2018 අගෝස්තු 04 වන සෙනසුරාදා

මහරාජලයි සුන්දර ගැහැනුයි...

 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 137
 
අක්කර ගාණක් පුරා විසිරී තියෙන මහා මාළිගයක්. මේ මාළිගයේ ඉන්නවා එක වරෙක දැක්කම ආපහු හැරිලා බලන්න හිතෙන කාන්තාවක්. ඒත් මේ කාන්තාව ඉන්නේ මොකක්දෝ දුකකින් කියලා එයාගේ මූණ දකින  ඕන කෙනෙක්ට තේරෙන කාරණයක්. මේ කාන්තාව තමයි මේ මහා මාළිගයේ හිමිකරු මහා රාජාගේ බිරිඳ. මේ මාළිගයේ හිමිකරු මේ වෙද්දී දේශපාලනයටත් සම්බන්ධ වෙලයි ඉන්නේ. ඔහුට ආදරයට වඩා ඔහුගේ හැඟීම් ගැන තමයි හිතන්නේ. ඒ හින්දම ඔහු බිරිඳට හොරෙන් වෙන සුන්දර ලලනාවියක් ගාවට හැමදාම වගේ යනවා. මහා රාජාගේ බිරිඳ ඒක ඉවසගෙන බලාගෙන ඉඳියි කියලද හිතන්නේ? ඇත්තටම නැහැ. ඇයත් තමන්ගේ සුන්දරත්වය අවියක් කරගෙන චණ්ඩියෙක්ව තමන්ගේ ඉලක්කය සපුරා ගැනීමට පාවිච්චි කරනවා. ඇයට අවශ්‍ය තමන්ගේ ස්වාමියා වන මහා රාජාව ඝාතනය කරවන්නයි. සහීබ් බීවී ඕර් ගැන්ස්ටර් කතා මාළාවේ 01 සහ 02 න් පස්සේ ඔන්න 03 වැනි කතාවත් තිරගත වෙනවා. මේ කිව්වේ ඒ කතා මාලාවේ සාමාන්‍යයෙන් සිදුවෙන දේ. 
ඔයත් සහීබ් බීවී ඕර් ගැන්ස්ටර් සිනමාපට මාලාවේ 02 වැනි සිනමාපටය නැරඹුවානම් මතක ඇතිනේ සහීබ්ව ගැන්ස්ටට කියලා බීවී මරවන්න උත්සාහ කළත් ඒ වෙනකොට දේශපාලනයට සම්බන්ධ වෙලා ඉන්න සහීබ් මැරෙන්නේ නැහැ. ඒත් ඔහු අසාධ්‍යව ඉන්න නිසා මැතිවරණයට බීවි ගැන්ස්ටර්ගේ උදවු ඇතුව ඉදිරිපත් වෙනවා. පවුලේ හැමෝටම එකට නම් මේ සිනමා පටය නරඹන්න ටිකක් අපහසු බව අමුතුවෙන් කියන්න අවශ්‍ය වෙන එකක් නැහැ කලින් තිරගත වුණු සිනමාපට නරඹලා තියෙන ඔබට. සහීබ් බීවී ඕර් ගැන්ස්ටර් 03 සිනමාපටයේත් කලින් තිරගත වුණු 01 සහ 02 වගේම ත‍්‍රාසය, කුතුහලය, ලිංගිකත්වය ගැන කියවෙන බව පූර්ව ප‍්‍රචාරක පට බැලුවම පේන්න තියෙන දෙයක්. තිග්මන්ශු දූලියා අධ්‍යක්ෂණය කරලා තියෙන සහේබ් බීවී  ඕර් ගැන්ස්ටර් 03 සිනමාපටය නිෂ්පාදය කරන්නේ රාහුල් මිත‍්‍රා. සංජය චවුහාන් සහ තිග්මන්ශු දූලියා විසින් තමයි මේ සිනමා පටය ලියලා තියෙන්නේ. 
 
2018 ජූලි 27 වැනිදා ඉන්දියාව ඇතුළු රටවල බොහෝමයක තිරගත වන සහේබ් බීවී ඕර් ගැන්ස්ටර් 03 හින්දි සිනමාපටයේ ගැන්ස්ටර්ගේ චරිතය නිරූපණය කරන ඔහු ගැන කියන්නයි මේ සූදානම. ඔහු ගැන කියන්න කලින් මෙන්න මේ සිනමාපටවල හිටිය ඔහුව මතක් කරගන්න බලන්නකෝ. 
 
 
Rocky (1981), Main Awara Hoon (1983), Jaan ki Baazi (1985), Jeete Hain Shaan Se (1988), Mardon Wali Baat (1988), Ilaaka (1989), Hum Bhi Insaan Hain (1989), Kanoon Apna Apna (1989), Taaqatwar, Kabzaa (1988), 1990 Khal Nayak, “Saajan, Daud (1997), 1998 Dushman, Jodi No.1 (2001), Pitaah (2002), Kaante (2002), Munna Bhai M.B.B.S. (2003), Musafir (2004), Plan (2004), Parineeta (2005), Dus (2005), Shabd (2005), Zinda, Lage Raho Munna Bhai 2006, Dhamaal (2007), Shootout at Lokhandwala (2007), All the Best (2009), Double Dhamaal (2011), Son of Sardaar (2012), Agneepath (2012), PK (2017), Bhoomi
1959 ජූලි 29 වැනිදා ඉන්දියාවේ බොම්බේ ප‍්‍රාන්තයේ ඉපදුණු ඔහුගේ වෘත්තිය ලෙසින් සඳහන් වෙන්නේ සිනමා නළුවෙක් සනිමා නිෂ්පාදකයෙක්, හාස්‍යයෝත්පාදකයෙක්, දේශපාලනඥයෙක් සහ පුංචි තිරයේ වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් ලෙසිනුයි. හින්දි සිනමාව ජයගත් සුනිල් දත් සහ නර්ගීස්ගේ පුතා එහෙම නැත්නම් 1987 දී රිචා ශර්මා එක්ක විවාහ වෙලා 1996 දී දික්කසාද වුණු ඔහු 1998 දී රියා පිල්ලායිව විවාහකරගෙන ඇයගෙනුත් 2008 දී දික්කසාද වෙලා 2008 දී මන්යතා දත්  එක්ක විවාහ වුණු ඔහු දරුවන් තිදෙනකුගේ පියෙක් වන සන්ජු සහ බාබා නම්වලින් හඳුන්වන සංජය දත්. රන්බීර් කපූර්ගේ රංගනයෙන් හැඩවුණු සංජු නමින් සිනමාපටයකුත් සන්ජය දත් ගැන තැනුණු බව අපි මේ පිටුවෙන් ඔබට මීට පෙරාතුව කිව්වා බව ඔබට මතකත් ඇතිනේ. සංජය දත් සිනමාපට 187 කට වැඩි ප්‍රමාණයක විවිධ චරිතවලට පණ දීලා තියෙන බවත් ඔබගේ දැන ගැනීම සඳහාම ඔන්න සටහන් කළා. හින්දි සිනමාවට සම්බන්ධ වෙලා අවුරැදු 37 පුරාවටම සංජය දත් ෆිල්ම් ෆෙයාර් සම්මාන 02 ක්, අයිෆා සම්මාන දෙකකුත්, බොලිවුඩ් මූවි අවෝර්ඩ්ස් කියන සම්මාන උළෙලින් සම්මාන දෙකකකුත්, ස්ක‍්‍රීන් අවෝර්ඩ් තුනකුත්, ස්ටාර් ඩස්ට් අවෝර්ඩ් තුනකුත්, සහ ග්ලෝබල් ඉන්දියන් ෆිල්ම් අවෝර්ඩ් සහ බෙන්ගාල් ෆිල්ම් ජර්නලිස්ට්ස් ඇසෝසියේෂන් අවෝර්ඩ් සහ නැෂනල් ෆිල්ම් අවෝර්ඩ් හතරකුත් තමන්ගේ නමට ලියා ගන්නට ඔහු සමත් වෙලා තියෙනවා. ඒ වගේම සංජය දත් 1993 අපේ‍්‍රල්  ත‍්‍රස්තවාදයට උදවු කළ බව කියමින් ඔහු උපන් දේශයේම අත්අඩංගුවට පත් වෙලා 2016 පෙබරවාරි 25 තමයි ඔහුගේ යහපත් හැසිරීම නිසා නිදහස ලබන්නේ. ගැන්ස්ට‍ ගැන බොහෝ දේවල් කිව්වනේ දැන් ඔබට කියන්න හදන්නේ සහෙබ් ගැනයි. ඇත්තටම මේ සිනමාපටයේ ගැන්ස්ට‍ වෙනස් වුණාට සහේබ් නම් වෙනස් වෙලා නැහැ. පෙර 01 සහ 02 කියන සහේබ් බීවී ඕර් ගැන්ස්ටර් සිනමාපටවල හිටිය සහේබ්ම තමයි මේ සිනමාපටයේත් ඉන්නේ. මෙන්න මේ කියන සිනමාපටවල හිටිය ඔහු මතක් කරගන්න උත්සාහ කරන්නකෝ.
 
1996 Maachis, Mere Yaar Ki Shaadi Hai (2002), Haasil (2003), Munna Bhai MBBS (2003), Yahaan (2005), Lage Raho Munnabhai (2006), Eklavya: The Royal Guard (2007), A Wednesday (2008), My Name is Khan (2010), Tanu Weds Manu (2011), Saheb, Biwi Aur Gangster (2011), Saheb, Biwi Aur Gangster Returns (2013), Special 26 (2013), Bullett Raja (2013), Fugly (2014) Tanu Weds Manu Returns (2015). Yeh Zindagi Ka Safar (2001).
 
 
මතක් වුණාද? නැත්නම් කලබල වෙන්න අවශ්‍ය නැහැ. මම ඔබට ඔහු ගැනත් කියන්නම්. 1970 දෙසැම්බර් 03 වැනිදා ඉන්දියාවේ උත්තර් ප‍්‍රදේශ්හි ලක්නව්වලදී උපත ලද ඔහු පටියාවල පන්ජාබ් යුනිවර්සිටි එකෙන් උසස් අධ්‍යාපන හැදෑරුව කෙනෙක්. 1996 ඉඳන් සිනමාවට සම්භන්ධව ඉන්න ඔහු 2001 දී ප‍්‍රියන්කා පූරි එක්ක විවාහ වෙලා එක දරුවෙක්ද ඉන්නවා. ඔහු සිනමා නළුවෙක් වගේම නිෂ්පාදකයෙක්ද වෙනවා. උපදින කොට නම ජිමී සිං සෙයිගල් වුණත් හින්දි සිනමාවට ප‍්‍රිය කරන අපි හැමෝම ඔහුව දන්නේ ජීමී සෙයිගල් නමින්. ඔව් ඔහු තමයි සුපුරුදු පරිදි සහේබ් බීවී ඕර් ගැන්ස්ටර් 03 සිනමාපටයේත් සහේබ්ගේ චරිතය හැඩ කරන්න පණ පොවන්නේ. ඊළඟට කියන්න යන්නේ බිරිඳ කවුද කියලයි. ඇයත් වෙනස් වෙලා නැහැ. මෙන්න මේ සිනමාපටවලත් ඇය තමන්ගේ දක්ෂතා මතක හිටින්න පෙන්නපු කෙනෙක්. ඒ සුන්දර ලලනාව මතක් වෙනවද කියලා බලන්නකෝ.
 
2003 -Hawayein Lali, 2007- Khoya Khoya Chand, 2009-Dev.D, Gulaal, Pal Pal Dil Ke Ssaat, 2010 -Dabangg, 2011-Utt Pataang, Not A Love Story, Saheb, Biwi Aur Gangster, Michael, 2012-Paan Singh Tomar, Dabangg 2, 2013- Saheb, Biwi Aur Gangster Returns, Zanjeer, Bullett Raja, Gang of Ghosts, 2014- Buddha in a Traffic Jam, 2017- Wedding Anniversary Kahani, 2018- Phamous
 
1975 දෙසැම්බර 19 වැනිදා ඉන්දියාවේ චන්දිගර්වලදී ඉපැදෙනවා සුන්දර කෙලි පැටියෙක්. ඇයට රිම්පි කෞවුර් ගිල් කියලා වැඩිහිටියන් නම් තියනවා. ඒ සුන්දර උඳුවප් සීතලේ සුන්දර දවසක 19 වැනිදා ඉපැදුණු ඇය 2003 ඉඳලා හින්දි සිනමාවට එකතුවෙන්න කලින් පන්ජාබ් යුනිවර්සිටි එකෙන් උසස් අධ්‍යාපනය හදාරනවා. මීටර් 1.65 ක් එහෙම නැත්නම් අඩි 5යි 5 ක් උස ඇයව අපි කවුරුත් දන්නේ මහි ගිල් කියන නමිනුයි. විවිධ සිනමා උළෙලවලින් සිනමා සම්මානයන්ට පාත‍්‍ර වුණ ෆිල්ම් ෆෙයාර් සම්මානලාභී මහි ගිල් තමයි සුපුරැදු පරිදි සහේබ් බීවී ඕර් ගැන්ස්ටර් 03 සිනමා පටයේත් බීවීගේ චරිතයට පණ පොවන්නේ සංජය දත්. ජිමී සෙයිගල් සහ මහි ගිල්ට ප‍්‍රධාන චරිතයන් පණ පොවද්දී ඔවුන්ට අත්වැලක් වෙන්නේ මෙන්න මේ කට්ටියයි. දීපක් තිජෝරී, චිත‍්‍රාන්ගද සිං, සෝහා අලී ඛාන්, කබීර් බෙඩී, දීප් රාජ් රානා, නෆීසා අලී, ඉම්රාන් හස්නී, රිෂිනා කන්දාරී, අරිෂ්ෆා ඛාන් මේ කට්ටියම තමන්ගේ චරිතවලට තාත්වික විදියට පණදීලා තියෙන හින්දා මේ සිනමා පටයේ සුන්දරත්වය වැඩි වුණා කියලා තමයි සංජය දත් ඉන්දියාවේ මාධ්‍ය අමතමින් කියලා තියෙන්නේ. මේ සුන්දර සිනමා පටයේ තියෙන ගීත ගැනත් නොකියම බැහැ. ගීපද මාලාවන් රෙවන්ත් ශෙර්ගිල්, කුමාර් අතින් ලියැවෙද්දී සප්ත ස්වරයන් මුසු කරලා තියෙන්නේ සිද්ධාර්ත් පණ්ඩිත්, අන්ජනා භටාචාර්යා. ඒ ගී පදමාලාවන්ට පණ දීලා තියෙන්නේ රෙවන්ත් ශර්ගිල්, නූරාන් සිස්ටර්ස්, අමිත් ගුප්තා විසින් වන අතර ලග් ජා ගලේ කියන ප‍්‍රවීන ගායිකාවක් වන ලතා මංගේෂ්කර් විසින් ගායනා කරලා තියෙන ගීතය මේ සිනමාපටයේ නව නිෂ්පාදනයක් විදියට අලුතින් කම්පෝසර් කරලා තියෙනවා කියලත් ඔන්න අපිටත් දැනගන්න ලැබුණා.
 
► Translation — Chandana Waravitage
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00