2017 පෙබරවාරි 04 වන සෙනසුරාදා

සිඳු තෙර

 2017 පෙබරවාරි 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 48

ජීවිතයේ හිස් පිටුවක 
නුඹ ලියනා දිගු කවියක 
අරුතක් නැති වචන අහුර 
වීසි කළා මං 

ආත්මයේ ද්වාරයෙන් 
ආගන්තුක තරුවක් ළඟ 
සීතලයෙන් ඉකිගහන්නේ 
ඒ වචනයි දැන් 

කළු ගලකට දුක මුමුණන 
අසම්මතයේ වතුර බිඳක් 
මරණය ඉල්ලාන හඬන 
හඬ නොඅසමි මං 

උරහිසකට වාරු වෙලා 
ජීවිතයේ දුක කියන්න 
මමම හඬන හඬ ඇසුවෙමි 
හුදෙකලාව මං 

සොඳුරු බරයි දුක ඉහිරුණ 
ජීවිතයේ හිස්පිටුවත් 
පාට නැතත් අත්තටුවල 
නාඩා ඉඳිමි මං 

මට මං විතරක් වුණාට 
නාඩා ඉඳිමි මං

SAARA