2018 අගෝස්තු 04 වන සෙනසුරාදා

සිඳු තෙර

 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 49

ඉල්ලාන එකම එක
කඳුළක්
දන් දුනිමි දියවරක්
ඒ තරම් සංසාර
පවසකට
සෑහේද එකම එක
බිඳුවක්

ළයක් ගැඹුරේ
ලෙයක් ඇසුරේ
එකම එක
අංශුමාත්‍රයක්
මගේමයි

කාටත් නොපෙනෙන්න
මම ඔහේ ගුලිගැහුණ