයන්ගෙන් ඇය ඔබ හමුවට ආවා. බලන්න ඇය කවුද කියලා ඔබට මතක වෙනවද කියලා. ඇය මේ සිනමාපටයකින් අපිට දකින්න ලැබෙන්නේ ගොඩාක් කාලෙකට පස්සෙයි.
 
 
Hum Dil De Chuke Sanam (1999) Devdas (2002).Raincoat (2004), Provoked (2006), Guzaarish (2010) Sarbjit (2016). Mohabbatein (2000), Dhoom 2 (2006), Jodhaa Akbar (2008), Enthiran (2010), Ae Dil Hai Mushkil (2016).Dil Ka Rishta (2003) Taal
 
1973 නොවැම්බර් 01 වැනිදා ඉන්දියාවේ කර්නාටක ප‍්‍රාන්තයේ මන්ගලරාවලදී ඉපදුණු ඇය 1994 දී හින්දි සිනාමවට සම්බන්ධ වන අතර 2009 වසරේදී පද්ම ශ්‍රී සමානයෙන් පිදුම් ලබනවා. ඇය නිළියක් වගේම නිරූපණ ශිල්පිනියක්ද වෙනවා. 2007 වසරේදී අභිෂේක් භච්චන් හා විවාහ වුණු ආරාධ්‍යා දියණියගේ මව ගැනයි මේ කියන්නේ. ඔව් ඔබ නිවැරදියි. ෆැනී ඛාන් හින්දි සිනමාපටයේ බේබී සිංගේ චරිතයට පණ පොවන්නේ කාලයක් නිහඬව සිටි ඒ රෑප රාජිනිය අයිශ්වර්යා රායි භච්චන් විසිනුයි. 1994 වසරේදී තමයි ඇය මිස් වර්ල්ඩ් වුණේ කියන එකත් ඔබට මතක් කර දෙන ගමන් දැන් ඔබට කියන්න හදන්නේ අදීර් කියන චරිතයට පණ පොවන කෙනා ගැනයි.
1984 අගෝස්තු 31 වැනිදා ඉන්දියාවේ හර්යානාවල ගුර්ගාවුන්වලදී ඉපදිලා තියෙන ඔහු නළුවෙක් විදිහට හින්දි සිනමාවට එකතු වෙන්නේ 2010 අවුරැද්දේ ඉඳලයි. දිල්ලි විශ්ව විද්‍යාලයෙන් වැඩි දුර අධ්‍යාපනය ලබලා තියෙන ඔහු මෙන්න මේ සිනමාපටවලත් විවිධ චරිතයන්ට පණ පොවලා තියෙනවා. 
 
Love Sex Aur Dhokha (2010). Kai Po Che! (2013). Shahid (2013), Queen (2014) CityLights (2014), Aligarh (2016), Trapped (2017) Omerta (2018); Bareilly Ki Barfi (2017) Newton (2017), 2011 Ragini MMS Uday 2012Gangs of Wasseypur - Part 2
 
මතක් වුණාද ඔහුව? අධීර්ගේ චරිතයට පණ පොවන්නේ රාජ්කුමාර් රා ඕ විසිනුයි. ඊළඟට මම ඔබට කියන්න හදන්නේ ෆැනී ඛාන් හින්දි සිනමාපටයේ කවිතා ශර්මාට පණ දෙන කෙනා ගැනයි. මැයත් ඔබ දන්න කෙනෙක්. 1977 සැප්තැම්බර් 25 වැනිදා ඉන්දියාවේ පන්ජාබයේ ලූදියානාවල ඉපැදුණු ඇය මේ වනවිටනම් ජීවත් වෙන්නේ ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍ර ප‍්‍රාන්තයේ මුම්බායිවලයි. ඇය වෘත්තිය නිළියක් සහ නිරූපණ ශිල්පියනියක්ද වෙනවා. නැශනල් අවෝර්ඩ්, අයිෆා අවෝර්ඩ් ඇතුළු සිනමා රාශියක් තමන් සතු කරගෙන තියෙන මේ නිළිය මෙන්න මේ සිනමාපටවලින් ඔබ දැක තියෙන්න ඕන. 
 
Irada ,Veer Zaara, Bhaag Milkha Bhaag, Delhi 6, 1994Ishq Mein Jeena Ishq Mein Marna  1995 Surakshaa 1996 Agni Sakshi Ram Aur Shyam (1996) 1997 Raja Ki Aayegi Baraat 1998 Gharwali Baharwali Umrao Jaan Bismillah Jaan, Aaja Nachle, Najma,
 
කවිතා ශර්මාගේ චරිතයට පනණ පොවන්නේ දිව්‍යා දත්තා වන අතර ෆැනී ඛාන් සිනමාපටයේ කරන් කකඩ්ගේ චරිතයට කරන් සිං චබ‍්‍රාත් ලතා ශර්මාගේ චරිතයට පිහූ සාන්ද් සහ රියාගේ චරිතයට අනයිතා නේර් විසිනුත් පණ දෙනවා. මේ සිනමාපටයේ එන සියලුම ගීතවල පද රචනය ඉර්ෂ්ශාද් කමිල් විසින් සිදුකරලා තියෙන අතර ඒ ගීතවලට සප්ත ස්වරයන් මුසු කරලා තියෙන්නේ අමිත් ත‍්‍රිවේදි විසිනුයි. ෆැනී ඛාන් බලලා හිනාවෙලා ලේ පිරිසිදු කරගන්න වැඩි දවසක් බලන් ඉන්න නොවන මතක් කරමින් අදට සමුගන්නවා. 
 
Translation — Chandana Waravitage
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00