2017 පෙබරවාරි 04 වන සෙනසුරාදා

චමරිගේ Number1 හේමාල් රණසිංහලු

 2017 පෙබරවාරි 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 61

ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායිකාවක් වන චමරි අතපත්තු, දැඩි වගකීම් ඇති ක‍්‍රීඩිකාවක් වුවද සැහැල්ලුවෙන් කටයුතු කරන තරැණියක්. ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් ඉතිහාසයේ එක්දින තරගවලදී පළමු සහ එකම ශතකය වාර්තා කළ ක‍්‍රීඩිකාව ලෙස ද චමරි ඉතිහාසයට එකතුවුණා.  අතා’ යන කෙටි නාමයෙන් හඳුන්වන චමරි චිත්‍රපට බලන්නත් විශාල කැමැත්තක් දක්වන්නියක්ලු. වටේ යන්නේ මොකටද? මේදාසැරේ Cricket Star Page එක චමරිට. කතා කරන්නෙත් චමරිත් එක්කමයි, එයා කැමි චිත්‍රපට ගැන.

චිත‍්‍රපට වගේ කලා කටයුතුවලට ඔබ දැක්වන කැමැත්ත කොහොමද?
මම පොඩි කාලේ සිට චිත‍්‍රපට බලනවා. නමුත් මම ඇබ්බැහිවෙලා නෑ. ඉංග‍්‍රීසි මූවීස් බලනන් ගොඩක් කැමතියි. හින්දි මූවීස් බලන්නත් ඒ වගේම කැමතියි. සිංහල චිත‍්‍රපට දැන් ගොඩක් බලනවා. මොකද දැන් වෙනස් අලුත් විදියට නිෂ්පාදනය කරන නිසා සිංහල චිත‍්‍රපට ගොඩක් බලනවා.

පාසල් යන කාලේ චන්න පෙරේරා රංඟනයෙන් දායක වූ ‘අංජලිකා’ චිත‍්‍රපටය මතකයේ තියෙනවා. ඒ චිත‍්‍රපටයට ගොඩක් කැමති වුණා. මොකද ඒ කාලේ එකම විදියකට චිත‍්‍රපට තිබුණේ නමුත් ‘අංජලිකා’ ඊට වඩා වෙනස් එකක් වුණා. 
හින්දි චිත‍්‍රපටවලින් මම ‘ඩුම්’ එකට ගොඩක් කැමතියි. එයත් පාසල් යන කාලේ බැලුවේ. ඒක වෙනස් චිත‍්‍රපටයක් වීම නිසා මම වඩාත් කැමති හින්දි චිත‍්‍රපටය කිව්වොත් හරි.
මීට දින කීපයකට පෙර යාඵවොත් එක්ක ගිහින් ‘ජානු කියන හින්දි චිත‍්‍රපටය බැලුවා. 

ඔබේ වඩාත් සිත්ගත් නළු නිළියෝ ගැන කිව්වොත්?
‘නිළි රැජන ලෙස හඳුන්වන මාලිනි ෆොන්සේකට ගොඩක් කැමතියි. ඒ වගෙ විජය කුමාරණතුංගට ගොඩක් කැමතියි. මගේ කුඩා අවධියේ ජනප‍්‍රිය නිළියක්ව සිටි සංගීතා වීරරත්නටත් මම කැමතියි. 

වර්තමාන නළු නිළියන්ගෙන් වඩාත් ප‍්‍රිය කරන අය කවුද?
හැමෝටම එක වගේ තමයි. ඒ අතරින් කිව්වොත් මම ගොඩක් ප‍්‍රිය කරනවා හේමාල්ට. මම හිතන්නේ මෑතකාලයේදී ආපු හොඳ රංගන ශිල්පියෙක්. ඊට පස්සෙ පුබුදු අයියාට කැමතියි. 
නිළියන්ගෙන් විශේෂයක් නෑ. මෑතකාලෙදී බිහිවෙච්ච ගොඩක් නිළියෝ ආකර්ෂණීයයි. ඒ හැමෝටම ආස කරනවා.

මෙගා ටෙලි නාට්‍ය එහෙමත් බලනවද?
ඇත්තටම කිව්වොත් ටෙලි නාට්‍ය බලන්න තියෙන වෙලාව නම් ගොඩක් අඩුයි. 
පුහුණුවීම් අවසන්වෙලා ගෙදර ගිහින් ගෙදර වැඩ කරාම ඒ වගේ දෙයකට වෙලාව අඩුයි. 
මෙගා නාට්‍යවලට මගේ එතරම් කැමැත්තක් නෑ. විශේෂයෙන්ම ඉන්දියාවෙන් ගෙන්වලා පෙන්න මෙගා නාට්‍යවලට මගේ ලොකු කැමැත්තක් නෑ. මම ඒවා පස්සේ එලවන්නේ නෑ. සිංහල හෝ හින්දි හෝ වේවා මම මෙගා රැල්ලට යන්නේ නෑ. 
හැබැයි මේ දිනවල මම ‘සිදූ’ ටෙලි නාට්‍ය ගොඩක් ආසාවෙන් බලනවා. මම හිතන්නේ ඒ නාට්‍යයේ ලොකු ආර්ථයක් තියෙනවා. ළමයින්ටයි මව්පියන්ටයි හැමෝටම ගන්න දෙයක් තියෙනවා. ඒ වගේ ටෙලි නාට්‍ය මම බලනවා.

ඔබේ කුඩා කාලේ සහ අද ටෙලි නාට්‍ය අතර විශාල වෙනසක් තිබෙනවද?
ඔව්. ‘නෑදෑයෝ’ මම බැලුවා. දූ දරැවෝ’ මම බැලුවා. සෝමවීර සේනානායක මහත්තයාගේ නාට්‍ය ගොඩක් බැලුවා. ඊට පස්සේ නම් මගෙන් ටෙලි නාට්‍ය ගොඩක් අතහැරුණා.
මෑතකාලේදී මම බැලූවා ජැක්සන් ඇන්තනී මහත්මයා අධ්‍යක්‍ෂණය කළ ‘දස්කොන් කියන නාට්‍යය. ඒකට මම ගොඩක් ප‍්‍රිය කළා. දැන් විකාශ වන දුටුගැමුණු රජතුමාව පාදක කරගනෙ යන ටෙලි නාට්‍යයත් මම පුළුවන් හැම වෙලාවෙම බලනවා. දෙයක් ඉගෙන ගන්න සහ ඉතිහාසය කියවෙනවා නම් තමයි මම කැමති.

රඟපෑමට අවස්ථාවක් ලැබුණොත් මොකද කරන්නේ?
රඟපාන්න නම් මගේ කිසිම ආශාවක් නෑ. මගේ යහළු යෙහෙළියො ගොඩක් ඉන්නවා නළු නිළියෝ. මම ඒ අය සමඟ ආශ‍්‍රය කරනවා. හැබැයි රඟපාන්න කැමැත්තක් නෑ.

♦ Text – Yohan - Pic - Sumudu