2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා

කොල්ලන්ට පෙමිබැන්ද ලස්සන හොල්මනක්!

 2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 163

මේ ගස් කොළං පිරිච්ච සුන්දර ගම්මානයක සිදුවීමක්. මේ ගම්මානයේ ජීවත් වෙන්නේ බොහොම අහිංසක මිනිස්සු. ඒත් අවුරුදු කිහිපයක ඉඳන් මේ ගම්මානයේ ජීවත් වෙන මිනිස්සුන්ගේ ජන ජීවිතයට ගැටලුවක් පැන නැගිලා තියෙනවා. ඒ මොකක්ද දන්නවද? මේ ගම්මානයේ නම චන්දේරී. මේ අවුරුදු කිහිපයක ඉඳන් හිටි ගමන් මේ ගම්මනයේ ජීවත් වෙන පිරිමින්ව හොල්මනක් විසින් පැහැරගෙන යනවා. පිරිමින්ව පැහැරගෙන යන මේ හොල්මනට මේ ගමේ ජීවත්වෙන මිනිස්සු නමක් දමලා තියෙනවා. ඒ මොකක්ද දන්නවද? ස්ත‍්‍රී... ස්ත‍්‍රී තමයි ඒ හොල්මන. ඒකට හේතුව තමයි පිරිමින් පැහරගෙන යන්නේ ස්ත‍්‍රීයක් වීම. විකී කියන්නේ මේ ගම්මානයේ ජීවත් වෙන කඩවසම් තරැණයෙක්. ගම්මානයේ හැමෝම හොල්මනක් විසින් පිරිමින් පැහරගෙන යනවා කියන කතාව විශ්වාස කළත් අද අපේ කතාවේ නායකයා විකීනම් ඒක විශ්වාස කළේ නැහැ. 

ඔන්න එක දවසක් විකීට එක පාරක් දැක්කම ආපහු හැරිලා බලන්න තරම් ලස්සන යුවතියක් හම්බවෙනවා. දවසක් දෙකක් යනකොට ඒ දෙන්නට දෙන්නා ටිකෙන් ටික ගොඩාක් ළංවෙනවා. ඒත් විකීගේ යහළුවන් වන ජානා සහ බිටූ සැක කරන්නේ විකී මේ අහුවෙලා ඉන්නේ ස්ත‍්‍රී කියන ආත්මයට කියලයි. ඒත් විකීට නම් ඒ ගැන වගේ වගක් නැහැ. ඔහු ඇයට මහා ගොඩාක් ආදරය කරනවා. ඒත් ඔන්න දවසක් හිටි හැටියෙම ජානාත් අතුරුදන් වෙනවා. විකී ඒ අභිරහස හොයාගන්නේ කොහොමද? ඒ ගැන දැනගන්නනම් ඔබට අමර් කෞශික් අධ්‍යක්ෂණය කළ දිනේෂ් විජාන් සහ රාජ් සහ ඩී. කේ අධ්‍යක්ෂණය කළ සුමිත් අරෝරා විසින් දෙබස් ලියලා තියෙන ස්ත‍්‍රී හින්දි සිනමාපටය නරඹන්නම වෙනවා. ස්ත‍්‍රී හින්දි සිනමාපටයේ තිර රචනය කරලා තියෙන්නේ රාජ් නිඩිමොරු සහ ක‍්‍රිෂ්ණා ඩී. කේ විසින්. ස්ත‍්‍රී හිනිදී සිනමාපටය 2018 අගෝස්තු 31 වැනිදා ඉඳන් ඉන්දියාව ඇතුළු ලොව පුරා පිහිටි සිනමාශාලාවල ප‍්‍රදර්ශනය ඇරඹුණු ඉන්දියානු රුපියල් කෝටි එකොළහක් වියදම් කරලා හදලා තියෙන ස්ත‍්‍රී හින්දි සිනමාපටය සප්ත ස්වරයෙන් හැඩ ගන්වලා තියෙන්නේ සචින් සහ ජිගර්. ආ... කියන්න අමතක වුණානේ. ස්ත‍්‍රී කියලා හින්දියෙන් කියන්නේ සිංහලෙන් කියන ස්ත‍්‍රියමට තමයි. ඒ කියන්නේ කාන්තාව කියන තේරැමම තමයි ස්ත‍්‍රී කියන්නෙත්. දැන් අපි බලමු මේ සිනමාපටයේ චරිතවලට පණ පොවන්නේ කවුද කියලා. විකීගේ චරිතයට පණ පොවන්නේ 1984 අගෝස්තු 31 වැනිදා ඉන්දියාවේ හර්යානාවල ගුර්ගාවොන්වලදී ඉපදිලා තියෙන 2010 වසරේ ඉඳලා හින්දි සිනමා නළුවෙක් විදියට කටයුතු කරන මෙන්න මේ සිනමාපටවලින් ඔබ හඳුනා ගත් ඔහුයි.

Love Sex Aur Dhokha (2010), Kai Po Che! (2013), Shahid (2013), Queen (2014), CityLights (2014), Aligarh (2016), Trapped (2017), 2017 Bareilly Ki Barfi 2012,  Gangs of Wasseypur – Part 2, Chittagong , Talaash
දිල්ලි විශ්ව විද්‍යාලයේ උපාධිධරයෙක් වන ඔහු නැෂනල් අවෝර්ඩ්ස්, ෆිලම්ෆෙයාර් සම්මාන තුනක් සහ ඒෂියා පැසිෆික් ස්ක‍්‍රීන් අවෝර්ඩ් ඇතුළු සමාන උළෙල කිහිපයකින් තමන්ගේ නමට සමාන කිහිපයක් ලියා ගන්න සමත්වෙලා තියෙන ඔහු රාජ් කුමාර් යාදෙව් වුණත් අපි ඔහුව දන්නේ රාජ්කුමාර් රා ඕ කියන නමිනුයි. රාජ්කුමාර් රා ඕ තමයි ස්ත‍්‍රී හින්දි සිනමාපටයේ විකීගේ චරිතයට පණ පොවන්නේ. ඊගාවට කියන්න හදන්නේ ස්ත‍්‍රී කියන චරිතයට පණ පොවන්නේ කවුද කියන එකයි. 1987 මාර්තු 03 වැනිදා ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍රාවල මුම්බයිවලදී ඉපදුණු ඇය 2010 වසරේ පටන් හින්දි සිනමාවේ සිනමා තාරකාවියක් විදියට කටයුතු කරන අතර මන්ගේෂ්කාර් සහ බර්මන් පවුල්වල නියෝජනය කිරීමක් විදියට තමයි ඉන්දියාවේ ජනමාධ්‍යවේදීන් ඇයව හඳුන්වන්නේ. මෙන්න මේ සිනමාපට ඔබත් නරඹලා තියෙනවනම් එක පාරක් හත් අට පාරක් වත් දකින්න හිතෙන තරම් සුන්දරත්වයක් තියෙන මේ කියන්න හදන දඟකාර කෙල්ලව ඔබටත් මතක් වෙන්නම  ඕන. 
2010 Teen Patti, Luv Ka The End (2011).Aashiqui 2 (2013), Haider (2014), Ek Villain (2014),ABCD 2 (2015),Baaghi (2016), Rock On 2 (2016) Haseena Parkar (2017).

ඇය රංගන ශිල්පිනියක් වගේම ගායිකාවක් විදියටත් බොලිවුඩ් සිනමාවේ කටයුතු කරන අතර ඇය හින්දි සිනමා නළුවෙක් වන ශක්ති කපූර්ගේ දියණිය ශ්‍රද්ධා කපූර්. ශ්‍රද්ධා කපූර් ෆිල්ම් ෆෙයාර් සම්මාන ඇතුළු විවිධ සිනමා සම්මාන උළෙලවලින් සම්මානයට පාත‍්‍ර වුණු දක්ෂ නිළියක්නේ. ඉතින් ඔන්න ඇය තමයි ස්ත‍්‍රී සිනමාපටයේ ස්ත‍්‍රීයගේ චරිතයට පණ පොවන්නේ. ඊට අමතරව රුද්‍රා කියන චරිතයට පන්කජ් ත‍්‍රිපාතීත් බිට්ටුගේ චරිතයට අපර්ශක්තී ඛුරානාට අමතර අභිෂේක් බැනජී, විජේය් රාස් ද විවිධ චරිතවලට පණ පොවන අතර කමරියා කියන් ගීතය සඳහා නොරා ෆටේහි සහ ආ ඕ කභී හවේලී පේ කියන ගීතය සඳහා ක‍්‍රිටි සැනොන් ද අරාධිත රංගනයක නිරත වෙනවා. ඉන්දියාවේ ගම්බද පෙදෙස්වල පුරා වෘතාන්තයක් වන නාලේ බා කියන චරිතය පාදක කරගෙන තමයි මේ ස්ත‍්‍රී හින්දි සිනමාපටය හදලා තියෙන්නේ කියන එකත් මතකයේ තියාගෙනම මේ සිනමාපටය රසවිඳින්න ඔබට තව වැඩි දවසක් බලාගෙන ඉන්න නැහැ. ස්ත‍්‍රී හින්දි සිනමාපටයේ තියෙන සුන්දර ගීතවල පද මාලවන් ලියලා තියෙන්නේ වායූ මිකා සිං. වායූ ආස්ත‍්‍රා ගිල් සහ වායූ ඇෂ් කින්ග් වන අතර සචින් සහ ජිගර් විසින් සප්ත ස්වරයෙන් හැඩ කරලා තියෙන ඒ ගී පද මාලාවන්ට පණ දෙන්න තමන්ගේ හඬ දීලා තියෙන්නේ සචින් සහ ජිගර්, දිව්‍යා කුමාර් සහ ජිගර් බාද්ශාහ, නිඛිතා ගාන්ධී. 

අවසානයේදී ස්ත‍්‍රිය ගැන හරියටම දැනගන්න ස්ත‍්‍රී සිනමාපටය නරඹන්න අමතක නොකරන ලෙස මතක් කරන්නම්.

 

► Translation — Chandana Waravitage

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00