අහස නාඬා ඉඳින් සොඳුරිය
විඳින්නට සිත් අහිමි දා අද
කඳුළු මුතු ඇට මාල අමුණන
රැයක සීතල
දන්නෙ නෑ නුඹ....
තෙමී ඉකිලන පියාපත් අග
සුසුම් උණුසුම් සුළඟ දැවටෙන
රාත්‍රිය හරි දිගයි හිතවත
ගෙවී කල්පය
මා වෙතට එන....
ඇවිත් රිදවුම් දී දුරක යන
අසෙනි වැහි කුමකට ගිමත් කල
තාරුකා ගිම් නිවන මොහොතක
ඇස් වසමි මම
මතක මං දොර...