2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා

පච්ච විකී නිමිචිච රොබිී

 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 149

මේ ගහ කොළින් පිරී ගියමනරම් නගරයක සිදුවීමක්. මේ නගරයේ කෙත්වතු හරි සරුසාරයට වැවිලා තියෙනවා. මහ ට‍්‍රැක්ටර් හඬ දීගෙන යද්දී ඒ මත හිසට තලප්පා බැඳගත්තා මුහුණ පුරා ලස්සනට රැවුල වවලා තියෙන දිග කුර්තාවලින් සැරසුණු හැඩි දැඩි එක එක වයස් කාණ්ඩවල මිනිස්සු මහ ආඩම්බරයෙන් රූංගලා ඉගිල යන්නේ සුපිරි වාහනයක ගමන් කරන උජාරුවෙනුයි.

ඒ වගේම වෙනත් යාන වාහනත් මේ පලාතේ තියෙනවා. අන්න ඒ වාහන අතරින් නවීන පන්නේ බයික් එකක් පදින කෙනෙක් තමයි විකී කියන්නේ. ඇඟ පුරාම පච්ච (ටැටූ) ගහගෙන ඉන්න ඔහු විකී තමන්ගේ කොණ්ඩයත් අමුතුම විලාසිතාවකට තමයි සරසගෙන ඉන්නේ. මෙන්න මේ කියන විකී එක එක මත් ද්‍රව්‍ය පාවිච්චි කරන රස්තියාදුකාරයෙක් විදියට සමාජයේ ඇසින් දකින කොල්ලෙක්. මෙන්න මේ කොල්ලට තමයි ලස්සන කෙල්ලෙක් වුණු රුමී ආදරය කරන්නේ. ඇත්තම කියනවානම් රුමිත් විකීට හරි හරියට පෑහෙනවා. ඒත් මේ දෙන්නගේ ආදරයට වැඩි ආයුෂක් නැහැ. දෙන්නා තරහා වෙලා වෙන් වෙනවා. මෙන්න මේ අතරේ හිසට තලප්පාවක් බඳින හරිම නිවිච්ච පෙනුමක් තියෙන නියම පංජාබ් ජාතිකයෙක් වුනු රොබී එක්ක රුමීට විවාහ වෙන්න සිද්ධ වෙනවා. අන්න එතන ඉඳන් තමයි කතාවේ හොඳ හොඳ ජාති ටික බලන්න තියෙන්නේ.

මේ කිව්ව කතාවේ ඒ සුන්දර දේවල් ටික දැක බලා ගන්නනම් ඔයාට 2018 සැප්තැම්බර් 14 ඉඳන් තිරගතවන අනුරාග් කශ්‍යප් අධ්‍යක්ෂණය කරන මන්මර්සියාං හින්දි සිනමාපටය නරඹන්නට සිදුවෙනවා. මන්මර්සියාං කියන්නේ අපේ හිත්වල ඇතිවෙන කැමැත්තටයි. ඒවා අපි එකිනෙකාගෙන් වෙනස් වෙනවනේ. විවාහ දෙන්නෙක් මැරෙනකම්ම වුණත් තමන් දෙදෙනා ගලපවාගන්න හැදුවත් සනහර වෙලාට ඒක කරන්න බැරිවෙන්නේ දෙන්නෙක් එකම දේවල්වලට කැමති වෙන්නේ නැති හින්දා කියලා කිව්වොතින් ඔබ ඒකට එකඟ වෙයිද දන්නේ නැහැ. ඒත් ටිකක් ඔබම හිතලා බලන්නකෝ. මෙන්න මේ කියන මන්මර්සියාං හින්දි සිනමාපටය නිෂ්පාදනය කරලා තියෙන්නේ ආනන්ද් එල් රායී, විකාස් බේහ්ල්, වික‍්‍රාමාදිත්‍ය මෝට්වානී සහ අනුරාග් කශ්‍යප්. කනිකා දිල්ලන් විසින් ලියලා තියෙන මන්මර්සියාං සිනමාපටය සප්ත ස්වරයෙන් හැඩ කරලා තියෙන්නේ අමිත් ත‍්‍රිවේදි. දැන් ඔබට මෙන්න මේ කියන මන්මර්සියාං හින්දි සිනමාපටයේ ප‍්‍රධාන චරිතයට පණ පොවන ඔහු ගැන කියන්නයි සූදානම.
රොබී.. ඔහු තමයි මේ මන්මර්සියාං හින්දි සිනමාපටයේ ප‍්‍රධාන චරිතය. ඔහු ගැන ඔබට මතක් වෙනවද කියලා බලන්න මෙන්නේ මේ සිනමාපට දැක්කම.

2004 Dhoom, Yuva (2004), Sarkar (2005), Kabhi Alvida Naa Kehna (2006), Bunty Aur Babli (2005), Dus, (2005), Bluffmaster! (2005), Dostana (2008), Bol Bachchan (2012), Dhoom 3 (2013), Happy New Year (2014), Housefull 3 (2016).Paa (2009). Phir Milenge (2004)  Naach (2004).Dhoom 2 (2006), Guru (2007), Jhoom Barabar Jhoom (2007) Laaga Chunari Mein Daag (2007) Drona (2008), Dostana (2008), 2009 Delhi-6,Raavan (2010), Khelein Hum Jee Jaan Sey (2010), Game (2011) Players (2012). Dhoom 3 (2013),
මතක් වුණාද? නැතිවුණාට කමක් නැහැ. ඔහු ගැන අපිම ඔබට කියන්නම්. 

1976 පෙබරවාරි 05 වැනිදා ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍රා ප‍්‍රාන්තයේ මුම්බායිවලදී ඉපැදුණු ඔහු මේ වෙද්දී ජීවත් වෙන්නේ ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍රා ප‍්‍රාන්තයේම මුම්බායිවල ජුහූ කියන ප‍්‍රදේශයේයි. බොස්ටන් යුනිවර්සිටි එකෙන් වැඩි දුර අධ්‍යාපනය ලබලා තියෙන ඔහු 2000 වසරේ සිට හින්දි සිනමාවට සම්භන්ධ වෙලා නළුවෙක් වගේම නිෂ්පාදකයෙක් විදිහටත් කටයුතු කරනවා. ඔහු තමයි ජනප‍්‍රිය සිමාවේදියෙක් වන අමිතාබ් භච්චන් සහ ජෙයා බච්චන්ගේ එකම පුතා සහ ජනප‍්‍රිය සිනමා නිළි අයිෂ්වර්යා රායී බච්චන්ගේ සැමියා සහ ආරාධ්‍යා බච්චන්ගේ පියා අභිෂේක් බච්චන්. ඔව් අභිෂේක් බච්චන් තමයි මන්මර්සියාං හින්දි සිනමාපටයේ රොබීගේ චරිතයට පණ පොවන්නේ. රොබී ගැන ඔබ දන්නවා. දැන් ඔබට කියන්න හදන්නේ විකී ගැනයි. විකීගේ චරිතයට පණ පොවන ඔහු මෙන්න මේ කියන සිනමාපටයන්වල විවිධ චරිතවලින් ඔබ හඳුනාගෙන තියෙනවා. මතක් කරලා බලන්න ඔහු ඔබ දන්න කෙනෙක්ද කියලා. 

Gangs of Wasseypur (2012) Masaan (2015), 2018 Raazi , Sanju,Lust Stories.,Luv Shuv Tey Chicken Khurana (2012)  Bombay Velvet (2015),
මන්මර්සියාං හින්දි සිනමාපටයේ විකීගේ චරිතයට පණ පොවන්නේ 1988 මැයි 16 වැනිදා ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍රාවල මුම්බයිවල ඉපදිලා 2012 වසරේ පටන් සිනමා නළුවෙක් විදියට කටයුතු කරන රාජිව් ගාන්ධි ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලජීස් එකෙන් වැඩිදුර අධ්‍යාපනය හදාරා තියෙන ඔහුයි. රොබියි විකියි ගැන දැන් ඔබ දන්නවා. දැන් ඔබට කියන්න හදන්නේ රුමි ගැනයි. රුමිගේ චරිතයට පණ දෙන්නේ ඔබ දන්න කෙනෙක්. 1987 අගෝස්තු 01 වැනිදා ඉන්දියාවේ නව දිල්ලිවල ඉපදිලා තියෙන ඇය දැනට මුම්බායිහි ජීවත්වන අතර ඇය 2010 වසරේ පටන් නිළියක් වගේම නිරූපිකාවක් විදියට හින්දි සිනමාවට සම්භන්ධ වෙලා කටයුතු කරනවා. මෙන්න මේ සිනමාපටවල තමයි ඇය අපිට දැකගන්න ලැබුණේ.
2010( Telugu) Jhummandi Naadam,(Tamil)  Aadukalam ,Arrambam (2013).2015, Baby.,Pink (2016), The Ghazi Attack (2017), Judwaa 2 (2017).

තෙළිඟු සහ දමිල සිනමාපටවල විවිධ චරිතවලට පණ දීලා තියෙන ඇය නැෂනල් අවෝර්ඩ් ඇතුළු විවිධ සමාන උළෙලවලින් සම්මාන රාශියකුත් තමන්ගේ නමට ලියාගෙන ඉන්නේ. ඇයගේ නම තමයි තාප්සී පන්නු. තාප්සී පන්නු තමයි මන්මර්සියාං හින්දි සිනමාපටයේ ඒ දඟකාර කෙළිලොල් යුවතියගේ චරිතයට පණ පොවන්නේ. ඔවුන්ට අමතරව මේ හින්දි සිනමාපටයෙහි අෂ්නූර් කෞවුර්, ආක්ෂය අරෝරා, පවන් මල්හෝත‍්‍රා සහ ගුර්ප‍්‍රීත් භන්ගූ චරිතයන්ට පණ දෙන අතර විශේෂ ආරාධිතයන් විදියුඅට පූනම් ශාහ් වගේම ප‍්‍රියන්කා ශාහ්ත් මේ සිනමාපටයේ දකින්න ලැබෙන බව තමයි ආරංචිය. මන්මර්සියාං හින්දි සිනමාපටයේ තියෙන ගීත සප්ත ස්වරයෙන් හැඩ කරලා තියෙන්නේ අමිත් ත‍්‍රීවේදී වන වතර එහි එන ගී පදවලට පණ දීලා තියෙන්නේ මෙන්න මේ කට්ටියයි. ඒ තමයි විකී කෞශාල්, මස්තී අලී, සිකන්දර් කලෝන්, ඇමී විර්ක්, ශහීද් මාල්යා, හර්ෂදීප් කෞර්, ජසීම් ශර්මා, විජේයි යම්ලා, නිඛිතා ගාන්ධි, අමිත් ත‍්‍රිවේදී සහ සුහාස් සුවාන්ත් විසිනුයි. අනිත් වැදගත්ම කාරණය තමයි මේ සිනමාපටය පිළිබඳව 2016 දී අනුරාග් කෂ්‍යප් විසින් දැනුම් දුන්නත් එහි ප‍්‍රධාන නළුවා විදියට යොදාගන්නවා කිව්ව අයුෂ්මාන් ඛුරානා සහ භූමී පෙඩ්නේක් වෙනුවට ආභිෂේක් භච්චන් සහ තාප්සී පන්නු තමයි දැන් සිනමාපටයේ ඉන්නේ. ඒ වගේම මේ සිනමාපටය දර්ශන තල විදියට පංජාබය, දිල්ලිය සහ කාශ්මීරය යොදාගෙන තියෙන බව පැවසෙන අතර සිනමාපටය අතරතුර අභිෂේක්ගෙන් කණ්ඩායමේ සෙසු පිරිසට ඇස් රතුවෙන විහිළුවලින් අඩුවක් වුණේ නැති බව තමයි ඉන්දියාවේ මාධ්‍යවල වැඩි දුරටත් සඳහන් කරලා තිබුණේ.  ලබන සතියේත් තවත් රමණීය නවත්ම සිනමාපටයක තතු විත්ති ඔබ වෙත ගෙන එන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්.


► Translation — Chandana Waravitage

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00