2017 පෙබරවාරි 04 වන සෙනසුරාදා

බැස යන සඳ පිනි වැස්සෙන් තෙමෙනා කල..... (දැහැන)

 2017 පෙබරවාරි 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 109

බිම් කළුවර විත් නිම්‍නයෙ වැතිරී 
පාණ්ඩු පාටින් අඳුරු වෙවී 
කඳු මුදුනෙන් බැස සීතල ගඟ දිය 
කණ කොක් පැහැයෙන් දිගට ඇදී 
මා මළ දවසේ නිදනා තණ බිම 
ගඟ එගොඩින් යන්තමට පෙනේ 

 
අමරදේව!   

අවසානයේ

ඔබ එහෙම ගැයුවා 

හාන්කවිසියක් නොදන්න ඇත්තෝ 
දෙනෙතින් හෙලාවි කඳුළු පොදක් 

එහි එහෙමත් තිබුණා 

අද ඔබ නෑ 
ඔබ ගිහින් 
අදට තුන් මාසයක්...
එහෙත් ඔබ නොගිහින් 
අමරදේව 
දෙවරක් දෙවි වූ අමරදේව 

මේ මහ කන්ද බැලුවා හොරැහින් මදෙස 
සන්නාලියනේ සන්නාලියනේ කාටද ඇඳුම වියන්නේ 
මා මළ පසු සොහොන් කොතේ දුක් ගීයක් ලියනු මැනව 
මළ හිරු බසිනා සැන්දෑ යාමේ ඔබගෙන් සමුගන්නම් 

ඇහෙන තාක් ඔබ ගියත් ඔබ නොගිහින් 

ඔබ ඔබ වැන්නවුන් 
ඔබවත් පසුකර යන්නවුන් 
බිහිකරන්නට - බිහිවෙනු දකින්නට 
දුටු සිහින අපමණයි 
ඒත් සිහින අයාලේ ගිය පරම්පරාවකින් 
අමරදේව පිටපතක් තබා ආදේශකයක්වත් 
තැනුණේ නෑ 
තැනෙන තාක් තැනුණේ 
බස් සින්දු සහ අඬන සින්දු 

කවුද මචං අමරදේව 
මොනවා කරපු එකෙක්ද 
සින්දු කීවා? ආ...
මොනවද පොර කියපු සින්දු 
අජ.... අපිට hit නෑ නේද මචං 

හෙට පරම්පරාව 
එහෙම කීවත් පුදුම වෙන්න දෙයක් නෑ 
උන් over IT වෙච්ච 
මෙලෝ විඥානයක් නැති 
පරම්පරාවක් 
හැමෝම නොවුණත් බහුතරය 

අමරදේව!

එහෙව් පසුබිමක 
හිස්තැන හොඳටම දැනෙනවා 
හිස්තැන් හිස්තැන්ම විතරයි 

♦ Sanju

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00