මම ඉපදුණේ නීතිය බොහොම තද රටක. ඒ රටේ නම කියන්නවත් මට බෑ. මොකද ඒ තරම් තදයි නීතිය. මැස්සා ඉතින් ඔය කාගෙ කාගෙත් හොස්ස ළඟින් යන අතරේ හංදියක් ගාවදි අපූරු කතාවක් ඇහුණා. ඇහුනාමත් නෙමෙයි. දෙන්නා කතා කළේ ඇහෙන්නෙත් නැති තරම් හොරෙන්. ඒ වුණාට අපි එළ මැස්සොනේ. ඕන දීපංකරේක රිංගන්න අපිට නීතියෙන් බලතල තියෙනවා. මම ගිහින් එක පොරකගේ කරේ වැහුවා.
මූ ඩියොඩ්රන්ට් ගාලා නෑ අප්පා. අම්මපා මුන් ගාව තියෙන හඩු ගඳට මැස්සෙක්ටවත් නහයක් කටක් ඇරන් ඉන්න බෑ කලන්තෙ දානවා. ඔළුව කැරකි කැරකී මම අහන් හිටියා.
අඩෝ රනේ මොකද බං ඇදිලා ගිහිල්ලා.
වැඩක් නෑ දනේ... මඤ්ඤංවෙලා ඉන්නෙ. සල්ලිත් නෑ සනීපත් නෑ...
ඇයි මොකදවෙලා තියෙන්නෙ?
අනේ මචං හම්බ කරන හැම සතේම හේදිලා යනවා. නයනා හැමදාම බණිනවා නිකමා කියලා.
නයනා කිව්වෙ
අපේ ගෑනි බං.
ඔය අර සාමා අමර එක්ක මල් කඩපු නයනද?
ඒකි තමයි. සාමා අමර එක්ක මල් කඩලා මම එක්කනේ ආවේ. උන් බේරුණා.
මොකද ගෑනි කියන්නෙ?
මොනවා හරි කරන්නලූ...
මොකටද?
සල්ලි හොයන්න
ඇයි බං සල්ලි හොයන්න මිනීමරන්නයැයි.
අනේ මන්ද බං. එපා වෙලා මම ඉන්නෙ
දනේ රනේ දිහා බැල්මට් එකක් දැම්මා.
මොකෝ?
නෑ මම මේ බැලුවේ උඹේ ග්රහචාරිය අවුල් වෙලාද කියලා
ඒ කියන්නෙ?
මේ දවස්වල සෙනසුරාගේ දවස්නේ
අද ඉරිදා බං...
එහෙම නෙමෙයි සෙනසුරා ඉරිදා නෙමෙයි බදාදා වුණත් එන්න පුළුවන්. සෙනසුරැ නීච වෙලා ග්රහයෝ කුපිතවෙලා ඉන්නෙ.
ඉතින්...
දනේ රනේට කිට්ටු වෙලා හොරෙන් කතා කරන්න ගත්තා
එළපොට් එකක් තියෙනවා යන්ද?
කොහෙද..?
යන්ද කියහංකෝ
ප්රශ්න විසදෙනවා නම් අපායට හරි යමං
අපායට යන්නෙ අපි නෙමෙයි ඌ. අපි යමං එතනට. කිරි ගහට කැත්නෙක් වෙඩි තිබ්බා වගේ ඇත්ත කියනවා. කොහේද ඔය..
කම්මල පාරේ යසා ළඟට
අනාවැකි යසා ගාවටද?
හරියට හරි...
හොඳයිද බං කියන ඒවා
මොනාද කියන්නෙ. මැරෙන දවස පවා කියනවා.
එදාට මැරුනෙ නැත්තම්
එදාට මැරෙන පාටක් නැත්තම් ඌ සෙට් එකක් දාලා මරවනවා.
අම්මපා කියහන්...
මොනවද කියන්නෙ යමං.... හැබැයි හොරෙන්
ඇයි හොරෙන්...?
දැන් අනාවැකි කියන්නෙ නෑ ඕයි එළිපිට
ඇයි?
උස්සනවා. අනාවැකි තහනම්....
ඒ ඇයි?
ඇය බං වැරදි අනාවැකි කිව්වම ජනතාව නොමඟ යනවනේ
මල හත්තිලව්වයි
ඇයි?
අපේ කෙල්ලව පරිස්සම් කරගන්න ඕන
ඇයි ඒකිත් ජෝතිෂ වැඩ කරනවද?
නෑ... නෑ..
එහෙනම් ඒකි ටීවි චැනල් එකකනේ වැඩ
ඉතින්...
ඒකි තමයි කාලගුණ අනාවැකි කියන්නෙ. කියන තරමක් බොරු. අද වහිනවා කිව්වොත් ගිනි අව්ව. පායනවා කිව්වොත් නාකපන වැහි.
අම්බෝ... උස්සයි හොඳේ. ඇපත් නෑ. වහාම නවත්තන්න කියපන්. දැන් ටීවීවල කාලගුණ අනාවැකිවත් කියන්නෙ නෑ...
හරි... හරි... යමං අරූ ගාවට.
දෙන්නා එක්ක ටවුන් එක දිගේ ගිහින් පාලු පාරකට හැරුණා. මාත් ගියා පස්සෙන් පියාඹලා. පස්සෙන් පියාඹන්නෙ කොහොමද අහන්න එපා. මම ගියේ උන්ගේ පස්සෙන්.
මිඳුලක සෙනඟ ටිකක් හිටියා. කටිටයම හොරෙන් කතාව.
මොකක් ගැන දැනගන්නද?
පුතාගේ මඟුල ගැන
මම නැති වෙච්ච බේසමක් ගැන
මම ඇවිල්ලා බේසමක් නැති වෙච්ච පුතෙක් ගැන
කටිටිය හොරෙන් කියන්නෙ.
වැඩිය සද්ද එපා. හොරෙන් තේකක් බොන්න වගේ ඇතුළට ගිහින් වැඩේ අහගෙන එන්න. සාස්තර කිය කියා ඉද්දි පොලීසියෙන් පැන්නොත් එහෙම තේකක් බොන්න ආවා කියන්න. ආනාවැකි කතා නම් අදින්නම එපා
හරි හරි...
උපදෙස් කෝටියයි. අපිත් ගියා ඇතුළට.
වාඩිවෙන්න.
රැවුල් පොයින්ට් එක ගහපු ජෝතිෂතුමා කිව්වා.
දැන් අනාවැකි කියන උන් ඇවිල්ලා හොරු. ජෝතිෂය ඇවිල්ලා හොර වැඩක්. හොරෙන් කරන්න ඕන. කසිප්පු පෙරනවා කුඩු විකුණනවා වගේ කරන්න ඕන. මාට්ටු වුණොත් ලාච්චුවේ දානවා අරන් ගිහින්. අම්බෝ මම බයයි ඕවට.
ජෝතිෂතුමා කිව්වා. පව් අප්පා.
කියන්න බලන්න මහත්තයගේ ප්රශ්නෙ
රනේගෙන් ඇහුවා.
මගේ ප්රශ්නෙට කලින් මම මහත්තයගෙන් ප්රශ්නයක් අහන්නම්
මොකද්ද?
දැන් මේ කියන කතාවේ හැටියට අපිට නෙමෙයි මහත්තයටනේ සෙනසුරු ලබලා තියෙන්නෙ
ඇයි?
ඇයි කියන්නෙ ආනවැකියක් කිව්ව ගමන් හිරේ යන්නෙ....
ඔව් ඉතින් මට කියලා නෑ. සෙනසුරා නෙලන්න ගත්තම වත්ත වටේ නෙලනවා.
ඉතින් අපිට අනාවැකි කියන්න කලින් මහත්තයා අනාවැකියක් බලාගත්තොත් හොඳයි නේද?
ජෝතිෂ මහත්තයා කරපට්ටන් වෙලා කැරකිලා බිම පතබෑවුණා. දැන් ඉතින් මූට වතුර ගහලා ඉදහල්ලකෝ අපේ වැඩේ කරගන්න.
මම
හොස්ස ළඟින් ගිය මැස්සා.