අපි ආසාවෙන් පුංචි තිරයේ දිගහැරෙන සමහර ටෙලිනාට්‍ය බැලුවට ඒවාට පසුබිම් වුණු කතන්දර ඇහුවොත් නම් පුදුම හිතෙයි. ඇස්වලින් කඳුළු පනියි. එහෙමත් නැත්නම් කේන්තියෙන් පුපුරයි.
මෑතකදී පැවති සම්මාන උළෙලකදී එක්තරා නිෂ්පාදකවරයෙක් ඔහුගේ අලුත්ම ටෙලිනාට්‍ය ඉවරකරන්න වින්ඳ දුක් කන්දරාව කිව්වම හිතුණා, ලංකාවෙ මේ වගේ කුහක, කපටි කලාකාරයෝ කියලා අයත් ඉන්නවද කියලා. ඇඩ්වාන්ස් අරගෙන ටෙලිනාට්‍යයේ රඟපාන දින ටිකත් වෙන්කරගත්තට පස්සෙ මේ වරු නළුවා කට්ටි පනිනවලු. ෆෝන් එකට එන්නෙ නැහැ, මොන ජාතියෙන්වත් හොයාගන්න බැරිලු.
අන්තිමේදී බොහොම අමාරුවෙන් කට්ටිය දම්මලා මෙයාව දර්ශනතලයට ගෙනල්ලා වැන්ඳෙ නැති ටික විතරලු වැඩේ ඉවරකරගන්න. ඔන්න බොලේ දැන් රිහසල් එකත් බලලා, සීන් එක රූපගත කරන්න ලෑස්තිවෙනකොට මෙයා කියනවලු අතට සල්ලි දෙනකම් සීන් එක කරන්නෙ නැහැයි කියලා.
මේක ලංකාවෙ කලා ශිල්පියෙක් ගැන කියන්නෙ හොඳේ.
ඉතින් අන්තිමේදී අර නිෂ්පාදකට සිද්ධවුණාලු තිරපිටපත ආයෙත් වෙනස් කරලා ඔහුව කතාවෙන් අයින් කරලා දාන්න.
මේ වගේ අය තමයි පිටරටින් නළු නිළියො ගෙනැවිත් අපේ නිර්මාණවල වැඩ කළාම කෑකෝ ගහගෙන අඳෝනා නඟන්නෙ.
අපේ කලා ක්ෂේත්‍රයේ විවිධ පුද්ගලයන් හමුවුණාම ඒ අයට කියන්න තියෙන ලොකු දුක්ගැනවිල්ල තමා නව පරපුරේ බොහෝ දෙනෙකුගේ ක්‍රියාකලාපය හා කැපවෙන්න තියෙන අකමැත්ත. එහෙම නොවන අයත් ඉන්න බවත් මෙහිදී මතක් කරන්නට ඕනෙ.
අතිදක්ෂ සහාය අධ්‍යක්ෂකවරයෙකුගෙන් අපි මේ ගැන ඇහුවම, ප්‍රවීණ රංගන ශිල්පීන් හා නවක රංගන ශිල්පීන් අතර ඔහු දකින වෙනස ලස්සනට විග්‍රහ කළා.
දැන් ප්‍රවීණ නළුවෙකුට වෙලාවක් දීලා ඔහුව දර්ශන තලයට ගෙන්වාගන්නට වාහනයක් යැව්වම, ඔහු ඊට මිනිත්තු 15කට විතර කලින් ලෑස්තිවෙලා සරලව ඇඳ පැළඳගෙන ඇවිත් දර්ශන තලයෙදී අවශ්‍ය මේකප් එහෙම දාගෙන චරිතයට ආරූඪවෙලා තමන්ගෙ රංගන දායකත්වය උපරිමයෙන්ම ලබාදෙනවා. විවේක වෙලාවකදී පොතක් පතක් කියවනවා, නැත්නම් කා එක්ක හරි සුහද කතාබහක යෙදෙනවා. වැඩේ ඉවරවෙලා කිසිම කලබලයක් නැතුව ආපහු යනවා.
දැන් ඉන්න අලුත් පරපුර එහෙමද? එයාව ගන්න ගෙදරට වාහනේ යැව්වම එයා වාහනේට එන්නෙ පැයකට පස්සෙ. ඒ එන්නෙත් ෆෝන් එක කනේ ගහගෙන. දර්ශන තලයට එන්නෙත් ෆෝන් එක කනේ ගහගෙන. රඟපාන්න ගියාම හොඳට නානවා. දෙන්න පුළුවන් වද ටික සේරම දීලා ෆෝන් එක කනේ ගහගෙන ආපහු යනවා. ඒ ජීවිත හරිම හිස්. පොතක් පතක් කියවන්නෙ නෑ, මනුස්සයෙක් එක්ක කතා කරන්නෙ නෑ, ප්‍රවීණයො අඳුනන්නෙ නැහැ.
හැබැයි පොඩි චරිතයක් රඟපෑවොත් පත්තරවල පිටු ගණන් පින්තූර විස්තර යනවා. ඔන්න ඕකයි අපේ රටේ කලාවට වෙලා තියෙන නස්පැත්තිය.
බණ්ඩාරගම පැත්තෙ මේ දිනවල රූපගත කෙරෙන ටෙලිනාට්‍යයක් අතරතුර සිදුවූ අපූරු සිදුවීමකුයි දැන් කියන්න යන්නෙ.
මුළු කණ්ඩායම ලොජ්වෙලා ඉන්නෙ විශාල ගෙදරක. රෑට ගේ ඉස්සරහම තියෙන ලයිට් කණුවෙන් හොඳ එළියක් ලැබෙන නිසා කට්ටිය ගොඩක් වෙලාවට කාමරවල ලයිට් නිවලයි රෑට නින්දට යන්නෙ.
ඒත් එක්තරා ප්‍රවීණ ශිල්පිනියක් නිදාගන්න කාමරේ ලයිට් නිවන්නෙ නැහැ. ඒකෙ ස්විච් එක තියෙන්නෙ ඒ කාමරේ එළියෙන්ලු.
ඔන්න දවසක් මේ ප්‍රවීණ ශිල්පිනිය පාන්දර නින්දෙන් නැඟිටලා බැලින්නම් කාමරේ කට්ට කරුවලයිලු. එයා දොර ඇරගෙන අඳුරෙම බිත්ති අතපතගාගෙන සහාය අධ්‍යක්ෂකගේ කාමරේ දොරට දඩිබිඩිගාගෙන ගහනවලු. ඔහුත් කලබලෙන් දොර ඇරියා.
අනේ මල්ලි, ලයිට් ගිහිල්ලා. මට ටෝච් එකක් දෙන්න වොෂ්රූම් යන්න..
AD මල්ලි ටෝච් එකක් ඉක්මනින්ම හොයලා දුන්නා. ශිල්පිනිය ආයෙත් ටෝච් එක ආපහු ගෙනත් දුන්නා සහාය අධ්‍යක්ෂට. ඔන්න එවෙල තමයි ඔහු දැක්කෙ කාමරේ ෆෑන් එක වැඩකරන විත්තිය.
ඔහු ස්විච් ටික දැම්මා. ලයිට් සේරම වැඩ.
බැලින්නම් කවුදෝ කෙනෙක් වැරදිලා අර ප්‍රවීණ ශිල්පිනියගේ කාමරේ ලයිට් එක ඕෆ් කරලා.
පහුගිය දවසක පැවති කලා ක්ෂේත්‍රයේ උත්සවයකට ජනප්‍රිය ශිල්පීන් රැසක් සහභාගි වුණා. තරුණ ජනප්‍රිය ශිල්පීන්ද ඒ අතර හිටියා.
ප්‍රවීණයන්ට මුල්පුටු පේළිය වෙන්කර තිබුණා. බොහෝ ප්‍රවීණ ශිල්පීන්ට තියෙනවනෙ කලට වේලාවට උත්සවවලට සහභාගීවීමේ උනන්දුවක්. ඒ නිසා මුල්පුටු පේළිය ඉක්මනින් පිරිලා තිබුණා. උත්සවය පටන් ගන්නත් තව ටික වෙලාවක් තිබුණා.
මොකක් හෝ වුවමනාවකට මුල් පේළියේ වාඩිවෙලා හිටිය ප්‍රවීණ ශිල්පියෙක් ඔහුගේ ආසනයෙන් නැඟිටලා ශාලාවෙන් එළියට ගියා.
එකපාරටම කට්ටියට හිනා ගියා. පුටුවෙ අලවලා තිබුණු ආරාධිතයන්ට වෙන්කර ඇත කියන ලොකු ස්ටිකරය කොහොමහරි මෙයාගෙ පිටේ ඇලිලා.
එකපාරක් නම් මදෑ, මෙයා තව සැරේකුත් නැඟිටලා ගිහින් ආපහු ආවා. ඒ පාරනම් කවුදෝ කෙනෙක් ඔහු ළඟට ගිහින් අර ස්ටිකරය කමිසයෙන් ගැලෙව්වා.