නුඹේ උණුසුම් පපු තුරුල්ලේ
ගැලවිලා බිම වැටෙන තට්ටක
මම සිඹිමි උණුසුම
සුළං රැල්ලකට පෙර..
ඇතිරිල්ල සුවසේ නිදන
සිරි යහන අද්දර
හුදෙකලා කඳුළු රස විඳගන්න
මම ඇවිත් යන්නද
සඳවතිය ඇස් වසන මොහොතක
නිශාචර කිරිල්ලිය
මම නොවෙද නුඹ සොයන
සිහිනයෙන් සිහිනයට
නුඹ සොයා ඉගිල්ලෙන
තටු කඩා සිත් දෑල
අතරමං කළ දිනෙක
සංසාර වීදි දිග
නුඹ සොයා ඇවිද ගිය
දල්වාන දෑස් අග
අවසාන කඳුළු බිඳ
නුඹ අතැර ලූ දිනෙක
ඉගිල්ලෙන තටු සොයන