ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍රා ප‍්‍රාන්තයට අයත් ඉන්දියාවේ දියුණුම වෙළඳ නගරය ලෙසින් නමක් දිනා සිටින මුම්බායී නගරයේ තමයි අද මේ කියන්න හදන කතාව සිද්ධ වෙන්නේ. අහස අල්ලන්න තරග කරන විසල් ගොඩනැඟිලි අතරේ පැල්පත් නිවාසත් මේ නගරයේ තියෙනවා එක් පසෙක. මුම්බායි නගරයේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් ලක්ෂ දෙකක් වෙලාවක් කලාවක් නොබලා වෙහෙස වෙනවා.
ඒ ත‍්‍රස්තවාදය තුරන් කිරීමේ අරමුණෙන් සහ අපරාධයන් මැඩලීමේ අරමුණෙනුයි. ඒත් එක දවසක් පොලිස් ඉන්ස්පෙක්ටර් කෙනෙක්ව ත‍්‍රස්තවාදීන් පිරිසක් විසින් පණපිටින් පුළුස්සා මරාදැමීමත් එක්ක කුරිරු ඝාතන රැල්ලක ආරම්භය සිද්ධ වෙනවා. ඒ හේතුව හින්දා පොලිස් නිලධාරීන් බොහොමයක් බයෙනුයි ජීවත් වෙන්නේ. ඒ ගැන මාධ්‍යවේදීන් ප‍්‍රශ්න කරන්න පටන් ගන්නවා. භීතියෙන් ඉන්න මහජනතාව ඊළඟ ප‍්‍රහාරයෙන් බේරා ගැනීමේ අරමුණෙන් කමිශනර් ඩීසීපී ශිවනාෂ්ව ඒ සිද්ධිය හොයන්න යොදවනවා. මේ වෙද්දී ඒ සිද්ධිය වෙනත් අකාරයකට වීර් විසඳමින් ඉන්නේ.
ඒ දෙන්නම පොලිස් නිලධාරීන්. ඒත් වීර් සහ ශිවනාස් මාර්ගයන් දෙකක ගමන් කරන දෙන්නෙක්. අතිශයින්ම සටන් ජවනිකා සහ කෲරරත්වය පිළිඹිබු කෙරෙන මේ නවතම සිනමාපටයේ නම සත්‍යමේව ජයතේ (සත්‍ය නිරන්තරයෙන්ම ජයගන්නවා) මේ හින්දි සිනමාපටයත් ඉන්දියාවේ ජාතික නිදහස් දිනය සමරන 2018 අගෝස්තු 15 වැනිදටම තමයි තිරගත වෙන්නේ. සත්‍යමේව ජයතේ හින්දි සිනමාපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ මිලප් මිලන් සවේරී වන අතර මේ සිනමාපටය නිෂ්පාදනය කරන්නේ භූෂන් කුමාර්, ක‍්‍රිෂන් කුමාර්, මොනිෂ් අද්වානී, මධූ භෝජ්වානි සහ නිඛිල් අද්වානී. මිලප් මිලන් සවේරි විසින් ලියලා තියෙන කතාවේ තිර රචනය කරන්නේ ඔහුම තමයි. මේ සිනමාපටයේ රහ වැඩි කරන්න සිනමාපටයේ පසුතල සංගීතවත් කරලා තියෙන්නේ සන්ජෝයි චවුදර්. ඒ වගේම මේ හින්දි සිනමාපටය හැඩ කරන්න ඒකේ තියෙන ගීතනම් සංගීතවත් කරලා තියෙන්නේ සජිද් - වජිද්, තනිෂ්ක් බග්චී, රොචක් ඛොහ්ලි සහ ආර්කෝ ප‍්‍රාවෝ මුඛර්ජී. 2018 අප්‍රේල් 05 වැනිදා තමයි මේ සිනමාපටය තිරගත කරන්න මුලින් සැලසුම් කරගෙන් තිබුණේ. ඒත් 2018 අගෝස්තු 15 වැනිදාට තිරගත කරන්න මේ සිනමාපටයට සම්බන්ධ කණ්ඩායම තීරණය කරලා තියෙනවා.
දැන් ඔබ හිතනවා ඇති මේ සිනමාපටයේ කවුද දන්නේ නැහැ ඉන්නේ කියලා නේද? කලබල වෙන්න අවශ්‍ය නැහැ. ඒකට තමයි අපි දැන් සූදානම් වෙන්නේ. දැන් අපි ඔබට කියන්න හදන්නේ වීර් එහෙම නැත්නම් විරේන්ද්‍ර කුමාර් සිං ගැනයි. යුවතියන්ගේ හිත් වශී කරගෙන ඉන්න කෙනෙක් තමයි මේ චරිතයට පණ දෙන්නේ. මෙන්න මේ සිනමාපටවල හිටිය ඒ කඩවසම් තරුණයා මතකයිද කියලා මුලින්ම බලන්නකෝ.
Jism (2003), Dhoom (2004). Zinda (2006). Water (2005).Baabul (2006). Garam Masala (2005), Taxi No. 9211 (2006), Dostana (2008), New York (2009), Force (2011), Housefull 2 (2012), Race 2 (2013), Shootout at Wadala (2013), Welcome Back (2015), Dishoom (2016),
1972 දෙසැම්බර 17 වැනිදා මුම්බයි නගරයේදී උපන් ඔහු මේ වෙද්දී ඉන්නේ ඉන්දියාවේ මුම්බායීවල බැන්ද්‍රා කියන ප්‍රදේශයෙයි. 1997 ඉඳලා නළුවෙක් සහ නිරූපණ ශිල්පියෙක් සහ නිෂ්පාදකයෙක් විදියට තමයි ඔහු වෘත්තියේ නිරත වෙන්නේ. 2014 දී ඔහු ප‍්‍රියා රන්චල් එක්ක විවාහ වෙනවා. ඉන්ඩියන් සුපර් ලීග් තරගාවලියේ නෝර්ත් ඊස්ට් යුනයිටඩ් ෆුට් බෝල් ටීම් එකේ හිමිකරුවා වන ඔහු තමන් රඟපාන චරිතයට අදාළ සටන් ජවනිකා සහ අනතුරුදායක සිද්ධි පවා ඔහුම රඟපාන ඔහු මස් මාංශ අනුභව නොකරන කෙනෙක් වන අතර ඔහු සත්ව හිංසනයට එරෙහිව පෙනී ඉන්න කෙනෙක්. 2012 වසරේදී තිරගත වුණු විකී ඩොනර් හින්දි සිනමාපටය තමයි ඔහුගේ පළමු නිෂ්පාදනය වෙන්නේ. බිපාෂා බාසුගේ ප්‍රේමවන්තයා විදියට හැමෝම දැනගෙන හිටිය ජෝන් ඒබ‍්‍රහම් තමයි සත්‍යමේව ජායතේ හින්දි සිනමාපටයේ විරේන්ද්‍ර කුමාර් සිං හෙවත් වීර්ගේ චරිතයට ණන පොවන්නේ.
ඊගාවට කියන්න හදන්නේ ඩිපියුටි කමිශනර් ඔෆ් පොලිස් එහෙම නැත්නම් ඩීසීපී ශිවාන්ෂ් ගැනයි. 1969 අප්‍රේල් 23 වැනිදා ඉන්දියාවේ බිහාර් ප‍්‍රාන්තයේ නර්කටියාගනි ප‍්‍රදේශයේදී ඉපදුණු මොහු 1994 ඉඳන් හින්දි සිනමාවට සම්භන්ධ වෙලා කටයුතු කරන කෙනෙක්. හින්දි සිනමාපටවල මෙන්ම දමිළ, තෙළිඟු සිනමාපටවලත් රඟපාලා තියෙන ඔහු නැශනල් ෆිල්ම් අවෝර්ඩ් දෙකක් සහ ෆිල්ම් ෆෙයාර් සම්මාන හතරක් ඇතුළු විවිධ සමාන උළෙලවලින් සම්මාන රාශියක් තමන්ගේ නමට ලියා ගන්න සමත් වුණු කෙනෙක්. මෙන්න මේ සිනමාපට ඔබත් නරඹලා තියෙනවනම් ඔබට ඔහුව අමතක වෙන්න විදියක් නැහැ.
Drohkaal (1994), Bandit Queen (1994).Kaun (1999) Shool (1999),Zubeidaa (2001), Aks (2001) Road (2002).Pinjar (2003).Raajneeti (2010), 2012, Gangs of Wasseypur. Chakravyuh (2012),Special 26 (2013).
කුඩා ගමක ඉපදුණු ඔහුගේ බිරිඳත් ජනප‍්‍රිය සිනමා නිළියක්. 2006 ඉඳන් සිනමාවට සම්භන්ධ වෙලා ඉන්න නේහා නමින් හැමෝම දන්න ශබානා රසාත් එක්ක විවාහ වෙලා ඉන්න මනෝජ් බජ්පායි තමයි සත්‍යමේව ජායතේ හින්දි සිනමාපටයේ ඩීසීපී ශිවනාෂ්ගේ චරිතයට පණ පොවන්නේ.
මනෝජ් බජ්පායි පණ දෙන චරිතය ගැන කියලා දැන් ඔබට කියන්න හදන්නේ සත්‍යමේව ජායතේ සිනමාපටයේ ශිඛා කියන චරිතය ගැනයි. නිළියක් වගෙම නිරූපිකාවක් ලෙසින් ඉන්දියාවේ ජනප‍්‍රිය වෙලා ඉන්න ඒ සුන්දර කෙල්ල 1989 ජනවාරි 24 වැනිදා ඉන්දියාවේ බිහාර් ප‍්‍රාන්තයේ භගල්පූර්වල තමයි ඉපැදිලා තියෙන්නේ. දේශපාලනඥයෙක් වන අජිත් ශර්මා තමයි මේ කෙල්ලගේ තාත්තා. ඒ වගේම හින්දි සිනමාවේ දැනට නිළියක් ලෙසින් ප‍්‍රසිද්ධ වෙලා ඉන්න නේහා ශර්මාගේ නැගනිය අයීශා ශර්මා තමයි ශිඛාගේ චරිතයට පණ පොවන්නේ. අයිශාට අමතරව අමෘත් ඛන්විල්කර්, ටෝටා රෝයී චවිද්‍රි, දේව්දත්තා නාගෙ, සහ නෝරා ෆාතෙහී ඇතුළු නළු නිළියන් රැසක් විවිධ චරිතවලට සත්‍යමේව ජායතේ සිනමාපටයේ පණ දෙනවා.
සත්‍යමේව ජායතේ හින්දි සිනමාපටයේ තියෙන සුන්දර ගීතවල ඇති රමණීය පද ගලපලා තියෙන්නේ ශබ්බීර් අහමඩ්, ඉක්කා, කුමාර්, දනිෂ් සබී‍්‍ර සහ ආර්කෝ ආර්කෝ වන අතර ඒ පදවලට පණ දෙන්න තමන්ගේ සුන්දර හඬ දීලා තියෙන්නේ නේහා කක්කර්, ධ්වානී භනුෂාලී, ඉක්කා, අතීෆ් අස්ලාම්, තුල්සී කුමාර් සහ වජීද් අලි. සටන් ජවනිකා සහ කෲරත්වයෙන් පිරිලා තියෙන මේ සිනමාපටයේ සමහර දර්ශන සංවේදී අයටනම් ටිකක් බලන්න අපහසුයි කියලා තමයි ඉන්දියානු මාධ්‍යවල සඳහන් වෙලා තිබුනණේ.
Translation — Chandana Waravitage