2018 අගෝස්තු 25 වන සෙනසුරාදා

සිඳු තෙර

 2018 අගෝස්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 81

මට මගේම කවි ලියන්න 
ඔය හිත දෙනවානම් 
වචන දිගේ ඇවිදින්නද 
කවිකම් සොයමින්....

ලියාගන්න පෙරවදනක් 
අකුරු වචන නැති පොතකට 
එක මොහොතක් ඉල්ලන්නද 
ඇස් පාමුල නවතින්නට 

මේ බිම හිඳ මුදුන සිඹින 
එක හුස්මක් රැගෙන දුරින් 
ඉගිල්ලෙනවා රෑ විහඟුන් 
රිදුණු තටුත් උස්සාගෙන