2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා

සිඳු තෙර

 2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 51

ඔහොම ඉන්න ඔය විදිහට
දලු දැම්මොත් ඔය අතු අග
පල දැරුවොත් ඔය අතු අග
කඳට බරක් නොදැනෙන්නට
අතු සුළඟට නොවැටෙන්නට
ඔහොම ඉන්න ඔය විදිහට...

අක් මුල් ඇද්දත් සාරෙට
අසෙනිය වැහි වහින දාට
වනස්පතිත් බිම වැටෙනවා

එන හුළඟක් ආවදෙන්
නිරුදක බිම් මවපුදෙන්

ඉපල් ගසක් වූ දා නුඹ
අතු අග පිපි එකමෙක මල
පරිස්සමින් හංඟාගෙන
ඔහොම ඉන්න ඔය විදිහට

මහපොළොවක් වෙනු කෙලෙසද
නුඹ උසුලා දරා සිටින
වාං දමන ප්‍රකම්පනය
අකම්පාව දෝතට ගෙන

මහපොළොවත් තිගැස්සෙනවා
දරන්න බැරි දුක් ආවම

වීසි කරන තුරු දවසක
අතීතයක මතක පදය
නොඉල්ලමින් ඉසුරු සොඳුර
මම ඉන්නම් නුඹ ගාවම