අසේල විජේසුන්දර.... දන්ත ශල්‍ය වෛද්‍යවරයෙක්... කෑගල්ල ප්‍රාදේශීය දන්ත ශල්‍ය වෛද්‍ය සහ කඩවත රාගම පාරේ රෝස්වුඩ් පෞද්ගලික රෝහලේ කළමනාකාර අධ්‍යක්ෂ. ඒ ඔහුගේ වෘත්තීය වපසරිය.. ඈත නාගොල්ලාගම ගමෙන් පටන්ගත් ජීවිත පෙළගැස්ම එංගලන්තයේ මහ නගර දක්වා දුර රැගෙන ගිය අසේල විජේසුන්දර කලාවට ආදරය කරන්න පටන්ගත්තේ ගීත විචාරකයෙක් විදිහට. ඒ ගීත විචාරකයා අද ගී පද රචකයෙක්.
සියක් දහසක් ඇවිත් යන්නැති සොඳුරියේ අප දෙස බලා ඔහු රචනා කළ පළමු ගීයයි. ගීතයට සංගීතයෙන් හා ගායනයෙන් පණ දුන්නේ කසුන් කල්හාර ජයවර්ධන. ඒ ගීතය ඉකුත් 10 වැනිදා සිකුරාදා බත්තරමුල්ල, පැලවත්ත අපේ ගම පරිශ්‍රයේදී ජනගත කළේ අසේල විජේසුන්දරගේ උපන්දිනය එක්කමයි.
නිර්මාණාත්මක චින්තකයකු, කවියකු, හා ලේඛකයකු වන මහින්ද ප්‍රසාද් මස්ඉඹුල හා ප්‍රවීණ නිවේදක මහේෂ් නිශ්ශංක විසින් මෙහෙයවූ එදා කතිකාවතේ මාතෘකාව වුණේ ගැහැනියයි. පැරුණි සාහිත්‍යයේ සිට නූතනය දක්වා ඇයගේ ප්‍රස්තුතමය භුමිකාවයි. සියක් දහසක් ඇවිත් යන්නැති ගීතය නිර්මාණයේදී සිදු වූ රසවත් සිදුවීම් අලලා කළ කතාබහකින් පසු කසුන් ගීතය සජීවීව ගායනා කළා. ප්‍රවීණ ගායක සුනිල් එදිරිසිංහ, මහේෂ් නිශ්ශංකගේ පුතු විහඟ මනූජ ඇතුළු කිහිපදෙනකුම ඒ අපේ ගමේ සැන්දෑව අපූරැ ළයාන්විත ගී හඬින් රසවත් කළා.
ඒ සෞන්දර්යාත්මක හැන්දෑවේ වඩාත් හැඟීම්බරම තත්ත්පර කීපයක් ගෙවී ගියේ දන්ත ශල්‍ය වෛද්‍ය අසේල විජේසුන්දරගේ ජීවිතයට එදාමෙදා තුර සෙවණැල්ලක් වූ ඔහුගේ ලොකු තාත්තා වන චන්ද්‍රදාස විජේසුන්දර මහතා කළ හැඟීම්බර කතාව සහ අසේලගේ ගීතය ගැන කළ නවමු අර්ථකථනය එක්කයි.
සියක් දහසක් ඇවිත් යන්නැති ගීතය එළිදුටුදා සහෘද කැමරා ඇස් ඒ රූපරාමු සොයා ගියේ මෙහෙමයි.
සේයා රූ - නිසල් බදුගේ සහ ලක්මාල් සේනාරත්න