පසුගිය අවුරුද්දේ අපේ කලාකරුවන් කලාකාරියන් කීපදෙනෙක්ගේම ජීවිතවල මංගල සීනු හැඬවුණා. ඒ අවුරුද්දේ උඳුවප් මාසයේ මංගල සීනු හැඬවූ කලාකාරිය ඇයයි. ඒ රයිනි. ඉතින් රයිනිගේත් අකිලගේත් දැන් ජීවිතය ගැන කතා කරන්න අපට හිතුණා.
මුලින්ම කියමුකෝ බලන්න... කොහොමද අකිලව මුලින්ම මුණගැහුණේ?
අකිලත් හිටියේ අමෙරිකාවේ. අකිලයි මායි මුලින්ම මුණගැහෙද්දී මට අවුරුදු දාහතරක් විතර ඇති. එතකොට අකිල අපේ තාත්තිගේ බෑණ්ඩ් එකේ ඩ්‍රම්ස් ගැහුවා. එයාව මම මුලින්ම දන්නේ තාත්තිගේ බෑණ්ඩ් එකේ සාමාජිකයෙක් විදිහට.
ඒ කියන්නෙ ඔය දෙන්නා මුලින් හොඳ යාළුවෝ?
නෑ... මුල් දවස්වල එහෙම මම කා එක්කවත් වැඩිය කතාබහ කළේ නෑ. කාමරේට ගිහින් මගේ පාඩුවේ හිටියා. තාත්ති බෑණ්ඩ් එක කරගෙන ගියා. අපේ මූණු පේන්නේ ඔය ෂෝ එකක් දවසකට. නැත්නම් ඔය විශේෂ අවස්ථාවකට විතරයි. කොහොම හරි ඔහොම ඉඳලා අවුරුදු දෙකකට විතර පස්සේ අපි දෙන්නගේ යාළුවෙක්ගේ මාර්ගයෙන් අපි හඳුනාගත්තා. ඊට පස්සේ අපි කට්ටිය එකතුවෙලා ඩිනර් අවුට් ගියා. ඊට පස්සේ අකිල සාමාන්‍යයෙන් හොඳ යාළුවෙක් වුණා.
ඒ යාළුකම ආදරයක් වුණේ කොහොමද?
අපි දෙන්නටම ඔය කාලදි චූටි චූටි ප්‍රශ්න තිබ්බා. කොලේජ් එකේ ප්‍රශ්න... එතකොට ඔය චූටි චූටි ප්‍රශ්න අපි දෙන්නාට දෙන්නා කතාබහ කළා. එයා හොඳ දුක්ගන්නාරාළ කෙනෙක්. ඒ නිසා ඒ ප්‍රශ්න බෙදාගැනීමෙන් තමයි අපි දෙන්නා අතරේ සම්බන්ධයක් ඇතිවුණේ.
කවුද මුලින්ම ආදරෙයි කියලා කිව්වේ... ඇත්ත කියන්න?
ඇත්තම ඇත්ත කියන්නද.. අපි දෙන්නගෙන් කවුරුවත් එහෙම කියලා නෑ. අදටත් අපි කවුරුවත් කැමැත්ත කියලා නෑ. ඒක ඉබේම සිදුවුණු දෙයක්... අඩුම ගාණේ ඔයා මාව බඳින්න කැමතිද කියලවත් දෙන්නගෙන් කවුරුත් අහලා නෑ.
ඔය දෙන්නගේ ආදරයට ඔයාගෙ අම්මා තාත්තා මුලින්ම කැමති වුණාද?
නෑ... අම්මයි තාත්තයි මුලින්ම අකමැති වුණා. මගේ අම්මට දරුවන් ගැන හොඳ ඉවක් තියෙනවා. ඒ නිසා අපේ සම්බන්ධය මුලින්ම අම්මා දැනගත්තා. අපේ පොඩි වෙනසක් වුණත් එයාට ටක්ගාලා තේරෙනවා. හැබැයි අකිලට මම කැමැති වෙන්න ලොකුම හේතුවක් තමයි අකිල ගැන ඒ කාලේ ඉඳන්ම මගේ අම්මා තාත්තා හොඳ කියනවා. කොහොම හරි අකිලට මුලින් අකමැති වුණත් පස්සෙ ටික කාලයකදී ඒ දෙන්නත් කැමති වුණා.
ඔය දෙන්නාගේ සම්බන්ධයට ඔයාගේ නංගී උදව් කළාද?
නෑ... එයා මට වඩා අවුරුදු හයක් බාලයි. ඉතින්.. ඔය දේවල් නංගී අම්මලාට කලින් දැනගෙන ඉන්නත් ඇති. හැබැයි එයා කිව්වෙ නෑ. එයාට ගාණක් නෑ. එයත් අකිලට හරි කැමතියි.
යාළුවුණාට පස්සේ දෙන්නා තනියම ගියේ කොහේද?
ඔන්න අකිල දවසක් කිව්වා ඩිනර් එකකට යමු කියලා. මම කොලේජ් ගියාට මම එහෙම එළියට යන කෙනෙක් නෙමේ. ඒ පැත්ත මට අලුත්. ඉතින්.. අපි දෙන්නා නිව්යෝර්ක්වල තියෙන පුරුද්දට රෑ නමයහමාරට දහයට විතර එළියට බැස්සා. ඒත්.. එක කඩයක්වත් ඇරලා නෑ. අන්තිමට අපි පුංචි තැනකින් සැන්ඩ්විච් එකක් කාලා ආයේ ආවා.
අකිල හිටියේ ඔයා හිටිය තැනට ගොඩාක් ඈතින්ද?
ඔව්... මගේ කොලේජ් එකට අකිල ඉන්න තැන ඉඳන් එන්න පැය අටක් යනවා. ඉතින්... හැම මාසෙකම අකිල පැය අටක් ඩ්‍රයිව් කරගෙන ඇවිත් මාව බලලා ආයේ පැය අටක් ඩ්‍රයිව් කරන් යනවා. අවුරුදු පහක් තිස්සෙ අකිල මේ කැපකිරීම කළානේ..
මතකද අකිල දීපු මුල්ම තෑග්ග?
අනේ... ඔව්. එයා මට දම්පාට කරාබු දෙකකුයි මාලයකුයි දුන්නා. මම ඒකට කැමැති වුණේ නෑ. ඒ නිසා මම ඒක මගේ යාළුවෙක්ට දුන්නා. ළඟදී මතක් වෙද්දී මට හිතුණේ ඇයි මම ඒක දුන්නේ කියලා. පව් අනේ අකිල..
රයිනි මොකක්ද අකිලට මුලින්ම දුන්නේ ?
මම හිතන්නේ මම එයාට දුන්නේ චොකලට් එකක්. ප්‍රසන්ට් අරන් දෙන්න මට ඒ දවස්වල අතේ සතේ නෑ. අම්මලා ඇවිත් කොලේජ් එකට හැම මුදලක්ම ගෙවනවා. ඉතින් මුලින් චොකලට් එකක් දුන්නා. ඊට අවුරුද්දකට පස්සෙ හෙමීට සල්ලි එකතු කරගෙන මම එයාට පර්ෆියුම් එකක් ආයේ අරගෙන දුන්නා.
රයිනි ඉගෙන ගත්තේ ගුවන් නියමුවෙක් වෙන්න... ඒත්... අද ඒ හීනයට මොකද වුණේ?
ලංකාවට ඇවිත් මේ දේවල් කරගෙන යද්දී අද මගේ ෆස්ට් ලව් එක තමයි මියුසික්. ඒ නිසා අර දේට පාඩම් කරන්න දැන් මට කම්මැලියි. හැබැයි මට අවුරැදු හැත්තෑවෙදි හරි මම ඒ දේ ඉවර කරලා ලොකු ප්ලේන් එකක් පදිනවා.
අකිල බුද්ධාගමේ... ඔයා කතෝලික... ඒ නිසා ද පල්ලියෙයි, පෝරුවෙයි දෙකේම චරිත්‍ර කළේ?
මම පොඩි කාලේ ඉඳන්ම හීනයක් තිබුණා පෝරුවේ චාරිත්‍ර කරන්න. මාල හත දාන්න. අකිල කතෝලික කෙනෙක් වුණත් මම ඒ චාරිත්‍ර ටිකනම් කරනවා.
රයිනි දෙසැම්බර් 22 වැනිදා ඔයාලා විවාහ වුණාට ඊට කලින් ඔය දෙන්නා විවාහ වෙලානේද හිටියේ?
ඔව්... අපි 2015 ජනවාරි මාසෙ තමයි විවාහ වුණේ. එහේ බැඳලා තමයි අපි ලංකාවට ආවේ. ඒත්... වෙඩින් උත්සවයත් ගත්තේ නැති නිසා ඒක අපි දෙන්නටම හිතට වදයක් වුණා. යාළුවන්ගේ ගෙදරකට ගියත් ඒ අයගේ වෙඩින් ෆොටෝ තියෙනවා. ඒ නිසා අපි දෙන්නා වැඩකරලා හම්බ කරගත්ත මුදල් ටිකෙන් අපි චාම් වෙඩින් උත්සවයක් ගත්තා.
ඒ වෙනුවෙන් අනුග්‍රාහකයෝ රයිනිලාට හිටියාද?
ඕන තරම් අනුග්‍රහකයෝ අපිට කතා කළා. සාරිය දෙන්නම්, මල් දෙන්නම්, ෆොටෝ ගන්නම්, මේ වගේ හැම දේකටම වගේ අපිට කතා කළා. ඒත්... ඒ දේවල්වලට අපි කැමැති නෑ. අපිට අපේ වෙඩින් එක අපේ සල්ලිවලින් කරන්න ඕන වුණා. ඒ නිසා ඒ හැම දේටම යම් ගාණක් දීලා අපි කරගත්තේ. අද කාටවත් කියන්න බෑ “අපි එයාට කළේ නිකං කියලා. ඒ නිසා අපේ සල්ලිවලින් කරපු චාම් වෙඩින් එක ඇත්තටම අපි දෙන්නට හරියට වටිනවා.
ඔය දෙන්නා හනිමූන් ගියේ කොහාටද?
අකිල මාව සිංහරාජ කැලෑවට එක්කකරගෙන ගියා. කලවානේ තියෙනවා එක හොටෙල් එකක්. ඒක තියෙන්නේ කැලෑව මැද්දෙයි. ඉතින් ඒ හොටෙල් එක හරීම ලස්සන තැනක්.
අකිල තුළ තිබෙන ඔයා ආස කරන ගතිගුණ මොනවද?
එයාගේ තියෙන ගතිගුණවලින් කැමැතිම ගතිගුණයත්, මම අකමැතිම ගතිගුණයත් එකයි. එයා කෙලින් කතාකරන කෙනෙක්. ඉතින්... එහෙම මට කතාකළාට කමක් නෑ කියමුකෝ. ඒත් සමහර තැන්වලදී එයා එහෙම කතා කරද්දී බයත් හිතෙනවා. හැබැයි මම දන්නවා එයා කවදාවත් බොරු කියන්නේ නෑ කියලා.
ගෙදර දොරේ වැඩපල උයන පිහන වැඩ එහෙම රයිනිට පුළුවන්ද?
හොඳට පුළුවන්... අපේ ගෙදර දැන් බලු පැටියෙක් ඉන්නවනේ. ඉතින් එයාවත් බලාගන්නවා. අකිල මට ගෙවල් අස්කරන්න එහෙම උදව් කරනවා. එයාටත් උයන්න පුළුවන්. හැබැයි මම ඉන්න දවස්වලට එයා උයන්නේ නෑ. මම ෂෝවලට ගියොත් එයා උයලා මට ෆොටෝස් එවනවා. අකිල හරි ආසයි සැමනුයි, පරිප්පුයි, බෝංචි බාගෙට උයලයි, පපඩම් කන්න. ඒක තමයි එයාගේ ආසම කෑම. ඕන දෙයක් ගෙදර තමයි කන්න ආස. එයා පිටින් කන්න හරීම අකමැතියි.
දැන් ඉතින් දරු පැටියෙක් හදන්න කාලෙ නේද?
කොහොමත් මට වයස තිහට කලින් අපි දරු පැටියෙක් ගැන හිතනවා. ඒකට තව අවුරුදු පහක් විතර තියෙනවා. කොහොමත් අකිලගෙයි මගෙයි ජීවිතේ බොහෝ දේවල් අපි ලොකුවට ප්ලෑන් කරපුවා නෙමේ... බලමු... මේකටත් මොකද වෙන්නේ කියලා.
Text — Dishani Jayamali Karunarathne / Pic- Sumudu